The Leader News
BREAKING
Top Ad
පුවත්

IFJ ලෝක සමුළුව හමුවේ සන්ධ්‍යා එක්නැළිගොඩ කළ කතාව

T

The Leader Desk

June 16, 2022 • 5:54 AM

IFJ ලෝක සමුළුව හමුවේ සන්ධ්‍යා එක්නැළිගොඩ කළ කතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩට ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ (IFJ) 31 වැනි ලෝක
  • සන්ධ්‍යා එක්නැළිගොඩ වන මා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ සහ පුතුන් දෙදෙනකුගේ මවක් ලෙස ඔබට හඳුන්වා දෙන්න කැමතියි.
  • අසාධාරණයට එරෙහිව සිය පෑන් සහ පින්සල් හසුරුවන නිර්භීත මාධ්‍යවේදීන් ඇති තරම් ශ්‍රී ලංකාවේ ඉන්නවා.
  •   IFJ විසින් 2022 ජූනි මස ඕමානයේ පැවති එහි 31 වන මහා සභා රැස්වීමේදී ප්‍රගීත් එක්නැගිඩට සම්මානයක් පිරිනමන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්මේලනයේදී තම සැමියාගේ අතුරුදන්වීමට සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ආරාධනා කර තිබුණි.

ඇය කළ කතාවේ සිංහල පරිවර්ථනයක් පහත දැක්වේ.

''IFJ හි හිතවත් සගයනි,

මෙම අවස්ථාවලබා දීම වෙනුවෙන් පළමුව මම ඔබට මගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි.

සන්ධ්‍යා එක්නැළිගොඩ වන මා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ සහ පුතුන් දෙදෙනකුගේ මවක් ලෙස ඔබට හඳුන්වා දෙන්න කැමතියි.

අසාධාරණයට එරෙහිව සිය පෑන් සහ පින්සල් හසුරුවන නිර්භීත මාධ්‍යවේදීන් ඇති තරම් ශ්‍රී ලංකාවේ ඉන්නවා.

තාඩන පීඩනවලට, අතුරුදන් කිරීම්වලට සහ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් සිහිපත් කරමින් මම මගේ කතාව ආරම්භ කරමි.

 288171948 5249160628464131 8176032307667153730 n

IFJ විසින් 2022 ජූනි මස ඕමානයේ පැවති එහි 31 වන මහා සභා රැස්වීමේදී ප්‍රගීත් එක්නැගිඩට සම්මානයක් පිරිනමන ලදී.

 

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ගවේෂණාත්මක වාර්තාකරුවෙකු විය. එටමන්ම ඔහු ශ්‍රී ලංකාවේ සමාජ-සංස්කෘතික, ආර්ථික, සහ දේශපාලන ප්‍රශ්න හෙළිදරව් කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කළේය.

ඔහු කාටූන් ශිල්පියෙකු සහ දේශපාලන තීරු ලිපි රචකයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය කළ නමුත් අතුරුදහන් වූ කාලය ආසන්නයේ අන්තර්ජාල මාධ්‍යවේදියෙකු ලෙසද කටයුතු කළේය.

එවකට ශ්‍රී ලංකාව පාලනය කළ රාජපක්ෂ රෙජීමයේ මූල්‍ය දූෂණ සහ සමාජ අසාධාරණය සහ ශ්‍රී ලංකාවේ යුද්ධයේ ම්ලේච්ඡත්වය ඔහු විසින් විසින් විවේචනයට ලක් කරන ලද අතර එය තමාගේ වගකීම බව ඔහු පැවසීය.

 

පළමුව, 2009 ඔහුව අර්බූදයකට යැවූයේ ඔහුගේ දෑස් බැඳ, මාංචු දමා පැහැර ගෙන ගොස්  දිනකට පසුව නිදහස් කිරීම මගිනි. 2010 ජනවාරි 24 වැනි දින බලහත්කාරයෙන් පැහැරගෙන යාමෙන් පසු ඔහු අතුරුදහන් විය, එය මගේ දැක්මට අනුව ඉතා කුරිරු අපරාධයකි.

 

එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2010 දී මගේ සැමියා අතුරුදහන් වීම නිසා වින්දිතයකු බවට පත්  වූ මා, මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ නිර්මාණශීලී අරගලකාරියක බවට පරිවර්තනය වූයෙමි.

මම මෙම අරගලය සඳහා මගේ මුළු ජීවිතයම කැප කළෙමි. නිර්මාණශීලී අරගලකාරියක ලෙස මා හඳුනා ගැනීමට හේතුව මගේ මාවතයි.

ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ, බොහෝ සංස්කෘතික හා ආගමික විශ්වාසයන්, යාඥා කිරීම, වැළපීම සහ අනුකම්පාව මත පදනම් වූ චාරිත්‍ර තිබේ.  මම එම විශ්වාසයන් සහ ඇදහිළි මගේ උපාය මාර්ගයක් ලෙස භාවිතා කරමි.

