The Leader News
BREAKING
ශ්‍රී ලංකා - ප්‍රංශ වයින් හැන්දෑවෙන් දෙරටේ ආර්ථික සබඳතා ශක්තිමත් වෙයි●ආදායම් බදු වාර්තා ගොනු කිරීම දෙසැම්බර් 14 දක්වා දිගු කෙරේ  ●බදු අභියාචනා කොමිසමේ ස්වාධීනත්වය අභියෝගයට ලක්වෙලාද?●සෝමලතා සුබසිංහ ළමා නාට්‍ය උළෙල: උත්තර ලියලාම ජීවිත ගොඩගන්න බැහැ●'දේවී' ගීතයෙන් රසික හදවත් දිනූ ඉසුමි හසිත්මා●පොතක් තරම් වටිනා තෑග්ගක් තවත් නැහැ: කැමිලා රැජින ජාතියටම ලියූ විවෘත ලිපිය●විදෙස් ඔත්තු සේවාවකට රාජ්‍ය රහස් දුන් චීන නිලධාරියාට මරණ දඬුවම●රනිල්ගේ සහ අනුරගේ ශ්‍රී ලංකාව: මාස 26ක ආර්ථික විගණනය●බ්‍රිතාන්‍ය තරුණ පරපුරේ ලිංගික හැසිරීම් වෙනස් වෙයි: නවතම සමීක්ෂණ හෙළිදරව්ව●ඉන්දීය පුරවැසිභාවයටත් පෙර සෝනියා ඡන්ද ලැයිස්තුවේ? දිල්ලි පොලිසියෙන් හෙළිදරව්වක්●
Top Ad
Biz

ශ්‍රී ලංකා - ප්‍රංශ වයින් හැන්දෑවෙන් දෙරටේ ආර්ථික සබඳතා ශක්තිමත් වෙයි

Pasan

Pasan

November 29, 2026 • 11:45 PM

ශ්‍රී ලංකා - ප්‍රංශ වයින් හැන්දෑවෙන් දෙරටේ ආර්ථික සබඳතා ශක්තිමත් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවතින ආර්ථික හා ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කිරීමේ සහ පුළුල් කිරීමේ විශාල හැකියාවක් පවතින බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බට් (Rémi Lambert) මහතා ප්‍රකාශ කළේය.
  • ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ ශ්‍රී ලංකා - ප්‍රංශ ව්‍යාපාරික මණ්ඩලයේ වාර්ෂික උත්සවය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පසුගිය 26දා පැවති අවස්ථාවේදී ප්‍රංශ තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
  • මෙම උත්සවය අමතමින් ප්‍රංශ තානාපතිවරයා දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගිතාව වර්ධනය කිරීමේදී ශ්‍රී ලංකා - ප්‍රංශ ව්‍යාපාරික මණ්ඩලයට සුවිශේෂී කාර්යභාරයක් පැවරී ඇති බව සඳහන් කළේය.
  • මෙය පූර්ව සහභාගිත්වයන් හා සසඳන විට කැපී පෙනෙන වර්ධනයක් වන අතර, එමගින් ශ්‍රී ලංකා වෙළඳපොළ කෙරෙහි ප්‍රංශ වයින් නිෂ්පාදකයින්ගේ ඇති උනන්දුව මෙන්ම ඉදිරි ව්‍යාපාරික ව්‍යාප්තිය සඳහා පවතින හැකියාව මනාව පිළිබිඹු වන බවද සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවතින ආර්ථික හා ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කිරීමේ සහ පුළුල් කිරීමේ විශාල හැකියාවක් පවතින බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බට් (Rémi Lambert) මහතා ප්‍රකාශ කළේය.

ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ ශ්‍රී ලංකා - ප්‍රංශ ව්‍යාපාරික මණ්ඩලයේ වාර්ෂික උත්සවය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පසුගිය 26දා පැවති අවස්ථාවේදී ප්‍රංශ තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

img-20261129-234522-mceclip0-2hn3VK.jpg

ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ ශ්‍රී ලංකා - ප්‍රංශ ව්‍යාපාරික මණ්ඩලය විසින් Modart International ආයතනය හා එක්ව සංවිධානය කරන ලද වාර්ෂික වයින් හැන්දෑව සහ විලාසිතා දැක්ම (Annual Wine Evening and Fashion Show) මෙවර ඉතාමත් උත්කර්ෂවත්ව පැවැත්විණි.

