The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

පාස්කු ප්‍රහාරය: හේමසිරි සහ පූජිත නිදොස් කොට නිදහස්…!

T

The Leader Desk

February 18, 2022 • 10:16 AM

පාස්කු ප්‍රහාරය: හේමසිරි සහ පූජිත නිදොස් කොට නිදහස්…!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පූජිත ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (18) තීරණය කළේය.
  • පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා ඔවුන් දෙදෙනාට එරෙහිව ගොනුකර තිබුණි.
  • දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය නියෝගය ප්‍රකාශයට පත්කළ විනිසුරුවරු විත්ති වාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළහ.
  • මෙම නඩුව ගොනුකිරීමට පෙර නීතිපතිවරයාට ඒ පිළිබඳව දෙවරක් සිතාබැලිය යුතුව තිබු බව විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් නියෝගය ප්‍රකාශයට පත්කරමින් පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


පූජිත ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (18) තීරණය කළේය.

නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳි සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාගය ගැණුනි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා ඔවුන් දෙදෙනාට එරෙහිව ගොනුකර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය නියෝගය ප්‍රකාශයට පත්කළ විනිසුරුවරු විත්ති වාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළහ.

 

මෙම නඩුව ගොනුකිරීමට පෙර නීතිපතිවරයාට ඒ පිළිබඳව දෙවරක් සිතාබැලිය යුතුව තිබු බව විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් නියෝගය ප්‍රකාශයට පත්කරමින් පැවසීය.

 

විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සිය තීරණය ප්‍රකාශයට පත්කරමින් පැවසුවේ තීරණ ගැනීම අතින් විත්තිකරු අසරණ තත්ත්වයක පසුවූ බව සාක්ෂිවලින් පෙනීයන බවය.

සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානීයා සිය වගකීම ඉටුකිරීම පැහැරහැර එහි වගකීම ජාතික බුද්ධි ප්‍රධානියා මත පැටවීමට ක්‍රියාකර ඇති බව පෙනී යන්නේ යැයි ද පටබැඳීගේ විනිසුරුවරයා පැවසීය.

මොවුන් අත් අඩංගුවට ගැනීමට උපදෙස්දීම පවා ගැටලු සහගත බවත් විනිසුරු පටබැඳිගේ සඳහන් කළේය.

2019 වසරේ අප්‍රේල් මස 07 වනදා සහ එම මස 21 වනදා අතර කාලසීමාව තුළ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු මෙම සංවිධානයේ සාමාජිකයින් පිරිසක් කොළඹ නගරයෙහි පිහිටි කිතුනු දේවස්ථාන සහ හෝටල් ආශ්‍රිතව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීමට සූදානම් වන බවට ප්‍රමාණවත් විශ්වාස කළ හැකි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැර පුද්ගලයින් 275 දෙනෙකුගේ මරණය සිදුකිරීම සහ 500 ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ට හා හිටපු පොලිස්පතිවරයාට එරෙහිව චෝදනා 855ක් එල්ලකරමින් මෙම නඩුව ගොනුකර තිබුණි.

 

 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...