leader s

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරදෙන්නැයි ඉල්ලමින් විශේෂ දේව යැදුමක් සහ සත්‍යග්‍රහයක් වතිකානුවේ ශුද්ධ වූ පේදුරු

බැසිලිකා සිද්ධස්ථාන පරිශ්‍රයේදී ඊයේ (27) පෙරවරුවේ පැවැත්විණි.

මෙම ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකරගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ගෙන යන වැඩපිළිවෙලට සහය දැක්වීමක් ලෙස මෙම යාඥාව සංවිධානය කළ බව 'පාස්කු ප්‍රහාර වින්දිතයන්ගේ ගෝලීය සංසදය' පවසයි.

ඕස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය, ඉතාලිය ආදී රටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන් විශාල පිරිසක් මෙම යාඥාවට එක්ව සිටියහ.

ඔවුහු පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ ඡායාරූප මෙන්ම සාධාරණය ඉටුකරදෙන සඳහන් පුවරු ආදිය ප්‍රදර්ශනය කරමින් මෙම දේව යාඥාවෙහි නිරතව සිටියහ.

මෙහිදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රාහරයෙන් පීඩාවට පත් වූ ජනතාවට යුක්තිය ලැබෙන ලෙස ඉල්ලා ජපමාලය උච්චාරණය කරමින් මරි මව්න්ගේ මැදහත්කම ඉල්ලා  යාච්ඤා කරනු ලැබිය.

වතිකානු නුවර සංචාරයක නිරතවන අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (28) දිනයේ දී ශුද්ධෝත්තම පාප් වහන්සේ බැහැදැකීමට නියමිත බව වාර්තාවේ.

ea 1

 
 
 

Leader Whats app

  

 

 



 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්