The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

යුක්තිය නොලද පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් මඩකලපුවේදී සැමරේ

T

The Leader Desk

April 21, 2022 • 10:56 PM

යුක්තිය නොලද පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් මඩකලපුවේදී සැමරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රහාරයෙන් මිය ගිය 31 ක් දෙනා වෙනුවෙන් මඩකලපුව කල්අඩි පාලම අසල ඉදිකර තිබෙන ස්මාරකයට අප්‍රේල් 21 වැනි බ්‍රහස්පතින්දා මලින් පහනින් උපහාර දැක්වු මඩකලපුවේ දෙමළ සහ මුස්ලිම් මානව හිමිකම් ක්‍රියාකාරීන් යුක්තිය ඉල්ලා යාච්ඥා කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
  • දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් 2019 අප්‍රේල් මස 21 වන දින එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය හා මඩකලපුව සියොන් දේවස්ථානය ඉලක්ක වී තිබුනි.
  • පාස්කු ප්‍රහාරයෙන් ජීවිත 31ක් බිලිගත් මඩකලපුවේ සියොන් දේවස්ථානයේ නටබුන් අතර රොෂාන් මහේෂන් පියතුමා මුල්වී අද විශේෂ දේව මෙහෙයක්ද පැවැත්වු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
  • පාස්කු ප්‍රහාරයට තෙවසරක් සපිරෙන අද දිනයේ ශ්‍රී ලංකාව පුරා විවිධ ආගමික කටයුතු, තෙවර්ෂ පූර්ණ සිහිකිරීමේ උත්සව හා යුක්තිය ඉල්ලා විරෝධතා පැවැති බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):



 ප්‍රහාරයෙන් මිය ගිය 31 ක් දෙනා වෙනුවෙන් මඩකලපුව කල්අඩි පාලම අසල ඉදිකර තිබෙන ස්මාරකයට අප්‍රේල් 21 වැනි බ්‍රහස්පතින්දා මලින් පහනින් උපහාර දැක්වු මඩකලපුවේ දෙමළ සහ මුස්ලිම් මානව හිමිකම් ක්‍රියාකාරීන් යුක්තිය ඉල්ලා යාච්ඥා කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

 දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින්  2019 අප්‍රේල් මස 21 වන දින එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට  කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය හා මඩකලපුව සියොන් දේවස්ථානය ඉලක්ක වී තිබුනි.

 පාස්කු ප්‍රහාරයෙන්  ජීවිත 31ක් බිලිගත් මඩකලපුවේ සියොන් දේවස්ථානයේ නටබුන් අතර රොෂාන් මහේෂන් පියතුමා මුල්වී අද විශේෂ දේව මෙහෙයක්ද පැවැත්වු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.



2019 අප්‍රේල් මස 21 වන දින එල්ල කළ බෝම්බ ප්‍රහාර මාලාව නිසා 250 කට අධික සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් මියගියේය.



කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, දෙහිවල හෝටලයක සහ කොළඹ කිංග්ස්බරි, ෂැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල තෙවසරකට  ඉහතදී  බෝම්බ පිපිරීම් සිදු වුයේ  පුද්ගලයන් 268ක් ජීවිතක්ෂයට පත්කරමින්, තවත් 500කට අධික ප්‍රමාණයක් තුවාල සිදුකරමිනි.

ඒ සම්බන්ධයෙන් හෝ ප්‍රහාරයෙන් අනතුරුව මුස්ලිම්වරුන් ඉලක්ක කොට රාජ්‍ය අනුග්‍රහයෙන් දියත් වූ ජාතිවාදී ප්‍රහාර මාලාව හෝ සම්බන්ධයෙන් අද වනතුරු කිසිවකුත් නීතිය හමුවට පමුණුවා නොමැත.

පාස්කු ප්‍රහාරයට තෙවසරක් සපිරෙන අද  දිනයේ ශ්‍රී ලංකාව පුරා විවිධ ආගමික කටයුතු, තෙවර්ෂ  පූර්ණ සිහිකිරීමේ උත්සව හා යුක්තිය ඉල්ලා විරෝධතා පැවැති බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

 පාස්කු  ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහි කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ විශේෂ ඉල්ලීමක් පරිදි පාර්ලිමේන්තුවේ අද පෙරවරුවේ විනාඩියක නිහඬතාවක් ද පළ කරන ලදී.



පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ වින්දිත පිරිස් සිහි කරමින් අද  උදෑසන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවති ප්‍රධාන දේව මෙහෙයෙන් පසු සභාව අමතමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සදහන් කළේ, පසුගිය ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට වැඩි වාසි අත්කරදීමේ අරමුණින් පාස්කු ප්‍රහාරය සැලසුම් කරන්නට ඇතැයි බරපතල සැකයක් පවතින බවයි.



