BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ලාංකීය වම කැටපතක් ඉදිරියට රැගෙන ආ My Red Comrade (වීඩියෝ)

T

The Leader

May 12, 2024 • 1:40 AM

ලාංකීය වම කැටපතක් ඉදිරියට රැගෙන ආ My Red Comrade (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • My Red Comrade සිනමා නිර්මාණය මාන කිහිපයකින් කියවිය හැකි අපූර්ව නිර්මාණයකි.
  • පළමු මානය: සිනමා අධ්‍යක්ෂවරයා පවසන පරිදි ම My Red Comrade යනු: අවම පිරිවැයකින්, අවම දින ගණනක් ඇතුළත, සීමා සහිත ඉඩ ප්‍රමාණයක, අවම රංගවේදින් පිරිසක් සහභාගි කරගෙන නිර්මාණය කළ සිනමා නිර්මාණයකි.
  • තෙවන මානය ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය මෙන් ම වාමාංශික ක්‍රියාධරයා පිළිබඳ අනෙකාගේ මනසෙහි තැන්පත්ව තිබෙන ප්‍රතිරූපය සහ අදාළ පාර්ශ්ව නියෝජනය කරන පුද්ගලයන්ගේ සැබෑ ප්‍රතිරූපය කෙබඳු ද යන්න සිනමාකරුවා ඉතා සියුම් අන්දමින් ප්‍රේක්ෂක මනස තුළට ඇතුළු කරයි.
  • සිතිවිලි නව්‍යකරණය විය යුතු බව පවසන්නී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ මාන වෙන් වෙන් වශයෙන් කියවිය හැකි අතර ම සමස්ත නිර්මාණය ම එක මිටට ගෙන ද කියවිය හැකි ය.

පළමු මානය:

සිනමා අධ්‍යක්ෂවරයා පවසන පරිදි ම My Red Comrade යනු: අවම පිරිවැයකින්, අවම දින ගණනක් ඇතුළත, සීමා සහිත ඉඩ ප්‍රමාණයක, අවම රංගවේදින් පිරිසක් සහභාගි කරගෙන නිර්මාණය කළ සිනමා නිර්මාණයකි. එය සිනමා කර්මාන්තය පාර්ශ්වයෙන් මෙන් ම අනාගතයේ සිනමාකරණයේ නියැළීමට බලාපොරාත්තු වන පුද්ගලයන්ට ඉමහත් පිටිවහලකි.

MY RED COMRADE : 'කොම්රේඩ්ඩුකාර දිවුලෝ. ආදරෙයි මචං' - (මංජුල වෙඩිවර්ධන)
නමුදු එය ප්‍රේක්ෂක ප්‍රජාව වෙත එතරම් විශේෂිත කරුණක් නොවේ. ප්‍රේක්ෂක ප්‍රජාව බලාපොරොත්තු වන්නේ සිනමා නිර්මාණයක් නරඹා කිසියම් ආශ්වාදයක් ලැබීම ය; නැවුම් යමක් කියවා ගැනීම ය. එකී එම පාර්ශ්ව ද්විත්වය ම මෙම සිනමා නිර්මාණය තුළ අන්තර්ගතව පවතී.

දෙවන මානය

සම්භාව්‍ය සිනමා නිර්මාණ තුළ වඩාත් දක්නට ලැබෙන්නේ අවම දෙබස් සහිත, රුප රාමු හරහා කියවාගත හැකි, නළු නිළියන්ගේ ආංගික අභිනය සහ සාත්වික අභිනය සහිත රූප රාමු ය. My Red Comrade සිනමා නිර්මාණය තුළ යට කී ලක්ෂණ මැනවින් අන්තර්ගත වන අතර ම වාචික අභිනය ද ඉතා මැනවින් පිළිබිඹු කෙරේ.

 

My Red Comrade : ඔබ ඡන්දය හිමි වැඩිහිටියෙක් නම් මේ ඔබේ සිනමාවයි
ඔහු සහ ඇය සිය අතීත අත් දැකීම් ප්‍රේක්ෂක ප්‍රජාව හමුවට රැගෙන එන්නේ වාචික අභිනයෙනි. එම කාල සීමාව තුළ ඊට අදාළ රූප රාමු අධ්‍යක්ෂකවරයා ප්‍රදර්ශනය නොකළ ද ප්‍රේක්ෂක ප්‍රජාව එම දර්ශන පෙළ මනසෙහි සිතුවම් කරගන්නවා නිසැක ය. මෙය ප්‍රේක්ෂක ප්‍රජාවට නැවුම් අත් දැකීමක් වනු නොඅනුමාන ය.