ප්‍රගීත්ට යුක්තිය සහ සත්‍යය කවදා හෝ ඉටුකරදීම මගේ අරමුණ ඉටු වනු ඇතැයි මට විශ්වාසයක් තිබේ. මට හැගෙන්නේ ඔහු ජීවමානව මා සමඟ සිටින බවයි.

විධායකය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ අධිකරණය යන ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාලන ආයතන තුන තුළ මා ලැබූ අත්දැකීම් ඔබ සමඟ කෙටියෙන් බෙදා ගැනීමට මම කැමැත්තෙමි. මෙම අත්දැකීම් ශ්‍රී ලංකාවේ දණ්ඩ මුක්තිය පිළිබඳ මගේ අදහස් පෙන්නුම් කරයි.

 

පසුගිය වසර 12 තුළ සෘජු හෝ වක්‍ර නඩු 15ක් සඳහා මම මහේස්ත්‍රාත් අධිකරණ, මහාධිකරණ, අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් ඇත්තේමි. ඉන් නඩු පහක් සෘජුවම ප්‍රගීත් පැහැර ගැනීමට සම්බන්ධ ඒවාය.

 

ශ්‍රී ලංකාවේ අධිකරණ ආයතන සම්බන්ධයෙන් කියන්නේ නම් ඔහු අතුරුදහන් වූ රාත්‍රිය පහන් වූ දින වූ 2010 ජනවාරි 25 වැනි දින, මම මුලින්ම ගියේ මගේ ප්‍රදේශයේ පිහිටි පොලිස් ස්ථානයටය. මම පැමිණිල්ල සටහන් කර ගන්නා ලෙස කී විට එම පොලිස් ස්ථානය භාර නිලධාරියා මා සමඟ එක්ක වාද කරමින් මගේ කාලය නාස්ති කළේය. මගේ උත්සාහය ව්‍යාජ පැමිණිල්ලක් සඳහා බව ඔහු චෝදනා කළේය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ද මට සැළකුවේ  එසේය.

ඉන් පසු 2010 පෙබරවාරි 19 වෙනිදා මම ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණයට Habeas Corpus පෙත්සමක් ගොනු කළෙමි.  2010 සිට 2016 දක්වා මෙම නඩුව සක්‍රීයව පැවතුනි.

 

ඒ දිනවල රාජපක්ෂ රෙජීමයේ සමහර ඇමැතිවරු කීවේ ප්‍රගීත් සරණාගතයෙක් ලෙස විදේශ රටක ජීවත් වනවා කියාය. 2010 දී හිටපු නීතිපති මොහාන් පීරිස් ජිනීවා සමුළුවේදී ද එයම කියා සිටියේය. නමුත් ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔහු අධිකරණයට කියා සිටියේ ප්‍රගීත් ජීවත් වන ස්ථානය දන්නේ දෙවියන් වහන්සේ පමණක් බවයි.

 

2015 මැතිවරණයෙන් රාජපක්ෂ ආණ්ඩුව පරාජයට පත් වී යහපාලන ආණ්ඩුව බලයට පත් විය. මෙම වෙනසින් පසු ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් සහ තවත් අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නේය.

මාස කිහිපයක් ඇතුළත ප්‍රගීත් අතුරුදන් කිරීමට වගකිව යුතු පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එම සැකකරුවන් ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශ නිලධාරීන්ය. ඔවුන් ප්‍රගීත් 2009 සහ 2010 දී දෙවරක්ම පැහැර ගෙන ගියහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා හමුදාව රාජ්‍ය ආයතන වේ.

අපරාධ නඩුවකදී පැමිණිලිකරුගේ භූමිකාව ශ්‍රී ලංකා ජනරජයයි. නමුත් ශ්‍රී ලංකා හමුදාව මෙම නඩුව සඳහා අවශ්‍ය දත්ත හෝ තොරතුරු ලබා දුන්නේ නැත. ඇතැම් විට ඔවුහු අධිකරණයට ව්‍යාජ තොරතුරු ලබා දුන්හ. මේ කාලය තුළ විපක්ෂයේ අසුන් ගෙන සිටින රාජපක්ෂ කල්ලිය නඩුව විභාග කරන රාජ්‍ය ආයතනවලට බලපෑම් කළේය.

ඉන් එකක් වූයේ මට, විමර්ශන නිලධාරීන්ට සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන්ට විරුද්ධව නින්දිත පෝස්ටර් ඇලවීමයි.

 

ඔවුහු උසාවියට බලපෑම් කිරීමට බෞද්ධ භික්ෂූන් වහන්සේලා යොදා ගත්හ. එවැනි එක් හිමිනමක් උසාවි භූමියේදී මට ප්‍රසිද්ධියේ බැණ වැදුණි., ‘උඹේ මිනිහා ත්‍රස්තවාදියෙක්. ඔයා ගිහින් හිඟා කලා ජීවත් වෙන එක මීට හොදයි” කියා ඔහු මට අපහාස කළේය.

 

එමෙන්ම ඔවුන් දහස් ගණන් අපහාසාත්මක සමාජ මාධ්‍ය පෝස්ට් සහ කථා පළ කළහ. ඔවුන් මගේ නාමය විනාශ කළහ. මා හිතන්නේ ලංකාවේ මෙතරම් වෛරී ප්‍රකාශවලට සහ ක්‍රියාවලට මුහුණ දුන් එකම කාන්තාව මා කියාය.

