The Leader News
BREAKING
Top Ad
පුවත්

රුපියල් කෝටි 12ක අල්ලස් නඩුව: රඛිත, චරිත් සහ අරුණ යළි 28 දක්වා රිමාන්ඩ්!

T

The Leader Desk

July 17, 2026 • 4:52 PM

රුපියල් කෝටි 12ක අල්ලස් නඩුව: රඛිත, චරිත් සහ අරුණ යළි 28 දක්වා රිමාන්ඩ්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * අල්ලස් ජාවාරමට ඉහළ පොලිස් නිලධාරීන් සහ හිමිනමකගේ සම්බන්ධයක්?
  • සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය එදිනට ප්‍රකාශයට පත් කරන බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
  • සැකකරුවන්ට අල්ලස් මුදල් ලබා දුන් ආකාරය සහ ඒ සඳහා සිදුකළ සංවාද එමඟින් සනාථ වන බව ඇය සඳහන් කළාය.
  • තවත් තිගැස්සෙන සුලු තොරතුරු රැසක් මීට අමතරව මෙම මහා පරිමාණ අල්ලස් ජාවාරම පිටුපස තවත් තිගැස්සෙන සුලු තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින බව පැමිණිල්ල අධිකරණයට දන්වා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


* හරක් කටාගේ බිරිඳ දුරකථන පටිගත කිරීම් සහ වීඩියෝ සාක්ෂි අල්ලස් කොමිසමට දෙයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන 'හරක් කටා' නැමැත්තාට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්නැදිගේ යන තිදෙනා ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (17දා) නියෝග කළේය.

සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය එදිනට ප්‍රකාශයට පත් කරන බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

හරක් කටාගේ බිරිඳගෙන් තීරණාත්මක සාක්ෂි සහ පොලිස් සම්බන්ධතා

අද දින නඩු විභාගය ආරම්භයේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂක නීති අනුෂා සම්බන්ධප්පෙරුම අධිකරණයට ප්‍රකාශ කළේ, මෙම සිද්ධියේ ප්‍රධාන පැමිණිලිකාරිය වන හරක් කටාගේ බිරිඳ වන මහේෂිකා මධුවන්ති නැමැත්තිය විසින් අල්ලස් කොමිසම වෙත වීඩියෝ පටයක් සහ දුරකථන සංවාද පටිගත කිරීම් කිහිපයක් ලබා දී ඇති බවයි. සැකකරුවන්ට අල්ලස් මුදල් ලබා දුන් ආකාරය සහ ඒ සඳහා සිදුකළ සංවාද එමඟින් සනාථ වන බව ඇය සඳහන් කළාය.

තවත් තිගැස්සෙන සුලු තොරතුරු රැසක්

මීට අමතරව මෙම මහා පරිමාණ අල්ලස් ජාවාරම පිටුපස තවත් තිගැස්සෙන සුලු තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින බව පැමිණිල්ල අධිකරණයට දන්වා සිටියේය.

"ස්වාමීනි, මෙම ලබා ගන්නා ලද අල්ලස් මුදල ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් හරහා ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් වෙත ලබා දී ඇති බවට කරුණු අනාවරණය වෙනවා. ඒ වගේම හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් එතැන සිටි නිලධාරීන්ගේ මැදිහත් වීම ගැනත් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි," යැයි සහකාර අධ්‍යක්ෂවරිය පැවසුවාය.

ඉන්දීය සංචාර, දුරකථන ඇමතුම් 1300ක් සහ ව්‍යාපාරික ජාල

විමර්ශන ප්‍රගතිය තවදුරටත් දක්වමින් අල්ලස් කොමිසම කියා සිටියේ, සැකකරුවන් තිදෙනා 2023 මාර්තු 4 වැනිදා AL 274 ගුවන් යානයෙන් ඉන්දියාව බලා පිටත්ව ගොස් නැවත මාර්තු 7 වැනිදා ලංකාවට පැමිණ ඇති බව ආගමන විගමන වාර්තා මඟින් තහවුරු වී ඇති බවයි. සැකකරුවන් ඉන්දියාවේ සිටියදී පවා මෙරට සිටි පුද්ගලයන් සමඟ ගනුදෙනුව පිළිබඳව දුරකථනයෙන් විමසා තිබේ. එමෙන්ම දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව සැකකරුවන් තිදෙනා අතර පමණක් ඇමතුම් 1300කට අධික ප්‍රමාණයක් හුවමාරු වී ඇත.

සමාගම් මැදුරෙන් ලබාගත් වාර්තා අනුව දෙවැනි සැකකරු වන රඛිත රාජපක්ෂ මහා පරිමාණ සමාගම් 9ක් සමඟ සබඳතා පවත්වා ඇති බවත්, සෙසු සැකකරුවන්ගේ ව්‍යාපාරික ජාලයන් සහ ඔවුන් සම්බන්ධ තවත් අල්ලස් පැමිණිල්ලක් පිළිබඳව මේ වන විට විමර්ශන සිදුවන බවත් අධිකරණයේදී හෙළි විය.

රෝගී තත්ත්වයන් සහ බන්ධනාගාරය තුළ ඇති ජීවිත තර්ජන

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයන් දැඩි රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බැවින් සුදුසු ඇප කොන්දේසි මත මුදාහරින ලෙසයි.

නීතීඥ රඛිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස කරුණු දක්වමින්, තම සේවාදායකයා 'ස්ලිප් ඇප්නියා' (Sleep Apnea) නමැති දරුණු ශ්වසන ආබාධයෙන් පෙළෙන බව ප්‍රකාශ කළේය. රාත්‍රී කාලයේදී ශරීරයේ ඔක්සිජන් මට්ටම පහත වැටී කාබන්ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යාම නිසා හෘදයාබාධයක් පවා ඇති විය හැකි බවත්, මේ සඳහා නිවසේදී භාවිත කරන විශේෂිත ඔක්සිජන් යන්ත්‍රය (CPAP Machine) බන්ධනාගාරය තුළ නොමැති වීම නිසා ඔහුගේ ජීවිතය අවදානමක පවතින බවත් හෙළි කළේය. මීට අමතරව, හිටපු ඇමති විජයදාස රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද නීති සංශෝධන හේතුවෙන් මත්ද්‍රව්‍ය වැරදිවලට බන්ධනාගාර ගතව සිටින රැඳවියන් රඛිත රාජපක්ෂ සමඟ දැඩි වෛරයකින් පසුවන බැවින්, බන්ධනාගාරය තුළ ඔහුට බරපතළ ජීවිත තර්ජනයක් පවතින බව ද නීතිඥවරයා මතු කළේය.

පළමු සැකකරු වන චරිත් අබේසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න තර්ක කළේ, මෙම පැමිණිල්ල නිර්ණාමික එකක් බවත්, අල්ලස් මුදල් හුවමාරු වන අවස්ථාවේදී සිදුකළ වැටලීමක් නොවන බැවින් නඩු භාණ්ඩ පිළිබඳ ගැටලුවක් පවතින බවත්ය. තවද තම සේවාදායකයා ද හෘද රෝගියෙකු වන අතර, දින ගණනාවකින් ඔහුට නියමිත ඖෂධ ලැබී නොමැති බවත්, ඔහුගේ කුඩා දරුවන් තිදෙනා සහ බිරිඳ මෙයින් දැඩි අසරණභාවයට පත්ව ඇති බවත් පෙන්වා දෙමින් ඇප ඉල්ලා සිටියේය.

සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් එළඹෙන 28 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කරමින් එදිනට ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...