The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මධ්‍ය රජයේ සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රු.බි. 1,060 කින් ඉහළට

T

The Leader Desk

October 21, 2025 • 10:58 AM

මධ්‍ය රජයේ සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රු.බි. 1,060 කින් ඉහළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව, සැප්තෑම්බර් සිට ජූනි දක්වා මාස 9 තුල සෑම මසකටම රු.
  • බැගින් ‘නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය’ ඉහළ යමින් ඇත.
  • එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
  • රජය බදු ආදායම, විදේශ ප්‍රේෂණ සහ සංචාරක ආදායම් වැඩි කර ගැනීමට සමත්ව ඇති නමුත්, දිගින් දිගටම රටේ නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළයාම බලවත් අර්බුදයකි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, සැප්තෑම්බර් සිට ජූනි දක්වා මාස 9 තුල සෑම මසකටම රු. බි. 117.79 බැගින් ‘නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය’ ඉහළ යමින් ඇත.

රාජ්‍ය ණය ප්‍රමාණය අඛණ්ඩව වැඩිවීමත්, විදේශ සංචිත ඉහළ දමා ගැනීමට නොහැකිවීමත්, අය වැය මගින් වෙන් කල ප්‍රාග්ධන අරමුදල් වැය කර ගත නොහැකිව ආපසු භාණ්ඩාගාරයට හරවා යැවීමට සිදුවීමත් ආර්ථික වර්ධනයට බලපෑම් කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් නික්තු කළ නිවේදනයක දැක්වේ.  

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

 

රජය බදු ආදායම, විදේශ ප්‍රේෂණ සහ සංචාරක ආදායම් වැඩි කර ගැනීමට සමත්ව ඇති නමුත්, දිගින් දිගටම රටේ නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළයාම බලවත් අර්බුදයකි. මෙම තත්වය වඩාත් කැපී පෙනෙන්නේ අය වැය මගින් වෙන්කල ප්‍රාග්ධන මුදල් වැය කර ගැනීමට නොහැකිව නැවත භාණ්ඩාගාරය වෙත යොමුවීම නිසා රටේ ආර්ථික වර්ධනය ද අඩාලවීම නිසාය.

 

ණය බර වැඩිවීම

* 2025 ජනවාරි සිට ජූනි දක්වා ලංකාවේ දේශීය ණය රු. බිලියන 18,309.66 සිට රු. බිලියන 18,806.08 දක්වා රු.බි.  496.42 කින් වැඩිවී ඇත.  

* 2025 ජනවාරි සිට ජූනි දක්වා භාණ්ඩාගාර බැඳුම්කර රු. බිලියන 14,079.20 සිට රු.බි. 14,944.78 දක්වා රු.බි. 865.58  තීව්ර වැඩිවීමක් සිදු ව ඇත.

* එම කාලය තුල රු.බි. 10,429.04 ක් වූ විදේශ ණය ප්‍රමාණය රු. බි. 10,828.70 දක්වා රු.බි.  399.66 කින් වැඩිවී ඇත.

* මේ අනුව, මේ වසර ආරම්භයේ දී රු.බි. 28,738.70 ක් වූ,  ශ්‍රී ලංකා ජනරජයේ සමස්ත ණය ප්‍රමාණය ජූනි මස අවසානය වන විට රු. බි. 29,634.78 දක්වා රු.බි. 896.08 කින් ඉහළ ගොස් ඇත.

* අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත් වූ 2024 සැප්තෑම්බර් මස අවසානයේ සිට ජූනි දක්වා (මාස 9 ට) ලංකාවේ දේශීය ණය රු. බිලියන 17,595.05 සිට රු. බිලියන 18,806.08 දක්වා රු.බි.  1,211.03 කින් වැඩිවී ඇත.  

* පුනරුද රජය බලයට පත් වූ 2024 සැප්තෑම්බර් මස භාණ්ඩාගාර බැඳුම්කර ණය රු. බිලියන 13,198.51 ක් වූ අතර, එය 2025 ජූනි වන විට (මාස 9 ක් තුල) රු.බි. 14,944.78 දක්වා රු.බි. 1,746.27 කින් වර්ධනය වී ඇත.  

 

නව රජය බලයට පත්වී පාර්ලිමේන්තුව විසිරුවා හරින විට රු.බි. 10,979.60 ක් වූ, සමස්ත විදේශ ණය ප්‍රමාණය රු. බි. 10,828.70 දක්වා රු.බි. 150.70 කින් පහත වැටී තීබීම යහපත් තත්වයකි. බංකොලොත් භාවය ප්‍රකාශ කිරීමෙන් පසුව ද, ලංකා රජය අඛණ්ඩව බහුපාර්ශවීය ණය සහ පොලිය ගෙවමින් සිටී.

 

ජනාධිපතිවරණය පැවති 2024 සැප්තෑම්බර් අවසානය වන විට රු.බි. 28,574.65 ක් වූ,  ශ්‍රී ලංකා ජනරජයේ සමස්ත ණය ප්‍රමාණය ජූනි මස අවසානය වන විට (මාස 9 ක් තුල)  රු. බි. 29,634.78 දක්වා රු.බි. 1,060.13 කින් ඉහළ ගොස් ඇත.

විදේශ සංචිත පහත වැටීම

 

2025 මාර්තු මස ඩො. මි. 6,531 ක් වූ විදේශ සංචිත, අගෝස්තු අග වන  විට  දළ විදේශ වත්කම් ඩොලර් මිලියන 6,178 දක්වා ඩො.මි. 353 කින් පහත වැටී ඇත. 2023 – 2024 වසරවල මසකට ඩො. මි. 175 බැගින් වර්ධනය වෙමින් පැවති විදේශ සංචිත මේ වසර අවසානයේ ඉලක්කය වූ ඩො.මි. 7,500 ට ලඟාවීම සිදු නොවනු ඇත.

 

රටේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ආයෝජන සිදු කිරීමකින් තොරව, ජනතාව මත බදු බර පැටවීමෙන් පමණක් ආර්ථික ඉලක්ක වෙත ලඟාවීම අතිශියන් දුෂ්කර විය හැකිය.

Rajith(රජිත් කීර්ති තෙන්නකෝන්)
rajith_tennakoon@yahoo.com

විධායක අධ්‍යක්ෂ
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

Former Governor of Uva, Southern and Central Provinces
Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research - CHR Sri Lanka

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මධ්‍ය රජයේ සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රු.බි. 1,060 කින් ඉහළට | The Leader