The Leader News
BREAKING
Top Ad
පුවත්

යුද්ධයට ගොදුරුවූ යුද බිමේ වාර්තාකරුවකු උතුරේදී සැමරේ

T

The Leader Desk

February 19, 2022 • 5:29 AM

  යුද්ධයට ගොදුරුවූ යුද බිමේ වාර්තාකරුවකු උතුරේදී සැමරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යාපනයේ මාධ්‍ය සමාජය විසින් පෙබරවාරි 12 වැනිදා සමරන ලද්දේ ආණ්ඩුව විසින් නම් කෙරුණු යුද මුක්ත කලාපයක පිහිටි මුලතිව්හි තෙවිපුරම් ගම්මානයට රජයේ හමුදා ගැසූ කාලතුවක්කු ප්‍රහාරයට 2009 පෙබරවාරි 11 වැනිදා ගොදුරුවී ප්‍රතිකාර ලබාගැනීමට නැතිකමින් පසුදා මියගිය පුණ්‍යමුර්ති සත්‍යමුර්තිය.
  • ''ෂෙල් ප්‍රහාරයෙන් ලද තුවාලවලට නිසි ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ නොමැතිකම නිසා අධික ලෙස සිදු වූ රුධිරය වහනය නවතාලීමට මඟක් නොමැති වීමෙන්, විසි හතර පැයක් දුක් විඳි තිස්හත් හැවිරිදි සත්‍යමුර්ති පෙබරවාරි 12 වැනිදා සදහටම දෑස් පියා ගත්තේය,'' යි JDS වෙබ් අඩවියේ සටහන් කෙරුණි.
  • ඒ දිනයේ දේවිපුරම් හා වල්ලිපුනම් ගම් වල‍ට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ගසන ලද ෂෙල් ප්‍රහාර වලින් මියගිය බවට වාර්තාවන ගැහැනුන්, මිනිසුන් හා ළමයින් ගණන 138 කි.
  • ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කයේ මාවිල්ආරුවෙන් 2006 දී යුද්ධය ආරම්භ කළ අවස්ථාවේ සිටම සත්‍යය හෙළි කිරීමට කටයුතු කළ මාධ්‍යවේදීන් අතර කැපී පෙනුණු අයකු ලෙස සත්‍යමුර්ති ගෞරවාදරයට පත් ව සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):


යාපනයේ මාධ්‍ය සමාජය විසින් පෙබරවාරි 12 වැනිදා සමරන ලද්දේ ආණ්ඩුව විසින් නම් කෙරුණු යුද මුක්ත කලාපයක පිහිටි මුලතිව්හි තෙවිපුරම් ගම්මානයට රජයේ හමුදා ගැසූ කාලතුවක්කු ප්‍රහාරයට 2009 පෙබරවාරි 11 වැනිදා ගොදුරුවී ප්‍රතිකාර ලබාගැනීමට නැතිකමින් පසුදා මියගිය පුණ්‍යමුර්ති සත්‍යමුර්තිය.

''ෂෙල් ප්‍රහාරයෙන් ලද තුවාලවලට නිසි ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ නොමැතිකම නිසා අධික ලෙස සිදු වූ රුධිරය වහනය නවතාලීමට මඟක් නොමැති වීමෙන්, විසි හතර පැයක් දුක් විඳි තිස්හත් හැවිරිදි සත්‍යමුර්ති පෙබරවාරි 12 වැනිදා  සදහටම  දෑස් පියා ගත්තේය,'' යි JDS වෙබ් අඩවියේ සටහන් කෙරුණි.

ඒ දිනයේ දේවිපුරම් හා වල්ලිපුනම් ගම් වල‍ට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ගසන ලද ෂෙල් ප්‍රහාර වලින් මියගිය බවට වාර්තාවන ගැහැනුන්, මිනිසුන් හා ළමයින් ගණන 138 කි. තුන්සිය පනහකට අධික පිරිසක් තුවාල ලදහ.

ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කයේ මාවිල්ආරුවෙන් 2006 දී යුද්ධය ආරම්භ කළ අවස්ථාවේ සිටම සත්‍යය හෙළි කිරීමට කටයුතු කළ මාධ්‍යවේදීන් අතර කැපී පෙනුණු අයකු ලෙස සත්‍යමුර්ති ගෞරවාදරයට පත් ව සිටී.

ඔහුගේ ඝාතනය යුද අපරාධයක් ලෙස ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන විසින් හෙලා දකින ලදී.

'' ‘එකදු සිවිල් වැසියෙක් හෝ ඝාතනය නොවන’ ලෙස රාජ්‍ය ආරක්‍ෂක හමුදා විසින් දියත් කළ අවසන් මෙහෙයුම් විසින් පස් මාසයක් තිස්සේ කණින ලද වන්නියේ සමූහ මිනී වළෙහි වැළැළුණු දස දහස් සංඛ්‍යාත ජනයා අතර පුනියමූර්ති සත්‍යමූර්ති තවත් එක් අයකු පමණක් බව ඇත්තකි. නමුත් ඒ මිනිස් සංහාරය පිළිබඳ ඉතිහාස කතාව දැනගනු රිසි අතළොස්සක් හෝ සිංහලයන් විසින් නිසැකයෙන්ම දත යුතු අපමණ ජීවනාදර්ශයන් අතරට සත්‍යමූර්තිගේ ජීවිතය ද නිසැකවම ඇතුළත් වේ,'' යි පුණ්‍යමුර්ති සත්‍යමුර්තිගේ අටවැනි සංවත්සරය නිමිත්තෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අතුල විතානගේ සටහන් කර තිබුණි.


සම්පූර්ණ ලිපිය :
මරණය සැරිසැරූ 'යුද මුක්ත කලාපයක' සත්‍යමූර්ති ද මිය ගියේය

 

 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...