දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්දිරන් පෙන්වා දෙන්නේ කැබිනට් මණ්ඩලයක් නැති තැනක එවන් නියෝගයක් නිකුත් කිරීමේ බලයක් සහිත ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයකු නැති බවයි.
පොදු දේපළ විනාශ කරන හෝ පුද්ගලයන්ට හානි සිදුකිරීමට සම්බන්ධ වන ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තබන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදාවට අඟහරුවාදා (10) පස්වරුවේ නියෝග කර ඇතැයි කොළඹින් පලකෙරෙන ජනමාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධ කිසිදු නිල නිවේදනයක් මේ තාක් දැකගන්නට ලැබී නැත.
එදින පල කර ඇති එකම අති විශේෂ ගැසට් නිවේදනය වන්නේ ජනාධිපතිවරයා විසින් මැයි මස 12 දා උදේ 7 දක්වා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති අංක 2279/13 දරන ගැසට් පත්‍රයයි. වෙඩි තැබීමට කිසිවකුටත් බලය පැවරීමක් ගැන එහි සඳහන් නොවේ.
ඉන්දියාවේ හින්දු පුවත්පතට ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් නලින් හේරත් පවසා ඇත්තේ වෙඩි තැබීමේ නියෝගය දී ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා විසින් බවයි.
එහෙත්, එය නීති විරෝධී බවට සුමන්දිරන් මන්ත්‍රීවරයා විසින් අභියෝගයට ලක් කර තිබේ.
"නීති විරෝධීයි!! කැබිනට් මණ්ඩලය විසුරුවා හරින ලද පසු ව්‍යවස්ථාවේ 52 (3) වගන්තිය අනුව සියලු ලේකම් ධූර අහෝසි වී යයි!" යනුවෙන් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා ට්වීට් කර ඇත.
හමුදාවට වෙඩි තැබීමට බලය පවරා ඇති බව ජනමාධ්‍ය ඔස්සේ නිවේදනය කිරීමට පෙර සිටම රජය හමුදා පාලනයකට සැරසෙන බවට අරගල කරුවන් මෙන්ම විපක්ෂ නායකයාද බිය පල කර තිබුණි.
කෝපයට පත් ජනතාවගේ මුවාවෙන් හමුදා පාලනයක් තහවුරු කරගැනීමේ අරමුණින් යුතුව ප්‍රචණ්ඩතා අවුස්සා ලන බවට ආණ්ඩුවට චෝදනා කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස "නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යා යුත්තේ ව්‍යවස්ථාවෙන් මිස තුවක්කුවෙන් නොවේ," යි ප්‍රකාශ කර තිබුණි.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විසින් දිවයිනේ සතර දෙසින් බස් යොදවා ආධාරකරුවන් අරලියගහ මන්දිරයට රැස් කර 'ගෝටාගෝගම' හා 'මයිනාගෝගම'ට පහර දීමට මුදා හැරීමෙන් අනතුරුව කෝපයට පත් ආණ්ඩු විරෝධීන් කොළඹත් රට පුරාත් ආණ්ඩුවේ ආධාරකරුවන්ට හා ඔවුන්ගේ දේපලට පහර දී තිබුණි.
එම ආණ්ඩු විරෝධය අයථා ලෙස යොදාගෙන ආණ්ඩුව ජාතිවාදය ඇවිස්සීමටත් හමුදා පාලනයක් ගෙන ඒමටත් පියවර ගනු ඇතැයි වෘත්තීය සමිති හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු අරගල නායකත්වය ආණ්ඩු විරෝධීන්ට අනතුරු අඟවා තිබේ.
ත්‍රිවිධ හමුදාවට වෙඩි තැබීමට අණදීම 'නීති විරෝධීයි!'
T
The Leader Desk
May 11, 2022 • 5:50 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්දිරන් පෙන්වා දෙන්නේ කැබිනට් මණ්ඩලයක් නැති තැනක එවන් නියෝගයක් නිකුත් කිරීමේ බලයක් සහිත ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයකු නැති බවයි.
- පොදු දේපළ විනාශ කරන හෝ පුද්ගලයන්ට හානි සිදුකිරීමට සම්බන්ධ වන ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තබන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදාවට අඟහරුවාදා (10) පස්වරුවේ නියෝග කර ඇතැයි කොළඹින් පලකෙරෙන ජනමාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.
- එදින පල කර ඇති එකම අති විශේෂ ගැසට් නිවේදනය වන්නේ ජනාධිපතිවරයා විසින් මැයි මස 12 දා උදේ 7 දක්වා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති අංක 2279/13 දරන ගැසට් පත්‍රයයි.
- වෙඩි තැබීමට කිසිවකුටත් බලය පැවරීමක් ගැන එහි සඳහන් නොවේ.
අකුරු ප්රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්යන්තර ඩයස්පෝරාව අතර ක්රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



