The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

පාස්කු සැමරුම ආසන්නයේ පොලිසියේ ලොකු පුටු පෙරලයි

T

The Leader Desk

April 15, 2022 • 5:45 AM

පාස්කු සැමරුම ආසන්නයේ පොලිසියේ ලොකු පුටු පෙරලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජයවර්ධන සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වහාම ක්‍රියාත්මක වෙන පරිදි ස්ථාන මාරු කිරීම් සිදුකර ඇත.
  • රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාව සිටි නිලන්ත ජයවර්ධන නව ස්ථාන මාරු කිරීමත් සමඟ මධ්‍යම පළාත බාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සහායක සේවා) දක්වා වෙනස් කර ඇත.
  • කෙසේවුවද එසේ ස්ථාන මාරුකළ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙනුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මධ්‍යම පළාත භාරව පත්කිරීමේ සුදානමක් ඇතැයි ද වාර්තාවේ.
  • ලබන 17 වෙනි දින එළඹෙන පාස්කු දේව මෙහෙයෙන් පසුව පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු නොකිරීමට සම්බන්ධයෙන් දැවැන්ත විරෝධයක් පළ කිරීමට සැලසුම් කර තිබෙන පසුබිම තුළ මෙම ස්ථාන මාරු සිදුකිරීම විශේෂත්වයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජයවර්ධන සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වහාම ක්‍රියාත්මක වෙන පරිදි ස්ථාන මාරු කිරීම් සිදුකර ඇත.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාව සිටි නිලන්ත ජයවර්ධන නව ස්ථාන මාරු කිරීමත් සමඟ මධ්‍යම පළාත බාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සහායක සේවා) දක්වා වෙනස් කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ ඉල්ලීමක් මත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරු කිරීම් සිදුකර තිබේ.

කෙසේවුවද එසේ ස්ථාන මාරුකළ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙනුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මධ්‍යම පළාත භාරව පත්කිරීමේ සුදානමක් ඇතැයි ද වාර්තාවේ.

 

ලබන 17 වෙනි දින එළඹෙන පාස්කු දේව මෙහෙයෙන් පසුව පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු නොකිරීමට සම්බන්ධයෙන් දැවැන්ත විරෝධයක් පළ කිරීමට සැලසුම් කර තිබෙන පසුබිම තුළ මෙම ස්ථාන මාරු සිදුකිරීම විශේෂත්වයකි.

 

නිලන්ත ජයවර්ධන ප්‍රධානී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස උසස්වීම ලැබුවේ 2019 පෙබරවාරි මාසයේදීය. ඒ, ඔහු යහපාලන ආණ්ඩු සමයේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාව සිටියදීය.

වසර දෙකකට ආසන්න කාලයක් මධ්‍යම පළාත බාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ කටයුතු කළ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වහාම ක්‍රියාත්මකවන පරිදි මධ්‍යම පළාතින් ඉවත් කිරීම සම්බන්ධයෙන් අස්ගිරි- මල්වතු පාර්ශවයන්හි මහ නාහිමිවරුන් අප්‍රසාදය පළකර ඇතැයි වාර්තාවේ. පාස්කු ප්‍රහාරය සිද්ධියට ඔහුව බිල්ලට දීමට දරන උත්සාහය සම්බන්ධයෙන් උන්වහන්සේලා මිට ඉහතදී රජයේ බලධාරීන්ට දොස්පවරා තිබිණ.  

''පාස්කු ඉරිදා ප්‍රහාරය'' ලෙස ඉතිහාසයට එක්ව ඇති ප්‍රහාරය මගින් විනාශ කෙරුණු ජීවිත සංඛ්‍යාව තුන්සියයකට ආසන්න වෙයි. ශ්‍රී ලංකාවේ ජාතික දේශසීමාවන් ඉක්මවා ගොස් ජාත්‍යන්තර මට්ටමින් පවා හෙලා දැකීමට ලක්වූ එම ප්‍රහාරය සම්බන්ධයෙන් මේවනවිට ඇඟිල්ල දිගුවන්නේ වත්මන් ආණ්ඩුවේ බලධාරීන් වෙතයි.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...