මෙම උත්සවය අමතමින් ප්‍රංශ තානාපතිවරයා දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගිතාව වර්ධනය කිරීමේදී ශ්‍රී ලංකා - ප්‍රංශ ව්‍යාපාරික මණ්ඩලයට සුවිශේෂී කාර්යභාරයක් පැවරී ඇති බව සඳහන් කළේය.

ප්‍රංශ වයින් වෙළඳපොළ සහ නව ව්‍යාපාරික අවස්ථා

ශ්‍රී ලංකාව තුළ ප්‍රංශ වයින් සඳහා පවතින ඉල්ලුම සහ උනන්දුව ක්‍රමයෙන් වර්ධනය වන බව නිරීක්ෂණය වන බව පැවසූ තානාපතිවරයා, Business France ආයතනය මගින් සංවිධානය කරන ලද මෑතකාලීන ව්‍යාපාරික හමුව සඳහා ප්‍රංශ සමාගම් 13ක් සහභාගී වූ බව මතක් කර දුන්නේය.

මෙය පූර්ව සහභාගිත්වයන් හා සසඳන විට කැපී පෙනෙන වර්ධනයක් වන අතර, එමගින් ශ්‍රී ලංකා වෙළඳපොළ කෙරෙහි ප්‍රංශ වයින් නිෂ්පාදකයින්ගේ ඇති උනන්දුව මෙන්ම ඉදිරි ව්‍යාපාරික ව්‍යාප්තිය සඳහා පවතින හැකියාව මනාව පිළිබිඹු වන බවද සඳහන් කළේය.

වයින් සහ විලාසිතා ක්ෂේත්‍රයන්ට පමණක් සීමා නොවී, දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා තවත් බොහෝ ක්ෂේත්‍ර ඔස්සේ සංවර්ධනය කිරීමට විශාල ඉඩකඩක් පවතින බව ප්‍රංශ තානාපති රෙමි ලැම්බට් මහතා අවධාරණය කළේය. Business France International ආයතනයේ සහයෝගිතාව ඇතිව, ප්‍රංශයේ සහ ඉන්දියාවේ ස්ථාපිත ප්‍රංශ සමාගම් ඒකාබද්ධ කරගනිමින් ශ්‍රී ලංකාව තුළ නව ව්‍යාපාරික දූත මණ්ඩල සහ හමු සංවිධානය කිරීමට හැකිවනු ඇතැයි හෙතෙම බලාපොරොත්තු පළ කළේය.

එවැනි ප්‍රයත්නයන් සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමටත්, මතුවෙමින් පවතින නව ව්‍යාපාරික අවස්ථා සාධනීය හා සඵල සම්පන්න ව්‍යාපාරික හවුල්කාරිත්වයන් බවට පරිවර්තනය කිරීමට ශ්‍රී ලංකා - ප්‍රංශ ව්‍යාපාරික මණ්ඩලය සමග සමීපව කටයුතු කිරීමටත් ප්‍රංශ තානාපති කාර්යාලය සූදානමින් සිටින බවට තානාපතිවරයා සහතික ලබා දුන්නේය.

උත්සවය සංවිධානය කිරීමට දායක වූ සියලු දෙනාට ස්තූතිය පුද කළ තානාපතිවරයා, ඉදිරියේදී දෙරට අතර අර්ථවත් ව්‍යාපාරික සාකච්ඡා සහ සාර්ථක හමුවීම් සිදුවනු ඇතැයි සුභාශංසන එක් කරමින් සිය කතාව අවසන් කළේය.

නව සභාපති ෂාමීල් මොහිදීන් මහතාගේ දැක්ම

img-20261129-234856-mceclip1-OWVdFv.jpg

මෙම උත්සවයේදී ශ්‍රී ලංකා - ප්‍රංශ ව්‍යාපාරික මණ්ඩලයේ අලුතින් තේරී පත් වූ සභාපතිවරයා ඇතුළු විධායක කමිටුව වෙත සිය සුභ පැතුම් පිරිනැමූ තානාපතිවරයා, මෙම නව නායකත්වය යටතේ දෙරට අතර පවතින ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් මට්ටමකට ගෙන යාමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කළේය.