''2019 නොවැම්බර් මස පවත්වන ලද ජනාධිපතිවරණයේදී රටේ ආරක්ෂාව සහතික කරන බවට පොරොන්දු වන අපේක්ෂකයකුගේ ජයග්‍රහනය සහතික කිරීම සදහා රට තුළ කැලඹිලි ඇති කර ඒ තුලින් එක් අපේක්ෂකයෙකුට වැඩි වාසියක් අත් කරදීමටත් මේ පාස්කු ප්‍රහාරය පිළිබදව ලැබුනු තොරතුරු හිතාමතාම සගවා එම ප්‍රහාරයට ඉඩ සලසා දෙමින් එක පාර්ශ්වයකට බලය අත්පත් කරදීමට බුද්ධි අංශ හා පාලකයන් කටයුතු කළෝය යන අදහස ගැබ්ව තිබෙනවා. ''

 පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට වැඩිකල් නොගොස් තමන් කළ පාපයේ ප්‍රතිපල අත්විඳීමට සිදුවන බව තමන් තරයේ විශ්වාස කරන්න බව උන්වහන්සේ වැඩි දුරටත් අවධාරණය කළහ.

ප්‍රහාරයෙන් දින කීපයක් ගතවත්ම සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළ ගෝඨාභය රාජපක්ෂ දිනවීමට මුල් තැන ගෙන කටයුතු කළ අය අතර මැල්කම් රංජිත් හිමිපානෝද වෙති.

පාස්කු ප්‍රහාර මාලාවෙන්  මියගිය සහ තුවාල ලැබූවන් සිහි කරමින් කාදිනල් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති  දේව මෙහෙයට  සර්ව ආගමික නායකයන්ද එක්ව තිබුනි.

 පාස්කු ප්‍රහාරය සිදු වී  වසර තුනක් ගතවන දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ප්‍රසන්න රණතුංග සදහන් කළේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට රජය කටයුතු කරන බවයි.

 පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා නීතිපති දෙපාර්තමේන්තුවට තමන් ලිපියක් යොමු කළ බවද  අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.



අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් 735ක් මේ වන විට අත් අඩංගුවට ගෙන තිබෙන බවයි.



''ඒ අතරින් 196 දෙනෙක් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. රැඳවුම් නියෝග මත 19 දෙනෙක් සිටිනවා. ඉන් 81ක් දෙනෙකුගේ පරීක්ෂණ අවසන් කර චෝදනා ගොනුකර ඇති තිබෙනවා. ඇප මත නිදහස් කළ පුද්ගලයන් ප්‍රමාණය 453යි. ඒ වගේම සැකකරුවන් 79 දෙනෙකුට  ගම්පහ, මහනුවර, කුරුණෑගල, පුත්තලම, නුවරඑළිය, මඩකළපුව මහාධිකරණ වල හා කොළඹ, කෑගල්ල මහාධිකරණවල ඇති විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණවල දී චෝදනා 25753කට අදාළව නඩු 27ක් පැවරීමට කටයුතු කරල තියනවා.''

''මෙම විමර්ශන හා නඩු පැවරීම සඳහා ඇමරිකානු රහස් ඔත්තු සේවය, ඕස්ට්‍රේලියානු රාජ්‍ය බුද්ධි අංශය සහ මාලදිවයින රාජ්‍ය බුද්ධි අංශය වල සහයෝගය ලබාගෙන තියෙනවා. ඒ වගේම ස්වයං ඝාතකයන් හා සංවිධාන සම්බන්ධයෙන් ලක්ෂ 3650ක් වටිනා ඉඩම් ගොඩනැගිලි, වාහන හා මුදල් රුපියල් ලක්ෂ 1680 ක් වටිනා රත්තරන් බඩු රාජ සන්තක කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ මහමොළකරු නවුෆර් මව්ලානා. ඔහු තමයි අන්තවාදී දේශන පවත්වා මෙම අන්තවාදීන්ව පුහුණු කළේ. මීට අමතරව ඇමරිකානු ෆෙඩරල් උසාවිය විසින් ශ්‍රී ලංකාවේ තිදෙනෙකුට නඩු පවරලා තියෙනවා. ඒ මොහොමඩ් නවුෆර්, මොහොමඩ් රිස්ඛාන්, මොහොමඩ් අහමන් මිල්ලාහ් කියන පුද්ගලයන්ට.''



ජනාධිපතිවරයා බලයට ගෙන ඒම සඳහා පාස්කු ප්‍රහාරය කළ බවට ජනමතයක් ගොඩනැගීමට ඇතැම් පිරිස්, උත්සාහ කරන අතර එය ප්‍රතික්ෂේප කරන බව  ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේය.

 

 
 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...