The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

මුල්ලිවයික්කාල් කැඳ දන්සලින් දෙමළ වර්ග සංහාරක සමරුව ඇරැඹේ

T

The Leader Desk

May 13, 2022 • 4:48 AM

  මුල්ලිවයික්කාල් කැඳ දන්සලින් දෙමළ වර්ග සංහාරක සමරුව ඇරැඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළමු කැඳ පිසීම සිදු කොට ඇත්තේ යුද්ධයේ ලේ වැකි අවසාන දින කිහිපයේදී ආණ්ඩුවේ කැඳවීම අනුව කොටුවී සිටි යුද මුක්ත කලාපය පිහිටි මුල්ලිවයික්කාල් භුමියෙනි.
  • ඒ 2009 දෙමළ ජනයාට එරෙහිව දියත් කර තිබූ වර්ග සංහාරක යුද්ධයේ අවසන් දින කිහිපයයි.
  • ඉතිරිව තිබූ සමාජ සුබසාධන සංවිධානත්, දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයත් එක්ව, වන්නියේ කුඹුරු බිම්වලින්ම ජීවිත සරිකරගත් මිනිසුන්ගේ අවසන් ජීව පොද රකිනු වස් ‘මුල්ලිවයික්කාල් කැඳ’ නම් ජීවන මාත්‍රාව පිසුවේ එවන් මොහොතක ය.
  • එසේ පෝලිම්වල කල් ගෙවද්දීම ගුවනින් හෙළන ලද පොකුරු බෝම්බවලට හා ෂෙල් වෙඩිවලට ලක් වී දහස් ගණනකට මරණයම උරුම විය.
අකුරු ප්‍රමාණය (Font Size):


පළමු කැඳ පිසීම සිදු කොට ඇත්තේ යුද්ධයේ ලේ වැකි අවසාන දින කිහිපයේදී ආණ්ඩුවේ කැඳවීම අනුව කොටුවී සිටි යුද මුක්ත කලාපය පිහිටි මුල්ලිවයික්කාල් භුමියෙනි.

දැඩි සෝදිසියක යෙදෙමින් සැරිසරමින් සිටි යුද හමුදා භටයන්ටද සංවිධායකයන් කැඳ සත්කාර කරනු මාධ්‍යවේදීන් විසින් රූප ගතකොට තිබේ

{gallery}mullivaikkalkanji{/gallery}

උතුර - නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය හා එක්ව එම කටයුතු සංවිධානය කළ පොදුජන සංවිධාන සිංහලෙන් බෙදාහල පත්‍රිකාව එම ස්මරණයේ අරුත පහදා දෙන්නේ මෙසේය.

ඒ 2009 දෙමළ ජනයාට එරෙහිව දියත් කර තිබූ වර්ග සංහාරක යුද්ධයේ අවසන් දින කිහිපයයි. සිව් දෙසින් වටකළ හමුදාවෝ අසරණ අවතැන් මිනිසුන්ගේ හිස් මත මරණය වපුරමින් සිටියහ. ඊට විරාම නොතියා මිනිසුන්ගේ බංකර්වලට හෙළන ලද ෂෙල් වෙඩි සහ පොකුරු බෝම්බ ද පිපිරෙමින් තිබුණි. මළමිනී සහ මරණීය තුවාල ලැබූවන්ගේ උණුසුම් රුධිරයෙන් මුල්ලිවයික්කාල් නම් දුක්ඛිත නිජබිම නැහැවී ගියේය.

විමුක්තිය අදිටන් කරගත් දේශයක මිනිසුන්ව සාගින්න සහ මරණය විසින් වටකර තිබුණි. මුදල්වලට වටිනාකමක් හෝ සාගින්නට අහරක් හෝ තිබුණේ නැත. ඉතිරිව තිබූ සමාජ සුබසාධන සංවිධානත්, දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයත් එක්ව, වන්නියේ කුඹුරු බිම්වලින්ම ජීවිත සරිකරගත් මිනිසුන්ගේ අවසන් ජීව පොද රකිනු වස් ‘මුල්ලිවයික්කාල් කැඳ’ නම් ජීවන මාත්‍රාව පිසුවේ එවන් මොහොතක ය. ඒ මිනිසුන්ට අහර වූයේ වතුරත්, සහල් මිටකුත්, සොයා ගත හැකි වුවොත් ලුණු බිඳකුත් එක්කොට පිසූ මේ කැඳ පමණි.

ළමුන්, මහල්ලන් හා ගැබිණි අම්මාවරු කැඳ ලැබෙනතුරු දිගු පෝලිම්වල හාමත්ව කල් මැරූහ. එසේ පෝලිම්වල කල් ගෙවද්දීම ගුවනින් හෙළන ලද පොකුරු බෝම්බවලට හා ෂෙල් වෙඩිවලට ලක් වී දහස් ගණනකට මරණයම උරුම විය. ලැබෙනතුරු බලා සිටි කැඳ කෝප්පයෙන් උගුරක් තොල ගා කුසේ වැඩෙනා දරුවාගේ බඩගින්න නිවීමට පෙරම, ගැබ විවර වී ලේ විසිරී අතුරුණුබහන් හා නූපන් කළලය එළියට විසිව තිබූ මිනිස් ඛේදාන්තයන් ඒ කැඳ පිළිබඳ මරණීය මතකයක් එක්කර අපේ පරම්පරාවේ හදවත් තුළට කා වැදුණි.

යුක්තිය ඉල්ලා අරගල කරන අපේ මිනිසුන්ගේ වේදනාබරිත හඬට මේ ලෝකය සවන් දෙන තුරු "මුල්ලිවයික්කාල් කැඳ" විසල් වේදනාබර ඛේදවාචකයක්, සංකේතයක් ලෙස අපේ ජනයාගේ සාමූහික මතකය තූළ ආරක්ෂා කර ගැනීම අපේ ඓතිහාසික වගකීම යි.

යුක්ති සහගත ගෞරවාන්විත ජීවිතයක් උදෙසා අරගල කරන්නට බලකෙරුණු මිනිසුන්ගේ මෙම ජනතා නැඟිටීමෙහි එක් මොහොතක් ලෙස   "මුල්ලිවයික්කාල් කැඳ" ද ඉතිහාසයේ එක්තරා තැනක සලකුණු වී තිබේ.

2f4332b4 8f3a 4dd6 9a30 c31ff5da781c

279563276 5093268254044373 3027504249590632428 n

 
220512 Kanji statement 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මුල්ලිවයික්කාල් කැඳ දන්සලින් දෙමළ වර්ග සංහාරක සමරුව ඇරැඹේ | The Leader