The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

තරුණයින් 11ක් අතුරුදන් කිරීම: වසන්ත කරන්නාගොඩ නඩුවෙන් ඉවත් කිරීම නීත්‍යනුකූල දැයි සෙවීමට නඩු විභාගයක්

T

The Leader Desk

September 16, 2025 • 3:35 AM

තරුණයින් 11ක් අතුරුදන් කිරීම: වසන්ත කරන්නාගොඩ නඩුවෙන් ඉවත් කිරීම නීත්‍යනුකූල දැයි සෙවීමට නඩු විභාගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වශයෙන් නම් කර සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එම නඩුවෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා ගෙන තිබූ තීරණයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (සැප්තැම්බර් 15 වන දා) අවසර දුන්නේ ය.
  • ඉන් අනතුරුව මෙම අභියාචනා පෙත්සම ජනවාරි මස 30 වන දා විභාගයට ගැනීමට ද අධිකරණය දින නියම කළේ ය.
  • ඉන් අනතුරුව එම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් නම් කර සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එම නඩුවෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා තීරණය කළ බවත් පෙත්සම්කරුවෝ චෝදනා කළහ.
  • නීතිපතිවරයාගේ එම තීරණය අභියෝගයට ලක් කරමින් තමන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළත් එම පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සම්කරුවන් කියා සිටියේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

වශයෙන් නම් කර සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එම නඩුවෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා ගෙන තිබූ තීරණයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (සැප්තැම්බර් 15 වන දා) අවසර දුන්නේ ය.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අර්ජුන ඔබේසේකර හා සම්පත් විජේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබී ය.


ඉන් අනතුරුව මෙම අභියාචනා පෙත්සම ජනවාරි මස 30 වන දා විභාගයට ගැනීමට ද අධිකරණය දින නියම කළේ ය.

නීතිපතිගේ ක්‍රියාකලාපය නීතියට පටහැනි බවට තීන්දුවක් ඉල්ලයි

පෙත්සම්කාර දෙමව්පියන් කියා සිටින්නේ, 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී පැහැරගෙන යාමෙන් අනතුරුව තම දරුවන් අතුරුදන් කිරීමේ චෝදනාව මත හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයින් 14 දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නීතිපතිවරයා 2019 වසරේදී නඩුවක් ගොනු කළ බව ය.

ඉන් අනතුරුව එම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් නම් කර සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එම නඩුවෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා තීරණය කළ බවත් පෙත්සම්කරුවෝ චෝදනා කළහ.

නීතිපතිවරයාගේ එම තීරණය අභියෝගයට ලක් කරමින් තමන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළත් එම පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සම්කරුවන් කියා සිටියේ ය.

නීතිපතිවරයා විසින් වසන්ත කරන්නාගොඩ විත්තිකරුවකු ලෙස නම් කරමින් නඩු පැවරීමට තීන්දු කරනු ලැබුවේ, ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි තිබූ නිසා යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් එසේ තිබියදී කරන්නාගොඩ එම නඩුවෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් සඳහන් කළේ ය.
නීතිපතිවරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය නීතියට පටහැනි බව තීන්දු කොට සිය දරුවන් අතුරුදන් කිරීමට අදාළව ගොනු කර තිබෙන නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් නම් කර සිටින වසන්ත කරන්නාගොඩ ඉන් ඉවත් කිරීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

(උපුටා ගැනීම් - බීබීසී සිංහල)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...