The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

සතුනට බඩ ඉරිඟු ගෙනත් රජයට කෝටි 12ක් පාඩු කරලා !

T

The Leader Desk

September 17, 2025 • 5:43 AM

සතුනට බඩ ඉරිඟු ගෙනත් රජයට කෝටි 12ක් පාඩු කරලා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසරේ අගෝස්තු මාසයේදී මෙම බඩ ඉරිඟු ආනයනය කර ඇති බවත්, මෙරටට සත්ව ආහාර ආනයනය කිරීමේ එකම බල අධිකාරිය වන ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට රාජ්‍ය කොටස නොගෙවීම තුළින් මෙම පාඩුව හා වංචාව සිදුව ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාසය පැවසීය.
  • රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි ඉටු නොවීම තුළින් මෙම පාඩුව හා වංචාව සිදුවී ඇති බවට පෙනී යන බවත්, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩල හිටපු නිලධාරියකුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ පණහක මුදලක් බැර වීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවත් සඳහන් කළේය.
  • බඩ ඉරිඟූ මෙට්‍රික් ටොන් 25000 ක් 2023 වසරේදි ආනයනය කිරීම සඳහා පුද්ගලික සමාගම්ලට අවසර ලබා දීම තුළින් මෙම පාඩුව හා වංචාව සිදු වී ඇති බව ද පැවසීය.
  • මෙම විමර්ශනය කැඳවූ අවස්ථාවේදී සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු ආනයනය කර රජයට පාඩු හා වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත පුද්ගලික සමාගමක අබ්දුල් කාදර් මොහොමඩ් හස්නා නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


2023 වසරේ අගෝස්තු මාසයේදී මෙම බඩ ඉරිඟු ආනයනය කර ඇති බවත්, මෙරටට සත්ව ආහාර ආනයනය කිරීමේ එකම බල අධිකාරිය වන ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට රාජ්‍ය කොටස නොගෙවීම තුළින් මෙම පාඩුව හා වංචාව සිදුව ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාසය පැවසීය.

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි ඉටු නොවීම තුළින් මෙම පාඩුව හා වංචාව සිදුවී ඇති බවට පෙනී යන බවත්, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩල හිටපු නිලධාරියකුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ පණහක මුදලක් බැර වීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවත් සඳහන් කළේය.

බඩ ඉරිඟූ මෙට්‍රික් ටොන් 25000 ක් 2023 වසරේදි ආනයනය කිරීම සඳහා පුද්ගලික සමාගම්ලට අවසර ලබා දීම තුළින් මෙම පාඩුව හා වංචාව සිදු වී ඇති බව ද පැවසීය.

මෙම විමර්ශනය කැඳවූ අවස්ථාවේදී සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු ආනයනය කර රජයට පාඩු හා වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත පුද්ගලික සමාගමක අබ්දුල් කාදර් මොහොමඩ් හස්නා නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත කරුණු දක්වමින් කියා සිටියේ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් 121864655.00ක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය වෙත පියවීම නොකර මෙම වංචාව හා පාඩුව සිදු කර ඇති බවය. පොලිසිය මෙසේද කරුණු ඉදිරිපත් කළේය.

( lankadeepa | රෝෂන් තුෂාර)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...