බවත්, මේ කරුණත් සමග ප්‍රශ්න සහගත කරුණු රැසක් හෙළිදරව් වන බැවින් මෙහි සත්‍යතාව රජය පැහැදිලි කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය සමග අද (08) විපක්ෂ නායක කාර්යාලෙය් පැවැති සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
දැනගත යුතු කරුණු කිහිපයක්
''මෙහි බරපතළ ගැටලුව වන්නේ මේ කන්ටේනර් 02 වරායෙන් එළියට ආවේ කොහොම ද කියන එකයි. ජාත්‍යන්තර බුද්ධි අංශ හරහා නිරතුරුවම අප රටේ කුඩු සහ කුඩු ව්‍යාප්තිය ගැන තොරතුරු ලබා දෙනවා. මේ කන්ටේනර් 02 ගැනත් ජාත්‍යන්තර බුද්ධි අංශ අප රටට තොරතුරු දැනුම් දුන්නේ ද කියා දැන ගැනීමට අවශ්‍ය යි. එම තොරතුරු ලැබුණු දිනයත්, එම තොරතුරු සම්බන්ධයෙන් පරික්ෂණ කළ අය මෙන්ම එම පරීක්ෂණ පැවැත්වූ කාලවකවානුවත්, මෙම පරික්ෂණවලින් පසුවත් මෙම කුඩු අමුද්‍රව්‍ය කන්ටේනර් දෙක නිදහස් වුවා ද කියා දැන ගැනීමට අවශ්‍යයි.
මෙම කන්ටේනර් නිදහස් කළා නම්, ඒ නිදහස් කිරීමේ ක්‍රියාවලියට හවුල් වූ පුද්ගලයන් සහ ආයතන සම්බන්ධ කරුණු පිළිබඳ සත්‍ය හෙළිදරව් කළ යුතු යි. එය රජයේ වගකීමක්. ජාත්‍යන්තර බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් දැනුවත් කළාට පසු එම කන්ටේනර් හඳුනා ගෙන පරීක්ෂා කරා ද කියා දැන ගැනීමට අවශ්‍ය යි. මෙම කන්ටේනර් නිදහස් කිරීමට පදනම් වූ කරුණු මෙන්ම පසුගිය දා පරීක්ෂා නොකර එළියට දැමූ කන්ටේනර් 323ට මෙය අයත් ද කියා දැන ගැනීමටත් අවශ්‍ය යි.
රජයේ වගකීම
එමෙන් ම මෙම කුඩු අමුද්‍රව්‍ය කන්ටේනර් නිදහස් වීම ගැන සියලු තොරතුරු රටට හෙළිදරව් කළ යුතු යි. මේ කුඩු කන්ටේනර් නිදහස් වීම තුළ ප්‍රශ්න සහගත කරුණුවලට සත්‍ය හෙළිදරව් කළ යුතු යි. ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව මත් රකුසා, මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පරාජය කරන්න කටයුතු කළ යුතු යි. මේ ගමනේදී සත්‍ය තොරතුරුවලින් ජනතාව දැනුවත් කිරිම රජයේ වගකීමකි.




