The Leader News
BREAKING
Top Ad
පුවත්

දෙමළ ජනයාගේ අයිතිය වෙනුවෙන් ක්‍රිස්තියානි කම්කරු ඉල්ලීමක්

T

The Leader Desk

May 8, 2022 • 6:19 PM

දෙමළ ජනයාගේ අයිතිය වෙනුවෙන් ක්‍රිස්තියානි කම්කරු ඉල්ලීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සටන් කරන දෙමළ ජනයාගේ හඬට ඉඩක් ලබා දෙමින්, දකුණේ ජනතාව ඔවුන් හා එක්ව අරගල කළ යුතු බවට ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය අවධාරණය කර තිබේ.
  • ''අවුරුදු 30-40ක කාලයක් පුරා උතුරු නැගෙනහිර මිනිසුන් ද උත්සාහ කළේ මේ පවතින ක්‍රමය වෙනස් කරන්නයි, එල්ලවී තියෙන පීඩාවෙන් මිදෙන්නයි.
  • මේ ගැන ගැඹුරින් තේරුම් අරන් දෙමළ මිනිසුන්ගේ ද හඩට අවකාශයක් ලබාදෙමින්, දෙගොල්ලොම තම තමන්ගේ අනන්‍යතාවන් තුළ ඉඳන් මේ ධනපති පාලනය අවසන්කරලා අයිතිවාසිකම් දිනා ගන්න එකට සිට ගන්න ඕනෑ,'' යැයි ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ ක්‍රියාකාරී කමිටු සාමාජික මාරිමුත්තු සතිවේල් පියතුමා පවසයි.
  • දශක ගනනාවක් පුරා මෙරට වැඩ කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටින ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය පවසන්නේ වීදි බැස අරගල කරන පීඩිත ජනතාවගේ හඬට ආණ්ඩුව සවන් දිය යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සටන් කරන දෙමළ ජනයාගේ හඬට ඉඩක් ලබා දෙමින්, දකුණේ ජනතාව ඔවුන් හා එක්ව අරගල කළ යුතු බවට ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය අවධාරණය කර තිබේ.

''අවුරුදු  30-40ක කාලයක් පුරා උතුරු නැගෙනහිර මිනිසුන් ද උත්සාහ කළේ මේ පවතින ක්‍රමය වෙනස් කරන්නයි, එල්ලවී තියෙන පීඩාවෙන් මිදෙන්නයි. අද දකුණේ ජනතාවද එම පීඩාවට මුහුණ දෙන්නට සිදුවෙලා තියෙනවා. මේ ගැන ගැඹුරින් තේරුම් අරන් දෙමළ මිනිසුන්ගේ ද හඩට අවකාශයක් ලබාදෙමින්, දෙගොල්ලොම තම තමන්ගේ අනන්‍යතාවන් තුළ ඉඳන් මේ ධනපති පාලනය අවසන්කරලා අයිතිවාසිකම් දිනා ගන්න එකට සිට ගන්න ඕනෑ,'' යැයි ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ ක්‍රියාකාරී කමිටු සාමාජික මාරිමුත්තු සතිවේල් පියතුමා පවසයි.

දශක ගනනාවක් පුරා මෙරට වැඩ කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටින ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය පවසන්නේ වීදි බැස අරගල කරන පීඩිත ජනතාවගේ හඬට ආණ්ඩුව සවන් දිය යුතු බවයි.

''පාලකයින් කියනවා ඔවුන් මහජන ඡන්දයෙන් පත්වු අය බව. නමුත් දැන්, ඒ ඡන්දය භාවිතා කළ පුද්ගලයෝම කියනවා තමන් පත්කරගත් ඒ පාලකයින්ට ඉවත් වෙන්න කියා. එහෙනම් මේ පාලකයෝ ඒ ජනතාවගේ හඩට සවන් දෙන්න ඕනෑ. කවුරු බලයට පැමිණියත්, අද අරගලයේ ඉන්න ජනතාවගේ ජීවිත තුළ තමයි ඒ බලය රඳාපවතින්නේ,'' යැයි සතිවේල් පියතුමා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පාලකයන් ගනුදෙණු කිරීම තුළ තවදුරටත් දුප්පත් ජනතාව පීඩිත භාවයට පත්වීමක් සිදුවෙන බව ද පෙන්වා දෙන සතිවේල් පියතුමා, මහජන ඡන්දයකින් බලයට පැමිණි පාලකයින් විසින් පීඩිත ජනතාව තවත් පීඩාවට පත්කිරීම කෙතරම් යුක්ති සහගත ද යන්න ප්‍රශ්න කරයි.


දකුණේ අරගලයේ රැඳී සිටින තරුණ තරුණියන්ට සුබ පතන ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය එය තවත් ශක්තිමත්ව ඉදිරියට යාමට නම් යම් දේශපාලනික මැදිහත්කමක් අවශ්‍යකරන බවට විශ්වාසය පළ කරයි.




''අපිට අවශ්‍යයි ඉතාම ඉක්මනින් මේ රටේ ප්‍රශ්නය විසඳාගන්න. ඒ සඳහා තියෙන එකම විසඳුම තමයි මුලු රටක් එපා කියන මේ ජනාධිපති, අගමැති ඇතුලු සමස්ත පාර්ලිමේන්තුව දැන්වත් ඉවත්වෙන්න ඕනේ. ඊට පසුව සියලු පක්‍ෂවල නියෝජනයෙන් විශේෂයෙන් ම රටේ සිටින බුද්ධිමතුන්ගෙන් සැදුනු අන්තර්වාර පාලනයකට ගොස් හැකි ඉක්මනින් මැතිවරණයක් පවත්වා  මේ දැවැන්ත දේශපාලන ආරවුල ලිහා ගැනීම,'' යැයි ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ කොළඹ ශාඛාවේ ක්‍රියාධරයෙක් වන රැල්ස්ටන් වයිමන් පවසයි.

''උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නවලට දකුණේ ජනතාව සංවේදි නොවීම නිසා අද උතුරේ සහ නැගෙනහිර ජනතාවගේ හඩ ගෝල්ෆේස් පිටියේදී ඇහෙන්නේ නෑ.''

''1971 කැරැල්ලේ දී අත්අඩංගුවට ගත් තරුණ තරුණියන්ව නිදහස් කරන ලෙසට, ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය ඉතාම පැහැදැළිව සිරිමාවෝ අගමැතිනියට බලකර සිටියා වගේම අදත් අපි කියනවා දෙමළ සිරකරුවන් සහ පාස්කු ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවට ගත් මුස්ලිම් සිරකරුවන් වහාම නිදහස් කරන්න කියලා.''

 
 
නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ සත්‍යක්‍රියාවේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15
 

 

 

 Leader Whats app

 

 

 

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...