leader s

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළැයි චෝදනා ලැබ සිට හිටපු ආරකෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  සහ හිටපු පොලිස්පති


පූජිත ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (18) තීරණය කළේය.

නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳි සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාගය ගැණුනි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා ඔවුන් දෙදෙනාට එරෙහිව ගොනුකර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය නියෝගය ප්‍රකාශයට පත්කළ විනිසුරුවරු විත්ති වාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළහ.

 

මෙම නඩුව ගොනුකිරීමට පෙර නීතිපතිවරයාට ඒ පිළිබඳව දෙවරක් සිතාබැලිය යුතුව තිබු බව විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් නියෝගය ප්‍රකාශයට පත්කරමින් පැවසීය.

 

විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සිය තීරණය ප්‍රකාශයට පත්කරමින් පැවසුවේ තීරණ ගැනීම අතින් විත්තිකරු අසරණ තත්ත්වයක පසුවූ බව සාක්ෂිවලින් පෙනීයන බවය.

සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානීයා සිය වගකීම ඉටුකිරීම පැහැරහැර එහි වගකීම ජාතික බුද්ධි ප්‍රධානියා මත පැටවීමට ක්‍රියාකර ඇති බව පෙනී යන්නේ යැයි ද පටබැඳීගේ විනිසුරුවරයා පැවසීය.

මොවුන් අත් අඩංගුවට ගැනීමට උපදෙස්දීම පවා ගැටලු සහගත බවත් විනිසුරු පටබැඳිගේ සඳහන් කළේය.

2019 වසරේ අප්‍රේල් මස 07 වනදා සහ එම මස 21 වනදා අතර කාලසීමාව තුළ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු මෙම සංවිධානයේ සාමාජිකයින් පිරිසක් කොළඹ නගරයෙහි පිහිටි කිතුනු දේවස්ථාන සහ හෝටල් ආශ්‍රිතව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීමට සූදානම් වන බවට ප්‍රමාණවත් විශ්වාස කළ හැකි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැර පුද්ගලයින් 275 දෙනෙකුගේ මරණය සිදුකිරීම සහ 500 ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ට හා හිටපු පොලිස්පතිවරයාට එරෙහිව චෝදනා 855ක් එල්ලකරමින් මෙම නඩුව ගොනුකර තිබුණි.

 

 

Leader Whats app

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්