තෙවන මානය

ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය මෙන් ම වාමාංශික ක්‍රියාධරයා පිළිබඳ අනෙකාගේ මනසෙහි තැන්පත්ව තිබෙන ප්‍රතිරූපය සහ අදාළ පාර්ශ්ව නියෝජනය කරන පුද්ගලයන්ගේ සැබෑ ප්‍රතිරූපය කෙබඳු ද යන්න සිනමාකරුවා ඉතා සියුම් අන්දමින් ප්‍රේක්ෂක මනස තුළට ඇතුළු කරයි. නමුදු එය කිසිදු සතුරු ප්‍රතිවිරෝධතාවකින් කරන්නක් නොව මිතුරු ප්‍රතිවිරෝධතාවකින් කරන්නකි.

My Red Comrade මැයි 17 සිට : 'දිවුලා සිනමාව කියල දුන්නු කෙනෙක්' - හඳගම
වරද පවතින්නේ නිර්මාණකරුවාගේ නොව නිර්මාණය නිවැරැදිව කියවා ගැනීමට අසමත් හෝ කියවා ගැනීමට සමත් වුව ද යථාර්ථය පිළිගැනීමට අකමැති ශ්‍රී ලාංකීය වම තුළ ය.

සිව්වන මානය

ශ්‍රී ලාංකීය වමේ ව්‍යාපාරය (පැරණි සහ නූතන යන දෙපාර්ශ්වය ම) නව්‍යකරණයට ලක් නොවූ, යාවත්කාලීන නොවූ, නව්‍ය සිතුම් පැතුම් සිය ව්‍යාපාරයට මුසු කර නොගන්නා චිරාගත සම්ප්‍රදාය ගුරු කර ගත් දේශපාලන ව්‍යාපාරයකි. My Red Comrade හි ‘ඇය’ මෙම අති පැරණි වමට අලුතින් යමක් සිතන්නට මග පෙන්වන්නී ය; ඊට අදාළ උපදෙස් ද ලබා දෙන්නී ය. සිතිවිලි නව්‍යකරණය විය යුතු බව පවසන්නී ය.

 

දිවුලාගේ My Red Comrade : තරින්දි ඇස් මවිත කරනසුලු රංගනයක
නමුදු ‘ඔහු’ ඇගේ අදහස් කෙතෙක් දුරට විශ්වාස කරනවා ද, පිළිගන්නවා ද යන්න අපහැදිලි ය. ඒ, ශ්‍රී ලාංකීය වාමාංශික ව්‍යාපාරයේ සැබෑ පිළිබිඹුව ය.

සමස්තය

My Red Comrade යනු එක් පසෙකින් පාලක පෙළැන්තියේ ම්ලේච්ඡත්වය, මුග්ධත්වය පිළිබිඹු කරන නිර්මාණයක් වන අතර ම තවත් පසෙකින් එකී ම්ලේච්ඡත්වයට සහ මුග්ධත්වයට අභියෝග කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ වමේ ව්‍යාපාරයට සියුම් පාඩමක් කියා දෙන නිර්මාණයකි. එබැවින් My Red Comrade : පැරණි වමාංශික ව්‍යාපාර ද, නූතන වාමාංශික ව්‍යාපාර ද, අනාගතයේ කල එළි බැසීමට බලාපොරොත්තු වන වාමාංශික ව්‍යාපාර ද අනිවාර්යයෙන් නැරඹිය යුතු සිනමා නිර්මාණයකි.


වීරයා ගෙදර ඇවිත්' හෙළිදරව් කළේ මොනවා ද? - ජයසිරි අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
2024/05/12

ජයසිරි සහ My Red Comrade අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව අතර සංවාදයක් පහත විඩියෝවෙන් නරඹන්න



සබැඳි ලිපි :

My Red Comrade මැයි 17 සිට : 'දිවුලා සිනමාව කියල දුන්නු කෙනෙක්' - හඳගම 

My Red Comrade : හිත ගැස්සුණු චිත්‍රපටියක් - (සිසිරයාපා)

මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය - (චමිල් ජයනෙත්ති)

විප්ලවවාදීන් වෙත අගනා පාඩමක් උගන්වන 'MY RED COMRADE' -  (ජයසිරි අලවත්ත)

My Red Comrade සිංහල සිනමාවේ අපූරු පර්යේෂණයක් - (සරෝජ් පතිරණ)

PVR ෆිල්ම් හෝල් එක පව්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

'කොම්රේඩ්ඩුකාර දිවුලෝ. ආදරෙයි මචං' - (මංජුල වෙඩිවර්ධන

දිවුලාගේ My Red Comrade : තරින්දි ඇස් මවිත කරනසුලු රංගනයක - (චින්තන ධර්මදාස)

MY RED COMRADE : අළුත් පරම්පරාවට හොඳ පාඩමක් - (විෂ්ණු වාසු)  

MY RED COMRADE : වම පිළිබඳ වඩා බරපතළ සංවාදයකට නිමිත්තක් - (ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන) 

MY RED COMRADE : ඔබ ඡන්දය හිමි වැඩිහිටියෙක් නම් මේ ඔබේ සිනමාවයි - (හිනිදුම සෙනවි) 

අද මාර්තු 8 : ගැහැණු අපි ඇත්තටම කවුද? 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...