එම ප්‍රකාශනවල අසභ්‍ය වචන තිබූ අතර ඒවායින් සමහරක “මගේ දරුවන් මරා ඔවුන්ගේ මස් මට කවා ඉන් පසුව පසුව” යනාදී ලෙස තිබුණි.

හිටපු ජනාධිපති සිරිසේන මෙම සැකකරුවන් හමුදා නිලධාරීන් බැවින් ඔවුන් රිමාන්ඩ් භාරයෙන් නිදහස් කළ යුතු බව කියා සිටියේය.

2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පැමිණීමෙන් පසුව ඔහු දේශපාලන හතුරන් සෙවීමට කොමිසමක් පත් කළේය.

 

මෙම කොමිසම හිතාමතාම ප්‍රගීත්ගේ අතුරුදන්වීමට වගකිව යුතු හමුදා නිලධාරීන් නිදහස් කිරීමටත් සහ විමර්ශන නිලධාරීන් වරදකරුවන් කිරීමටත්  නිර්දේශ කළේය. කොමිසම අධිකරණ බලයකින් තොරව බලහත්කාරයෙන් සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබා ගත්තේය.

 

ඒ හා සමානව, ඔවුන් මේ මොහොතේ සාක්ෂිකරුවන් බිය ගන්වමින් සිටී. එක් සාක්ෂිකරුවෙකු දැන් කියා සිටින්නේ 2015 දී මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ තමා දුන් සාක්ෂි වැරදි බවය.  

දේශපාලන කණ්ඩායම්හි අවශ්‍යතාවය මත අපරාධ කරන ලද හමුදා නිලධාරීන් දඩුවමෙන් ආරක්ෂා කිරීමට සහ නිදහස් කිරීමට ඔවුන් බොහෝ උපක්‍රම භාවිතා කරයි. කෙසේ හෝ උසාවිය වැරදිකරුවන්ට දඬුවම් දුන හොත් ඔවුන් උත්සාහ කරනු ඇත්තේ ජනාධිපති සමාව ලබා ගැනීමටය.

කරුණාකර සලකා බලන්න, වින්දිතයකු හෝ ඇයගේ පවුලේ අය එවැනි මොහොතකට මුහුණ දෙන්නේ කෙසේද කියා?

දැන් මම මගේ කතාවේ ආරම්භක ස්ථානයට යමි.  මම මුළු ජීවිතයම සටන වෙනුවෙන් කැපකළ කාන්තාවක් බව මම කීවෙමි. 2022 ජනවාරි 25 වෙනිදා මම රාජපක්ෂට වස් වැද්දවීම පිනිස මගේ දිගු කොණ්ඩය බූගා කළු ඇඳුම් ඇඳ ගත්තෙමි. දැන් මම මේ රතු සාළුව ඇඳගෙන ඉන්නා නමුත් ඔබට මෙම සැබෑ කතාව ගූගල් සෙවීමකින් සොයා ගැනීමට හැකිය.

දොළොස් වසරක් නොලද යුක්තිය වෙනුවෙන් සන්ධ්‍යා හිස මුඩුකර පලි ගසයි

මගේ පෙනුම ඔබට කියන්නේ, මගේ පැමිණීම වින්දිතයින්ට යුක්තිය ඉටු නොකරන සහ වැරදිකරුවන්ට දඬුවම් නොලබන රටක සිට මා පැමිණි බවය.

මට මටම පොරොන්දුවක් දී තිබේ. එනම් ප්‍රගීත්ට යුක්තිය ඉටුවන තුරු මම කළු ඇඳුමින් සැරසුණු ගැහැනියක් ලෙස සිටින බවයි.

එම දවස ඉක්මනින් පැමිණෙනු ඇතැයි මම බලාපොරොත්තු වන අතර මගේ දිගු කොණ්ඩය නැවත ලබා ගැනීමටත් වර්ණවල සතුට දැනීමටත් බලාපොරොත්තු වෙමි.

අවසාන වශයෙන්, මුළු ලෝකයේම වින්දිත මාධ්‍යවේදීන්ගේ පවුලේ සාමාජිකයින්ට මම යමක් පැවසීමට කැමැත්තෙමි,

ඔබේ ආදරණීයයා ඉතා වැදගත්ය. ජීවතුන් අතර සිටින මාධ්‍යවේදීන් තුලින් මරා දැමූ මාධ්‍යවේදීන්ට යළි බලගැන්වේයැයි  බලවත් පාලකයෝ බිය වෙති. එබැවින් යුක්තිය ඉටු වන තුරු අපි ඔහුගේ හෝ ඇයගේ පෑනේ ආලෝකය ආරක්ෂා කරමු. එය අපේ වගකීමක් කර ගනිමු. එය දණ්ඩ මුක්තියේ අවසානය වනු ඇත.

( ඉංග්‍රිසි කතාවෙහි සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි)


(srilankabrief.org)


 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...