The Leader News
BREAKING
සාෆ් කුසලාන පාපන්දු: ශ්‍රී ලංකා - භූතාන තරගය ගෝල 2 -2කින් සමව අවසන් වෙයි●පුනරුද පොරොන්දුව සහ කොළඹ කානු: සජිත්ගෙන් ප්‍රශ්න කිරීමක්●අපනයනකරුවන්ට බදු සහන: බිම් මට්ටමේ ගැටලුවලට උත්තර කෝ?●වසර 33ක බලාපොරොත්තුව: ඩිජිටල් වෙළෙඳ දොරටුව විවෘත වෙයි●මිලියන 104ක සංචාරක අනුග්‍රහයේ විනිවිදභාවය ගැන ප්‍රශ්නයක්●කොළඹ ජලයෙන් යටවීම: වැස්සට එහා ගිය නඩත්තු අර්බුදයක්●ඉන්ධන සහන පිටුපස බදු බර: නාමල්ගෙන් ප්‍රශ්නාවලියක්●පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර භාවිතයට නොගෙන කාමර තුළ●මැදිවාර තීන්දුවෙන් ධන බලය පරදා ජන බලය නැගිටියි | ඉම්තියාස් බාකීර් මාකාර්●සජිත්ගේ දේශපාලන සතිය | ආණ්ඩුවට නොතේරෙන ප්‍රජාතන්ත්‍රවාදය●
Top Ad
පුවත්

ශ්‍රී ලාංකික වෘත්තිකයන් ජන අරගල භූමියේදී ප්‍රඥප්තියක් එළි දක්වයි

T

The Leader Desk

April 18, 2022 • 7:46 AM

ශ්‍රී ලාංකික වෘත්තිකයන් ජන අරගල භූමියේදී ප්‍රඥප්තියක් එළි දක්වයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටෙහි සහ ජනතාවගේ අභිවෘධිය සඳහා වෘත්තිකයන් සතුව සුවිශේෂී වූ වගකීමක් ඇති බව වටහා ගනිමින්, මේ වගකීම පැහැර නොහැර ඉටුකිරීමට අපට ඇති බාධකයන් ඉවත් කරගැනීම් වස්, රටේ අනාගත පුරවැසියන්ට යහපත්, සුරක්ෂිත දේශයක් ගොඩනැගීම තම අරමුණ බව එම ශ්‍රී ලාංකික වෘත්තිකයන් පිරිස අවධාරණය කර සිටියි.
  • මෙම අවස්ථාවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, මහාචාර්ය ඉන්දික කරුණාතිලක, ඉංජිනේරු සුමේධ රත්නායක, ඉංජිනේරු සුරත් සෙනෙවිරත්න ඇතුළු වෘත්තිකයින් පිරිසක් සහභාගි විය.
  • (ඡායාරූප අනුග්‍රහය-අසාම් අමීන් ටිවිටර්) ප්‍රඥප්තිය සම්පූර්ණයෙන් පහත පලවේ පුර්විකාව: අපේ මවුබිම ඉතිහාසයේ කිසිදිනක නොවූ ආර්ථික අගාධයකට වැටී ඇත.
  • මෙම උද්ඝෝෂණයන්හි පෙර ගමන්කරුවන්වී ඇත්තේ තමන්ට සතුටින් සහ සාමයෙන් ජීවත්විය හැකි සුන්දර දේශයක් නොමැති බව වටහාගත් තරුණ තරුණියන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):



රටෙහි සහ ජනතාවගේ අභිවෘධිය සඳහා වෘත්තිකයන් සතුව සුවිශේෂී වූ වගකීමක් ඇති බව වටහා ගනිමින්, මේ වගකීම පැහැර නොහැර ඉටුකිරීමට අපට ඇති බාධකයන් ඉවත් කරගැනීම් වස්, රටේ අනාගත පුරවැසියන්ට යහපත්, සුරක්ෂිත දේශයක් ගොඩනැගීම තම අරමුණ බව එම ශ්‍රී ලාංකික වෘත්තිකයන් පිරිස අවධාරණය කර සිටියි.

මෙම අවස්ථාවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, මහාචාර්ය ඉන්දික කරුණාතිලක, ඉංජිනේරු සුමේධ රත්නායක, ඉංජිනේරු සුරත් සෙනෙවිරත්න ඇතුළු වෘත්තිකයින් පිරිසක් සහභාගි විය.

