leader s

2019 අප්‍රේල් 21 දින සිදුවූ පාස්කු ප්‍රහාරයේ සැමරුම ආසන්න වෙමින් තිබියදී රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත

ජයවර්ධන සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වහාම ක්‍රියාත්මක වෙන පරිදි ස්ථාන මාරු කිරීම් සිදුකර ඇත.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාව සිටි නිලන්ත ජයවර්ධන නව ස්ථාන මාරු කිරීමත් සමඟ මධ්‍යම පළාත බාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සහායක සේවා) දක්වා වෙනස් කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ ඉල්ලීමක් මත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරු කිරීම් සිදුකර තිබේ.

කෙසේවුවද එසේ ස්ථාන මාරුකළ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙනුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මධ්‍යම පළාත භාරව පත්කිරීමේ සුදානමක් ඇතැයි ද වාර්තාවේ.

 

ලබන 17 වෙනි දින එළඹෙන පාස්කු දේව මෙහෙයෙන් පසුව පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු නොකිරීමට සම්බන්ධයෙන් දැවැන්ත විරෝධයක් පළ කිරීමට සැලසුම් කර තිබෙන පසුබිම තුළ මෙම ස්ථාන මාරු සිදුකිරීම විශේෂත්වයකි.

 

නිලන්ත ජයවර්ධන ප්‍රධානී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස උසස්වීම ලැබුවේ 2019 පෙබරවාරි මාසයේදීය. ඒ, ඔහු යහපාලන ආණ්ඩු සමයේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාව සිටියදීය.

වසර දෙකකට ආසන්න කාලයක් මධ්‍යම පළාත බාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ කටයුතු කළ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වහාම ක්‍රියාත්මකවන පරිදි මධ්‍යම පළාතින් ඉවත් කිරීම සම්බන්ධයෙන් අස්ගිරි- මල්වතු පාර්ශවයන්හි මහ නාහිමිවරුන් අප්‍රසාදය පළකර ඇතැයි වාර්තාවේ. පාස්කු ප්‍රහාරය සිද්ධියට ඔහුව බිල්ලට දීමට දරන උත්සාහය සම්බන්ධයෙන් උන්වහන්සේලා මිට ඉහතදී රජයේ බලධාරීන්ට දොස්පවරා තිබිණ.  

''පාස්කු ඉරිදා ප්‍රහාරය'' ලෙස ඉතිහාසයට එක්ව ඇති ප්‍රහාරය මගින් විනාශ කෙරුණු ජීවිත සංඛ්‍යාව තුන්සියයකට ආසන්න වෙයි. ශ්‍රී ලංකාවේ ජාතික දේශසීමාවන් ඉක්මවා ගොස් ජාත්‍යන්තර මට්ටමින් පවා හෙලා දැකීමට ලක්වූ එම ප්‍රහාරය සම්බන්ධයෙන් මේවනවිට ඇඟිල්ල දිගුවන්නේ වත්මන් ආණ්ඩුවේ බලධාරීන් වෙතයි.


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්