The Leader News
BREAKING
Top Ad
පුවත්

දිට්වා සුළිකුණාටුව සමයේ මෙරට නායයෑම් 1241ක් - අලුතින් නාය යා හැකි ස්ථාන රැසක් !

T

The Leader Desk

December 12, 2025 • 4:22 AM

දිට්වා සුළිකුණාටුව සමයේ මෙරට නායයෑම් 1241ක් - අලුතින් නාය යා හැකි ස්ථාන රැසක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.
  • ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආපදා තත්ත්වයන් හේතුවෙන් බලපෑම් එල්ල වූ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැවත නගාසිටුවීම සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වු බවය.
  • අලුතින් නාය යා හැකි ස්ථාන රැසක් හඳුනාගනී දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ ආපදා තත්ත්වය පහව ගොස් සතියකට ආසන්න කාලයක් ගතව ඇතැත් තවමත් ඇතැම් ප්‍රදේශවල නායායෑම් සක්‍රිය වීමේ සිදුවීම් වාර්තා වේ.
  • සංචාරක ආකර්ෂණය බහුල දෙමෝදර නැරඹුම් වේදිකා සහිත කන්ද නායයාමේ අවදානමකට ලක්ව තිබීම මෙන්ම කඳු නැගීමට ප්‍රචලිත හාලිඇල - නාරංගල වැනි ප්‍රදේශ ද නායයෑමට මුහුණ දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආපදා තත්ත්වයන් හේතුවෙන් බලපෑම් එල්ල වූ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැවත නගාසිටුවීම සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වු බවය.




අලුතින් නාය යා හැකි ස්ථාන රැසක් හඳුනාගනී

දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ ආපදා තත්ත්වය පහව ගොස් සතියකට ආසන්න කාලයක් ගතව ඇතැත් තවමත් ඇතැම් ප්‍රදේශවල නායායෑම් සක්‍රිය වීමේ සිදුවීම් වාර්තා වේ.

සංචාරක ආකර්ෂණය බහුල දෙමෝදර නැරඹුම් වේදිකා සහිත කන්ද නායයාමේ අවදානමකට ලක්ව තිබීම මෙන්ම කඳු නැගීමට ප්‍රචලිත හාලිඇල - නාරංගල වැනි ප්‍රදේශ ද නායයෑමට මුහුණ දී ඇත.

දෙමෝදර නැරඹුම් වේදිකා කන්දට අමතර බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් අලු‍තින් නායයාම් ස්ථාන 04 ක් හඳුනාගෙන ඇති බවයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේය.

එමෙන්ම, කිතුල්ගල - තෙබුවත්ත ගම්මානයේ තිබූ නායයෑමක් ද යළි සක්‍රිය වී තිබේ.

එම කන්දේ පස් තවමත් කඩා වැටෙන අයුරු දක්නට ලැබෙන බවය ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසති.

නාරංගල ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන් වතු නිවාස පෙළකට හානි සිදුවූ අතර, එහි සිටි පිරිස් මේ වන විට සුරක්ෂිතතා මධ්‍යස්ථානවලයි රැඳී සිටිති.

තවමත් එම ස්ථානයේ නායයාම් අවසන් වී නොමැති බැවින් තමන්ට නිසි ස්ථානයක් ලබාදෙන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියි.

හාලි ඇල - බෝගහමලිත්ත ප්‍රදේශයේ ගම්මාන කිහිපයක නාය යෑමේ අවදානමක් මතුව ඇති අතර, ඇතැම් ස්ථානවල පොළොව ගිලා බැස ජල උල්පත් මතුවී ඇත.

එමෙන්ම, හාලිඇල - අලු‍ගොල්ල කන්ද මුදුනේ පවත්වාගෙන ගල්කොරියක් පවත්වාගෙන යාම හේතුවෙන් කන්ද ඉරිතැලීමට ලක්ව ඇති අතර, එම කන්ද නිරීක්ෂණයට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ද එක්ව සිටියේය.

මේ අතර, නායයෑමෙන් බලපෑම් එල්ල වූ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සී පෝත්, බෙරන්නාව, පැලම්පිටිය, මිල්ලගල යන ප්‍රදේශවල ඇතැම් නිවාස ඉරිතැලීම්වලටද ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසති.

මහනුවර, මාතලේ, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කළ නායයාම් පිළිබඳ රතු නිවේදනය අද පස්වරු 04 දක්වා දීර්ඝ කර තිබේ.

ඊසානදිග මෝසම් තත්ත්වය මේ වනවිට දිවයින හරහා ස්ථාපනය වී ඇති පසුබිමක මේවන විටත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇදහැලෙමින් පවති.

ඊයේ පස්වරුවේත් පොළොන්නරුව, මිහින්තලය, බදුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාළගුණයක් පැවතියේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දිට්වා සුළිකුණාටුව සමයේ මෙරට නායයෑම් 1241ක් - අලුතින් නාය යා හැකි ස්ථාන රැසක් ! | The Leader