The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

දෙමළ මළවුන් සැමරීමට පාර්ලිමේන්තුවේ 'ගෝටා-රනිල් ආණ්ඩුවේ' විරෝධය

T

The Leader Desk

May 19, 2022 • 9:36 AM

දෙමළ මළවුන් සැමරීමට පාර්ලිමේන්තුවේ 'ගෝටා-රනිල් ආණ්ඩුවේ' විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහරාදලිංගම් ඊයේ [18] දිනයේ සිය කතාව ආරම්භ කරමින් ඉල්ලා සිටියේ මුල්ලිවයික්කාල් වර්ග සංහාරයේ දී මරා දැමුණු ජනතාව වෙනුවෙන් විනාඩියක නිහැඬියාවක් රකින ලෙසයි.
  • මිනිත්තුවක් නිශ්ශබ්දව පැවැත්වූ සැමරුම මුල්ලිවයික්කාල් කොටින් වෙනුවෙන් කරන ලද්දක් ලෙස හඳුන්වමින් එය හැන්සාඩ් වාර්තා වලින් ඉවත් කරන ලෙසයි එම මන්ත්‍රීවරුන් මුලාසනයෙන් ඉල්ලා සිටියේ.
  • ඒ ගැන තීරණයක් ගැනීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යොමු කරන බවට මුලාසනයෙන් දැනුම් දීමත් සමගින් මන්ත්‍රී නෝහරාදලිංගම් සිය කතාව යළි ඇරඹීය.
  • පසුව සභාව ඇමතූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මුල්ලිවයික්කාල් ප්‍රකාශනය කියවන්න්නට විය.
අකුරු ප්‍රමාණය (Font Size):

පවත්වා තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහරාදලිංගම් ඊයේ [18] දිනයේ සිය කතාව ආරම්භ කරමින් ඉල්ලා සිටියේ මුල්ලිවයික්කාල් වර්ග සංහාරයේ දී මරා දැමුණු ජනතාව වෙනුවෙන් විනාඩියක නිහැඬියාවක් රකින ලෙසයි.

අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු නැගී සිටිමින් ඊට විරෝධය දක්වන්නට වූහ.

මිනිත්තුවක් නිශ්ශබ්දව පැවැත්වූ සැමරුම මුල්ලිවයික්කාල් කොටින් වෙනුවෙන් කරන ලද්දක් ලෙස හඳුන්වමින් එය හැන්සාඩ් වාර්තා වලින් ඉවත් කරන ලෙසයි එම මන්ත්‍රීවරුන් මුලාසනයෙන් ඉල්ලා සිටියේ.

ඒ ගැන තීරණයක් ගැනීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යොමු කරන බවට මුලාසනයෙන් දැනුම් දීමත් සමගින් මන්ත්‍රී නෝහරාදලිංගම්  සිය කතාව යළි ඇරඹීය.

 

පසුව සභාව ඇමතූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මුල්ලිවයික්කාල් ප්‍රකාශනය කියවන්න්නට විය. වර්ග සංහාර අනුස්මරණ කමිටුවේ විශේෂ ඉල්ලීමක් මත එය ඉදිරිපත් කරන බව පැවසූ මන්ත්‍රී නිර්මලනාදන් කියා සිටියේ ලංකාවේ දෙමළ ජනතාවගේ දුක්බරම දිනය මැයි 18 වැනිදාට යෙදෙන බවයි.

 

''මේ දිනය අපේ භුමිය මාරුවෙන් මාරුවට ආක්‍රමණය කළ සිංහල ආණ්ඩුවේ වර්ග සංහාරයන් පිළිඹිබු කරනවා. කෙතරම් දුකක්, කම්පනයක්, පීඩනයක් දැනුනත් අපි පරාජය වෙන්නේ නැහැ. මුල්ලිවයික්කාල් භූමියේදී මරා දැමුණු ලක්ෂ ගානක් අහිංසක දෙමළ ජනයා සිය ජිවිත පරිත්‍යාග කළේ අපි වෙනුවෙන්. යුද්ධයෙන් පසුවත් දෙමළ ප්‍රදේශවල අපේ ඥාතීන් අතුරුදහන් කළා. ආණ්ඩුවේ හමුදාවට බාර කරපු අපේ ඥාතීන් තවම හමුවුනේ නැහැ. දිගින් දිගටම උද්ඝෝෂණය කළත්,මේවන තුරු කිසිදු ප්‍රථිපලයක් නැහැ.''

දෙමළ ජනතාවගේ වේදනාව හඳුනාගෙන ඔවුන්ට යුක්තිය ලබා ගැනීම  සඳහා ගෙනයන අරගලයට සහාය දෙන ලෙස මන්ත්‍රීවරයා සිංහල ජනතාවට ආයාචනයක්ද කළේය.

මුල්ලිවයික්කාල් සමරු ස්මාරකය අසල මෙන්ම, යාපනය සරසවිය, වවුනියාව, කිළිනොච්චිය, මන්නාරම, ත්‍රිකුණාමලය, මඩකළපුව සහ පුදිකුඩිඉරිප්පු, වවුනියාව අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ අරගල බිමේ මෙන්ම ගාලු මුවදොර ගෝ ''ගෝටා ගෝ හෝම්'' ගමේ ද  මුල්ලිවයික්කාල් ජන සංහාරයෙන් මළවුන්  සිහිපත් කෙරිණි.




සබැඳි පුවත් :


ගාලුමුවදොර අරගල භුමියේ 'මුල්ලිවයික්කාල් සැමරුමක්'

උතුරේ මව්වරුන්ගේ අරගලය වෙනුවෙන් පෙනී සිටිමු ! - රැඩිකල් මැද සාමූහිකය

මුලතිව් කඩ සාප්පු වසා දමා ශෝකය ප්‍රකාශ කරයි (වීඩියෝ)

මුල්ලිවයික්කාල් කැඳ දන්සලින් දෙමළ වර්ග සංහාරක සමරුව ඇරැඹේ



Leader Whats app

  

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...