The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

'විදුලිබල පනත සංශෝධනය නොකළා නම් මණ්ඩලයේ සේවකයින් 12,000කගේ රැකියා නැතිවෙන්න ඉඩ තිබුණා' - බලශක්ති ඇමති කියයි

T

The Leader Desk

September 16, 2025 • 3:47 AM

'විදුලිබල පනත සංශෝධනය නොකළා නම් මණ්ඩලයේ සේවකයින් 12,000කගේ රැකියා නැතිවෙන්න ඉඩ තිබුණා' - බලශක්ති ඇමති කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.
  • රටේ සංවර්ධන ඉලක්ක සමග සමගාමීව විදුලිබල ක්ෂේත්‍රය සංවර්ධනය කරන්න අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් 100%ක් පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය තියෙන ආයතන පිහිටුවා අවසන්.
  • හැමෝටම සාධාරණ ක්‍රමවේදයක් ලබා දීලා තිබුණත් සේවකයන් පොලඹවන්න පදනම් විරහිත ඒ වගේම සාධාරණ නොවන ඉල්ලීම් ඉල්ලගෙන අනවශ්‍ය ප්‍රශ්න මතුකරන බව පේනවා.
  • පසුගිය කාලය පුරා අපට කරන්න පුළුවන් කළ හැකි සියලු දේවල් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...

''රටේ සංවර්ධන ඉලක්ක සමග සමගාමීව විදුලිබල ක්ෂේත්‍රය සංවර්ධනය කරනවා''

“පසුගිය රනිල්-රාජපක්ෂ රජය විදුලිබල ක්ෂේත්‍රය පුද්ගලිකකරණ වැඩපිළිවෙලක් හරහා විශේෂයෙන්ම සේවක වරප්‍රසාද, අයිතිවාසිකම් සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන්නෙ නැතුව ක්‍රියාත්මක කරපු වැඩ පිළිවෙළ අපි පරාජය කළා විතරක් නෙවෙයි, ආපසු හැරෙව්වා. ඒ වගේම බලශක්ති ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමිකාරීත්වය තහවුරු කළා. රටේ සංවර්ධන ඉලක්ක සමග සමගාමීව විදුලිබල ක්ෂේත්‍රය සංවර්ධනය කරන්න අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් 100%ක් පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය තියෙන ආයතන පිහිටුවා අවසන්. ඒ අනුව සැලසුම් කළ පරිදි ඒ වැඩපිළිවෙල ඉදිරියට යනවා.

විශේෂයෙන්ම අපි වෘත්තීය සමිති සමග කළ සාකච්ඡාවේ දී ලංකා විදුලි සේවක සංගමය ඇතුළු සියලු වෘත්තීය සමිති එක්ව ඉදිරිපත් කළ යෝජනා ඉතා සැලකිල්ලෙන් විමසා බලා ප්‍රායෝගික ක්‍රියාත්මක කළ හැකි ඉල්ලීම් දැනටමත් බලශක්ති අමාත්‍යංශය, විදුලිබල ප්‍රතිව්‍යහුහගත කාර්යංශය හා විදුලිබල මණ්ඩලය හැටියට ක්‍රියාත්මක කිරීම අරඹලා තියෙනවා.

පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය ඇතිව හැදෙන සමාගම් 04කට සෑම සේවකයෙක් ම අනුයුක්ත කරමින්, දැනුම්දීම දැනටම කරලා තියෙනවා. ඒ නිසා මේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය පිළිබඳ කිසිම ගැටලුවක් මතුවෙන්නෙ නෑ.

සාධාරණ නොවන ඉල්ලීම් ඉල්ලන්න එපා

ඒවාට සම්බන්ධ වෙන්න අකමැති සේවකයන්ට සිය කැමැත්තෙන් වන්දි ලබාගෙන විශ්‍රාම යාමේ ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඒක නීතිමය අවශ්‍යතාවයක්. එහෙම නැතුව අපට සේවකයන් ගෙදර යවන්න ඕනෙ කමක් නෑ. ඒකෙදි දැනට රටේ පවතින වන්දි සූත්‍රයට වඩා ඉහළ වන්දි ක්‍රමවේදයක් හදලා තියෙනවා. අපට සේවකයන් වටිනවා.

හැමෝටම සාධාරණ ක්‍රමවේදයක් ලබා දීලා තිබුණත් සේවකයන් පොලඹවන්න පදනම් විරහිත ඒ වගේම සාධාරණ නොවන ඉල්ලීම් ඉල්ලගෙන අනවශ්‍ය ප්‍රශ්න මතුකරන බව පේනවා. සාධාරණ සහ ප්‍රායෝගික සේවක ඉල්ලීම් ඉෂ්ට කරන්න අපි කවදාවත් පසුබට වෙන්නෙ නෑ. පසුගිය කාලය පුරා අපට කරන්න පුළුවන් කළ හැකි සියලු දේවල් කළා.

ඒ වගේම මේ සංශෝධනයට නොගිහින් තිබුණා නම්, අපි පනත සංශෝධනය කළේ නැති නම්, රනිල් පාලනය කාලේ තිබ්බ විදිහට තිබ්බ නම්, විදුලි බල මණ්ඩලයේ 12,000ක් සේවකයන් ගෙදර යවන්න තිබුණා. ආයතන 12කට කඩන්න තිබුණා. විශේෂයෙන්ම සමහර වෘත්තීය සමිතිවලින් මම අහන්න කැමතියි ඒ වෘත්තීය සමිති වැඩ කරන්නෙ සේවකයන් වෙනුවෙන්ද එහෙම නැත්තං සේවකයන් ගෙදර යවලා ඒක දඩමීමා කරගෙන දේශපාලන ප්‍රශ්නයක් මතු කරන්න ද මේ උත්සාහ කරන්නෙ කියලා.

රටට අඛණ්ඩව විදුලිය සැපයුමක් ලබා දීමට බැඳී සිටිනවා

ජනතාවගේ රජයක් හැටියට අපි මේ හැම සේවකයෙකු වෙනුවෙන් ම වගකියනවා. ඒ වගේම ඒ හැම සේවකයෙකුගේ ම යහපත හෙට දවස වෙනුවෙන් වැඩ කරනවා. ඒ වගේම රටේ බලශක්ති ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාවය වෙනුවෙන් අවශ්‍ය හැම කටයුත්තක්ම කරනවා. සීමිත න්‍යායපත්‍රවලට අනුව නෙවෙයි. ක්ෂ්ත්‍රයේ ප්‍රගමනය පිළිබඳ පුළුල් දැක්මකින් කටයුතු කරනවා.

ජනතා රජයක් හැටියට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළදිත් කිසිම සේවකයෙකුගේ වරප්‍රසාද අහිමි කිරීමට හෝ කප්පාදු කිරීමට ක්‍රියා කරන්නෙ නැහැ. එහෙත් රජයක් හැටියට රටට අඛණ්ඩව විදුලිය සැපයුමක් ලබා දීමට බැඳී සිටිනවා. අදාළ සෑම පාර්ශවයක්ම ඒ බව වටහාගෙන ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරනවා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට බලශක්ති අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු. ඩබ්ලිව්. එදුස්සූරිය, විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ ද සහභාගී වී අදහස් දැක්වූහ.
 
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...