බ්‍රහස්පතින්දා ප.ව. 2.00 ට විශ්ව විද්‍යාලයීය සනාතන සභා ශාලාවේදී පැවැත්වේ.
විශ්ව විද්‍යාලයේ කුලපති සම්මානිත මහාචාර්ය කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ, කැලණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති සම්මානිත මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා සහ කැලණිය ආදි විද්‍යාර්ථින්ගේ සංගමයේ සභාපති රාජා ප්‍රේමදාස මහතා ඇතුව සම්භාවගීය ආචාර්ය මහාචාර්ය රාජ්‍ය නිලධාරීන් සහ පරිත්‍යාගශීලී භවතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ආර්ථික දුෂ්කරතා මැද අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින තෝරාගත් විද්‍යාර්ථින් 151 දෙනෙක් සඳහා රුපියල් තිස් හත් ලක්ෂ පනස් දහසක මුදලක් මෙවර වැයකෙරේ. මෙම මුදල උපයා ගන්නේ සංගමයේ ස්ථාවර තැන්පත් කොට ඇති මුදලේ පොලියෙන්, (ශිෂ්‍යත්ව අරමුදලට ආධාර ලබා ගැනීම සඳහා පවත්වන ලද විදුලකර ගී අරඹ. ගි රහ සොබා, ගී මියැසිය වැනි සංගීත වැඩසටහන් හා නාට්‍ය තිරගත කිරීමෙන් ලබාගත් මුදල්) කුලපති ස්වාමීන් වහන්සේ ඇතුළු විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ, විධායක කමිටු සාමාජිකයින්ගේ මෙන්ම වෙනත් අනුග්‍රහ භවතුන්ගේ ප්‍රදානයන්ගෙන්ය.
මෙම වැඩසටහන යටතේ කැලණිය විශ්වවිද්‍යාලයට අයත් විවිධ පීඨ වල අධ්‍යාපනය ලබන දැඩි දුෂ්කරතා වලින් පීඩිත එහෙත් උසස් අධ්‍යාපන අභිලාෂයන් සඳහා ඉතා උනන්දුවෙන් කටයුතු කරන විද්‍යාර්ථින්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අත්වැලක් සැපයීමේ උතුම් පරමාර්ථයෙන් යුතුව මාසිකවම මුදල්මය ආධාර ලබාදීම සිදුකෙරේ.
මෙම තත්ත්වය අනුව මෙලෙස ශිෂ්‍යත්ව, ශිෂ්‍යාධාර අයදුම්කරුවන් අතරින් ඉතා ප්‍රබලතම ආර්ථික ගැටළු වලට මුහුණ පා සිටින සියළුදෙනාටම අත්වැලක් වීමට සංගමයටත්, සංගමයේ සාමාජික මහතුන්ටත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් බිහිව සමාජයේ විවිධ ස්ථරවල සිටින අපගේ සියළුම විද්‍යාර්ථයින්ටත්, වෙනත් පරිත්‍යාගශීලීන්ටත් මෙම සත්කාරය වඩාත් ශක්තිමත් කර ගැනීමට එක්වන ලෙස කැලණිය ආදී විද්‍යාර්ථින්ගේ සංගමයේ, සමස්ත ලංකා කාරකසභික, රූබන් වික්‍රම ආරච්චි මහතා ඉල්ලීමක් කරයි.
(සටහන | ජේ.මුණසිංහ)