PHOTO 2022 04 17 18 23 54
(ඡායාරූප අනුග්‍රහය-අසාම් අමීන් ටිවිටර්)

 

ප්‍රඥප්තිය සම්පූර්ණයෙන් පහත පලවේ


පුර්විකාව:

 අපේ මවුබිම ඉතිහාසයේ කිසිදිනක නොවූ ආර්ථික අගාධයකට වැටී ඇත. අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයන්හි හිඟයත්,අධික මිලත් නිසා රටෙහි ජනතාව ඉමහත් දුක් පීඩාවන්ට මුහුණදෙමින් සිටී. පවතින පාලනතන්ත්‍රයටත්,සමාජ-ආර්ථික-දේශපාලන  සංස්කෘතියටත් එරෙහිව රටවැසියන් තම විරෝධය ප්‍රසිද්ධයේ පලකරයි. මෙම උද්ඝෝෂණයන්හි පෙර ගමන්කරුවන්වී ඇත්තේ තමන්ට සතුටින් සහ සාමයෙන් ජීවත්විය හැකි සුන්දර දේශයක් නොමැති බව වටහාගත් තරුණ තරුණියන්ය.

 

මෙරටෙහි පවතින වංක, දුෂිත, අනුවණකාරී දේශපාලන සංස්කෘතියත්, එය වටා බැඳුනු පාලනතන්ත්‍රයත් මෙම වියවුලට වගකිවයුතු බව අපේ විශ්වාශයයි. මෙම වියවුලට මේ පාලනතන්ත්‍රයහිම කොටසක් වන, වෘත්තිකයන් වන අපද, යම් පමණකින් වගකිවයුතු බව අපගේ හැඟීමයි.

 

ඇතැම් දේශපාලඥයන් වංචනික, වැරදි, අවිද්‍යාත්මක, දුෂිත තීරණ ගන්නා විට ඒ බව දැන සිටි අපේ ඇතැමුන් එයට විරුද්ධව කිසිදු හඬක් නොනැඟීය. ඒ වංචනිකයන්ට නිසි මඟ, නිසි ලෙස පෙන්වා නොදුන්නේය. අපේ ඇතැමුන් දුෂිතයන් හා එක්ව දුෂණයේ නිරත විය.

රටේ දු දරුවන්ගේ අනාගතය බොඳ කර කරලීම ගැන කිසිදු ආකාරයක වගකීමක් එය කෙරු දේශපාලඥයන් නොගන්නා නමුදු, වෘත්තිකයන් වන අපි  ඒ ඛේදවාචකය වැළැක්වීමට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන පශ්චාත්තාප වෙමු. මින් ඉදිරියට එවන් වැරදි නොවීමට දැඩිසේ අධිෂ්ථාන කරගනිමින්, දැයෙහි දු දරුවන් හා මාපියවරුන් හමුවේ ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ ප්‍රඥප්තිය මෙසේ ඉදිරිපත් කරමු.

 ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ ප්‍රඥප්තිය රටෙහි සහ ජනතාවගේ අභිවෘධිය සඳහා වෘත්තිකයන් සතුව සුවිශේෂී වූ වගකීමක් ඇති බව වටහා ගනිමින්, මේ වගකීම පැහැර නොහැර ඉටුකිරීමට අපට ඇති බාධකයන් ඉවත් කරගැනීම් වස්, රටේ අනාගත පුරවැසියන්ට යහපත්, සුරක්ෂිත දේශයක් ගොඩනැගීම සඳහා, ශ්‍රී ලාංකික වෘත්තිකයන් වන අපි මෙසේ පොරොන්දු වෙමු.          



# අප වෘත්තීන් සමඟ සබැඳුනු සියලු තීරණ, නවීන දැනුම සහ නවීන ක්‍රමවේදයන් මත පමණක් පදනම්ව, විද්‍යාත්මක නොවන කරුණු දුරු කරමින් සිදු කරන්නෙමු.

# අප වෘත්තිකයන් ලෙස කටයුතු කිරීමේදී, සේවය සපයන පුද්ගලයන්ගේ ජාතිය, ආගම, කුලය, ස්ත්‍රී පුරුෂ බව, වත් පොහොසත්කම් නොසලකා සැමට එක හා සමාන සේවයක් සපයන්නෙමු.

# රටට සහ ජනතාවට හානිදායක ලෙස තීරණ ගනු ලබන දේශපාලඥයන්ගේ හා දේශපාලන පක්ෂවල බලපෑම් වලට විරුද්ධ වන්නෙමු.

# වෘත්තීමය තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී දේශපාලඥයන් හෝ වෙනත් අය විසින් ගනු ලබන හෝ ගැනීමට උත්සාහ කරනු ලබන අයථා, දුෂිත, විෂම, අවිද්‍යාත්මක තීරණ වලට විරුද්ධව එක්ව හෝ වෙන්වෙන්ව විරුද්ධ වීමටත්, එවන් උත්සාහයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත් කටයුතු කරන්නෙමු.

