The Leader News
BREAKING
සාෆ් කුසලාන පාපන්දු: ශ්‍රී ලංකා - භූතාන තරගය ගෝල 2 -2කින් සමව අවසන් වෙයි●පුනරුද පොරොන්දුව සහ කොළඹ කානු: සජිත්ගෙන් ප්‍රශ්න කිරීමක්●අපනයනකරුවන්ට බදු සහන: බිම් මට්ටමේ ගැටලුවලට උත්තර කෝ?●වසර 33ක බලාපොරොත්තුව: ඩිජිටල් වෙළෙඳ දොරටුව විවෘත වෙයි●මිලියන 104ක සංචාරක අනුග්‍රහයේ විනිවිදභාවය ගැන ප්‍රශ්නයක්●කොළඹ ජලයෙන් යටවීම: වැස්සට එහා ගිය නඩත්තු අර්බුදයක්●ඉන්ධන සහන පිටුපස බදු බර: නාමල්ගෙන් ප්‍රශ්නාවලියක්●පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර භාවිතයට නොගෙන කාමර තුළ●මැදිවාර තීන්දුවෙන් ධන බලය පරදා ජන බලය නැගිටියි | ඉම්තියාස් බාකීර් මාකාර්●සජිත්ගේ දේශපාලන සතිය | ආණ්ඩුවට නොතේරෙන ප්‍රජාතන්ත්‍රවාදය●
Top Ad
පුවත්

ගමරට බලා යන්න ගිය බැසිල්ට විරෝධයක් - නිලධාරීන් රාජකාරී වලින් ඉවත්වේ

T

The Leader Desk

July 12, 2022 • 3:43 AM

 ගමරට බලා යන්න ගිය බැසිල්ට විරෝධයක් - නිලධාරීන් රාජකාරී වලින් ඉවත්වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතහැර ආපසු ගොස් ඇතැයි වාර්තා වෙයි.
  • මේ බව කටුනායක ගුවන් තොටුපළ රාජකාරී කළමනාකරු ද තහවුරු කළේය .
  • අද අලුයම 03.15 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 349 දරන ගුවන් යානය පිවිසීම සදහා බැසිල් රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
  • එහිදී 'සේද මාවත' (Silk Route ) අසළ එමිරේට්ස් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවා පරීක්ෂණ කවුළු අසළ රැදී සිටි ගුවන් මගීන්, බැසිල් රාජපක්ෂ ගුවන් තොටුපළෙන් බැහැර කරන ලෙස ඉල්ලමින් කෑ ගැසීමත් සමගම ඔහු ගුවන් තොටුපළෙන් ආපසු පිටත්ව ගොස් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අතහැර ආපසු ගොස් ඇතැයි වාර්තා වෙයි.

මේ බව කටුනායක ගුවන් තොටුපළ රාජකාරී කළමනාකරු ද තහවුරු කළේය .

අද  අලුයම 03.15 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 349 දරන ගුවන් යානය පිවිසීම සදහා බැසිල් රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

එහිදී 'සේද මාවත' (Silk Route ) අසළ එමිරේට්ස් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවා පරීක්ෂණ කවුළු අසළ රැදී සිටි ගුවන් මගීන්, බැසිල් රාජපක්ෂ ගුවන් තොටුපළෙන් බැහැර කරන ලෙස ඉල්ලමින් කෑ ගැසීමත් සමගම ඔහු ගුවන් තොටුපළෙන් ආපසු පිටත්ව ගොස් තිබේ.


ආගමන විගමන නිලධාරීන් රාජකාරී වලින් ඉවත් වෙයි


 කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා 'සේද මාවත' මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතු වලින් ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට නැවත දැනුම් දෙන තුරු ඉවත් වීමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින අස්ථාවර, අර්බුදකාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින් සහ චෝදනාවට ලක් වූ හිටපු දේශපාලන ප්‍රභූවරුන් විශාල වශයෙන් රටින් පිටවීමට මෙම සේද මාවත නිශ්කාශන පර්යන්තය භාවිතා කිරීමට ඉඩකඩ ඇති නිසා තමන් මෙම පියවර ගත් බව ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්.කණුගල  ප්‍රකාශ කර සිටියේ ය.

ලෝකයේ වෙනත් බොහෝ රටවල මෙවැනි මුදල් ගෙවා භාවිතා කරන ප්‍රභූ පර්යන්ත, එම ගුවන් තොටුපළ තුළ පවත්වා ගෙන යාමක් සිදු නොවන බවට තොරතුරු වාර්තා වේ.

ඉකුත් ජුනි මස 06 වෙනිදා සිට 20 වෙනිදා දක්වා මෙරට පැවති හර්තාල් සමය තුළ ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ (VIP Lounge) සහ සේද මාවත (Silk Route) රාජකාරී කටයුතු වලින් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඉවත් වී සිටීමට පියවර ගෙන තිබිණ. 

 
 293400496 10159738624392347 6088643749769562096 n
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...