මෙහිදී මණ්ඩලයේ අලුතින් තේරී පත් වූ සභාපතිවරයා අදහස් දක්වමින්, මෙම වයින් හැන්දෑව සහ විලාසිතා දැක්ම හුදු සමාජීය උත්සවයක් පමණක් නොව, ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවතින මිත්‍රත්වය, සංස්කෘතිය සහ ව්‍යාපාරික සහයෝගිතාව එකට එක් කරන වේදිකාවක් බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා - ප්‍රංශ ව්‍යාපාරික මණ්ඩලයේ සභාපති ධුරයට පත් වූ ෂාමීල් මොහිදීන් (Shaameel Mohideen) මහතා මෙම උත්සවය අමතමින්, තමාට ලැබුණු නව වගකීම පිළිබඳව සතුට පළ කළේය. Spillburg Holdings ආයතනයේ කෙනෙකු ලෙස ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ලද අත්දැකීම්, දෙරට අතර වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට යොදා ගන්නා බවද ඔහු එහිදී පැවසීය.

ප්‍රංශ විලාසිතා සම්ප්‍රදාය හා දේශීය නිර්මාණශීලීත්වය

මෙම උත්සවය මගින් ප්‍රංශ සංස්කෘතිය, නිර්මාණශීලීත්වය සහ විලාසිතා ක්ෂේත්‍රය එකට එක්කිරීම පිළිබඳව සතුටු වන බවද ඔහු පැවසීය.

විලාසිතා සහ වයින් යනු ප්‍රංශයේ 'art de vivre' (ජීවන රටාව) නිරූපණය කරන ප්‍රධාන අංග වන අතර, ඒවා සංස්කෘතික පදනමකට පමණක් සීමා නොවී විශිෂ්ට ශිල්පීය නිපුණතාව, නවෝත්පාදනය සහ උසස් ප්‍රමිතිය මත ගොඩනැගුණු ප්‍රබල ආර්ථික ක්ෂේත්‍ර දෙකකි.

මෙවර උත්සවයේ විශේෂත්වය වූයේ, ශ්‍රී ලාංකික නිර්මාණශිල්පීන්ගේ දක්ෂතාව ප්‍රංශ විලාසිතා සම්ප්‍රදාය සමග මුසු වීමයි.

Modart International ආයතනයේ සිසුන් විසින් නිර්මාණය කරන ලද විලාසිතා, ප්‍රංශයේ සම්භාව්‍ය විලාසිතා රටාවට ශ්‍රී ලංකාවේ වර්ණවත් බව සහ අත්කම් නිර්මාණශීලීත්වය එක් කරමින් ප්‍රේක්ෂකයින්ගේ විශේෂ අවධානය දිනා ගත්තේය.

ඒ තුළින් තරුණ නිර්මාණකරුවන්ට ජාත්‍යන්තර වේදිකාවක් ලබා දීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය විය.

img-20261129-235222-mceclip2-HMvd1a.jpg

අනුග්‍රාහක දායකත්වය සහ සමාප්තිය

මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා ප්‍රධාන අනුග්‍රාහකයන් ලෙස Teejay, Kumho Tire, Air France / KLM, Havelock City Residences, Lion Royal, Bogawantalawa, Pullman, Emerging Media සහ Classic Travel යන ආයතන සහයෝගය ලබා දී තිබුණි. ඔවුන්ගේ සහයෝගය නොමැතිව මෙවැනි මහා පරිමාණ උත්සවයක් සංවර්ධනය කිරීම අපහසු බව සභාපතිවරයා සිය කතාවේදී විශේෂයෙන් සඳහන් කළේය.

උත්සවය අවසානයේදී, දෙරට අතර මිත්‍රත්වය සහ ව්‍යාපාරික සබඳතා තවදුරටත් වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමින් සියලු ආරාධිත අමුත්තන්ට සංවිධායක මණ්ඩලය ස්තූතිය පළ කළේය. ප්‍රංශ තානාපතිවරයා ඇතුළු විශේෂ ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

(සටහන | ජේ. මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...