# ඉහත සඳහන් ආකාරයේ අයථා, දුෂිත, විෂම, අවිද්‍යාත්මක තීරණ පිළිබඳව මහජන අවධානය යොමුවීම නැති කිරීමේ අරමුණින්, වෘත්තිකයන්ට දැනට පනවා ඇති නීතිමය සම්බාධක ඉවත් කරගැනීමටත්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන සෑම අවස්ථාවකදීම එවන් වැරදි තීරණ පිළිබඳව ජනතාව දැනුවත් කොට, ඒවාට විරුද්ධව එක්ව හෝ වෙන්වෙන්ව කටයුතු කරන්නෙමු.

# ජනතාව විසින් ඡන්දයෙන් පත්කරනු ලැබ ඇති ජනතා නියෝජිතයන්ට අප අතින් ජනතාවට සේවයන් ඉටුකෙරෙන්නේ දැයි විමසා බැලීමට ඇති අයිතිය පිළිගන්නා අතර, එවන් විමසීම් කිරීමේ මුවාවෙන් ස්ථාපිත කොට ඇති ක්‍රමවේදයන් හා නීති රීති උල්ලංඝනය කරමින් පුද්ගලික හා දේශපාලන වුවමනාවන් ඉටුකරගැනීමට ඍජුවම විරුද්ධ වන්නෙමු.

# හැකි සෑම අවස්ථාවකදීම ගනු ලබන සියලු කෙටි කාලීන හා දිගුකාලීන තීරණ විද්‍යාත්මක ලෙස පිළියෙළ කර ඇති දිගු කාලීන ජාතික සැලසුම් වලට අනුකූලව සිදුකරණ අතර, දේශපාලඥයන්ගේ හෝ දේශපාලන පක්ෂවල උවමනාවන්ට අනුකුලව මෙවන් සැලසුම්වලට පටහැනිව තීරණ ගැනීමට විරුද්ධ වන්නෙමු. රටෙහි වැදගත් ක්ෂේත්‍රයන්හි එවන් සැලසුම් නැතිනම් ජාතික සැලසුම් සකස් කිරීමට කටයුතු කරන්නෙමු.

# අප විසින් සිදුකරනු ලබන සියලු වෘත්තිමය කටයුතු වංචාවෙන් හා දුෂණයෙන් තොරව සිදුකරන අතර එවන් වංචා හෝ දුෂණ සිදුකරන්නන් හෙළිදරව් කොට, දඬුවම් ලබා දීමට කටයුතු කරන්නෙමු.

# අපගේ පුද්ගලික අවශ්‍යතාවයන්ට වඩා රටෙහි සහ ජනතාවගේ අවශ්‍යතාවයන් මුල් තැනෙහි තබමින් ජනතාවට අවංක, කාර්යක්ෂම, මිත්‍රශීලි සේවාවක් ලබාදීමටත්, අප ගනු ලබන තීරණ පිළිබඳව වගකීමත්, වගවීමත් භාරගැනීමට කටයුතු කරන්නෙමු.

# රටට සහ ජනතාවට පාරදුශ්‍ය හා ගුණාත්මක සේවාවන් ලබා දීමට විවිධ ක්ෂේත්‍රවල පිහිටුවා ඇති සියලු ආකරයේ නියාමන ආයතන නිර්දේශපාලනීකරණය කරගැනීමටත්, ඒවායේ ක්‍රියාකාරීත්වයන්ට දේශපාලඥයන් හා දේශපාලන පක්ෂ ඍජුව මැදිහත්වීම වැළැක්වීමටත් කටයුතු කරමු.

# රජයේ පත්වීම්, උසස්වීම්, ස්ථාන මාරු, දඬුවම් පැමිණවීම් කිසිදු දේශපාලන බලපෑමකින් තොරව සිදුකිරිමට අවශ්‍යවන නීති සම්පාදනයට රජයට බලකරන අතර පත්වීම්, උසස්වීම් හා දිරිගැන්වීම් ඉගෙනුම, කුසලතාවය හා පලපුරුද්ද මත පමණක් පදනම්ව සිදුකිරීමට බලකරන්නෙමු.

# රටේ සද්පාලනය, රාජ්‍යකරණයේ පාරදෘශ්‍යභාවය සහතික කිරීමට හා නීතියේ ආධිපත්‍යයය තහවුරු කීරීමට අදාල නව නිතී පැනවීමට හෝ ව්‍යාවස්ථාදායක ක්‍රියාමාර්ගයන්ට බලකිරීමට උපරිම දායකත්වයක් ලබා දෙන්නෙමු.

# මෙම වෘත්තිකයන්ගේ ප්‍රඥප්තියට සියලු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා වෘත්තිකයන්ගේ සංවිධාන එකඟ කරගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරලීමට බලකිරිමටත්, කටයුතු කරන්නෙමු.


 

Leader Whats app

 

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...