The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මොරටුව සරසවියේ මහාචාර්ය ඒකක කළුතර රෝහලෙහි හෙට (04) ආරම්‍භ කෙරේ

T

The Leader Desk

September 3, 2025 • 3:41 PM

මොරටුව සරසවියේ මහාචාර්ය ඒකක කළුතර රෝහලෙහි හෙට (04) ආරම්‍භ කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කළුතර ශික්ෂණ රෝහල තුළ හෙට (04) ආරම්‍භ කෙරේ.
  • ඒ යටතේ කළුතර නාගොඩ ශික්ෂණ රෝහල තුළ මේ වන විට ප්‍රසව හා නාරි රෝග මහාචාර්ය ඒකකය, ළමා රෝග මහාචාර්ය ඒකකය, මානසික රෝග මහාචාර්ය ඒකකය ස්ථාපනය කර ඇත.
  • හෙට (04) ආරම්භ කිරිමට නියමිත කායික රෝග මහාචාර්ය ඒකකය සහ ශල්‍ය රෝග මහාචාර්ය ඒකකය සමඟින් වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව සඳහා අවශ්‍යවන මහාචාර්ය ඒකක පහම කළුතර නාගොඩ ශික්ෂණ රෝහල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම සම්පුර්ණ වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කළුතර ශික්ෂණ රෝහල තුළ හෙට (04) ආරම්‍භ කෙරේ.

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය  පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන ගුණාත්මකත්වය සහ සායනික පුහුණුව වැඩිදියුණු කිරීමටත්, අනාගත වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය වෘත්තීකයන්ට උසස් අධ්‍යාපන හා පුහුණුව ලබාදීමත් මෙන් ම කළුතර ප්‍රදේශය සෞඛ්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමත් අරමුණු කර ගනිමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකක ස්ථාපනය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා ලද බව එම අමාත්‍යංශය විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන්වේ.

ඒ යටතේ කළුතර නාගොඩ ශික්ෂණ රෝහල තුළ මේ වන විට ප්‍රසව හා නාරි රෝග මහාචාර්ය ඒකකය, ළමා රෝග  මහාචාර්ය ඒකකය, මානසික රෝග මහාචාර්ය ඒකකය ස්ථාපනය කර ඇත.


හෙට (04) ආරම්භ කිරිමට නියමිත කායික රෝග මහාචාර්ය ඒකකය සහ ශල්‍ය රෝග මහාචාර්ය ඒකකය සමඟින් වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව සඳහා අවශ්‍යවන මහාචාර්ය ඒකක පහම කළුතර නාගොඩ ශික්ෂණ රෝහල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම සම්පුර්ණ වේ.


මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයේ මේ විට වර්ෂ හතරකට අදාළ වෛද්‍ය සිසුන් 400 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යයන කටයුතු වල නිරතව සිටින අතර එහි සිව්වන වසරේ අධ්‍යයන කටයුතු සිදුකරන වෛද්‍ය සිසුන් සිය දෙනෙකුට අවශ්‍ය වන මහාචාර්ය පුහුණුව ලබා දීම් කටයුතු මෙම මාසය තුළ දීම ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් පරිදි මෙම මහාචාර්ය ඒකක ස්ථාපිත කරන ලද බව අමාත්‍යංශ නිවේදනයේ තව දුරටත් සඳහන් වේ.

මේ අතර මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨ ශිෂ්‍ය සංගමය පවසන්නේ, මොරටුව මහාචාර්ය ඒකකය කළුතර රෝහලෙහි පිහිටු වීම කළ ද එම තීරණය හේතුවෙන් සිසුන්ට ප්‍රායෝගිකව ඇතිවන අපහසුතා සහ ශික්ෂණ රෝහලක් තුළ සිසුන්ගේ අධ්‍යාපනය සිදුකිරිමේ දී සලසා තිබිය යුතු පහසුකම් පිළිබඳව සිසුන්ගෙන් අදහස් විමසීමක් සිසුන්ගෙන් සිදුකර නොමැති බවයි.


සබැඳි පුවත් :

මොරටුව මහාචාර්ය ඒකකය කළුතර රෝහලෙහි පිහිටුවීමෙන් ශිෂ්‍යයින් අර්බුදයක !


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...