මෙම මුලපිරීම මූල්‍ය සාක්ෂරතා පෙරදැක්ම යටතේ ක්‍රියාත්මක වන අතර එය '' මූල්‍ය සාක්ෂරතාවයෙන් හෙබි ශ්‍රී ලංකාවක්" නිර්මාණය කිරීමේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් දැක්මට අනුකූල වේ.
මහජනතාවගේ මූල්‍ය හැසිරීම වෙනස් කිරීම, විචක්ෂණශීලී තීරණ ගැනීමට සහය වීම සහ තිරසර ආර්ථික යහ පැවැත්ම ප්‍රර්වර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය දැනුම, කුසලතා සහ ආකල්ප වලින් මහජනතාව සන්නද්ධ කිරීම සඳහා වූ මහ බැංකුවේ දැඩි කැපවීම අවධාරණය කරමින් මෙම මාසය පුරාවටම සුවිශේෂී වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වේ.
රටපුරා මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම සඳහා කරනු ලබන අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස පාසල් ශිෂ්‍යයින්, විශ්ව විද්‍යාල සිසුන්, තරුණයින්, කාන්තාවන් සහ ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇතුළුව විවිධ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් රටපුරා වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහන් මඟින් සමාජයේ සියලු දෙනාම ඇතුළත් වූ සහ සියලු දෙනාටම ප්‍රවේශ විය හැකි මුල්‍ය අධ්‍යාපනයක් සහතික කෙරේ.
මෙම මුලපිරීමේ ප්‍රධාන අංග ලෙස රූපවාහිනී, ගුවන් විදුලි සහ යූ ටියුබ් වැනි ප්‍රධාන මාධ්‍ය හරහා මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ සාකච්ඡාමය වැඩසටහන් පැවැත්වීම මෙන්ම පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා විය හැකි අධ්‍යාපනික වීඩියෝ මාලාවක් විකාශනය කිරීම මෙයට ඇතළත් වේ.
ප්‍රාදේශීය මට්ටමේ මූල්‍ය සාක්ෂරතා දින වැඩසටහන් 6 ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වනු ලබන අතර එතුළින් රටේ ජනතාව සමඟ සෘජු සබඳතා සදහා අවස්ථා නිර්මාණය වේ. මෙයට අමතරව තරුණයින්, කාන්තාවන් සහ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දැනුම්වත් කිරීම සහ විශ්වාසදායක මූල්‍ය තීරණ ගැනීමට බලගැන්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් විශේෂ දැනුම්වත් කිරීමේ සැසි සංවිධානය කරනු ලබයි.
තවද, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය හා එක්ව සුදුසුකම්ලත් පුහුණු කරුවන් සංචිතයක් ඇති කිරීම සඳහා " මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ සහතිකලත් පුහුණුකරු වැඩසටහන " ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දෙනු ලබයි. එයට සමගාමීව දෙමළ භාෂාව කතා කරන ජනතාව සඳහා දෙමළ භාෂාවෙන් පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් ද සංවිධානය කරනු ලබයි.
එමෙන්ම, ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාවගේ දැනුම්වත් භාවය වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මූල්‍ය සාක්ෂරතා පණිවිඩ සහිත සටහන් පොත්, නම් සහිතටිකර සහ පිටු සළකුණු බෙදා හරිනු ඇත. මෙම ප්‍රයත්නයට සමගාමීව කැලණිය විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන " ආයෝජන සතිය " වැඩසටහන සඳහා ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දායකත්වය සපයනු ලබන අතර මෙම වැඩසටහන් දෙක මඟින් මහජනතාව තුළ ඉතිරි කිරීම, ආයෝජනය සහ යහපත් මූල්‍ය හැසිරීම් සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරයි.
මහජනතාවට මෙම මූල්‍ය සාක්ෂරතා මුලපිරීම් සඳහා ක්‍රියාකාරීව සහභාගී වීමටත් මූල්‍යමය වශයෙන් බලගැන්වූ සහ සියලු දෙනාම ඇතුළත් වූ ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා දායකත්වය දැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව දිරිමත් කරයි.
(සටහන | ජේ.මුණසිංහ)




