The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

ගුවන් බෝම්බයෙන් කළ සමුහ ඝාතනයක මළවුන් සමරයි

T

The Leader Desk

July 12, 2022 • 11:20 AM

ගුවන් බෝම්බයෙන් කළ සමුහ ඝාතනයක මළවුන් සමරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුද අනාථයන් සිහිකරමින් මලින් පහනින් උපහාර දක්වා තිබේ.
  • බෝම්බ මාලාවක් 1995 ජූලි මාසයේ දී යාපනයේ නවාලි හි ශාන්ත පීතර සහ පාවුලු කතෝලික දේවස්ථානය යුද්ධයෙන් රැකවරණය හා ආරක්ෂාව පතා රැඳී සිටි දෙමළ ජනයාගෙන් පිරී තිබු මොහොතක ගුවන් හමුදා ප්‍රහාර මාලාව සිදුව තිබුනි.
  • ජනයා එම වන්දනා ස්ථාන වලට ගොස් ඇත්තේ ආරක්ෂාව සඳහා පොදු ස්ථාන කරා යන ලෙස රජයේ ආරක්ෂක අංශ විසින් ප්‍රසිද්ධියේ කරන ලද නිවේදනයකට අනුගත වෙමිනි.
  • උතුරු නැගෙනහිර මානව හිමිකම් සඳහා වන කාර්යාංශය විසින් වාර්තා කර ඇති පරිදි ප්‍රහාරයෙන් අනතුරුව හමුවූ මල සිරුරු ගණන 155 කි.
අකුරු ප්‍රමාණය (Font Size):

යුද අනාථයන් සිහිකරමින් මලින් පහනින් උපහාර දක්වා තිබේ.

1995 වසරේ ජුලි 9 වනදා යාපනය නවාලි පල්ලිය, කතරගම හින්දු කෝවිල සහ නේවාසික ප්‍රදේශවලට හෙලූ බෝම්බ වලින් දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන් ඇතුළු 147ක් මරණයට පත්වී වසර  27 ක් පිරෙද්දී කොළඹට රැස්වූ දස දහස් සංඛ්‍යාත අරගලකරුවන් ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති නිල නිවස අත්පත් කොටගත් 2022 ජුලි 09 සෙනසුරාදා පැවැත්වු උපහාර දැක්වීමට ඝාතනයට ලක්වුවන්ගේ ඥාතීන්  සහ ප්‍රදේශවාසීන් එක්ව සිටි බවයි පලාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

පිළිසකර කර තිබෙන නවාලි හි ශාන්ත පීතර කතෝලික දේවස්ථානය තුළ මිය ගිය පිරිස සිහි කරමින් අනුස්මරණ දේව මෙහෙයක් පවත්වා නවාලි දේවස්ථානයේ  වැට මායිමේ ස්ථාපිත කර තිබෙන අනුස්මරණ ස්මාරකය අබියස මල් පුදා  ඉටිපන්දම් දල්වා උපහාර දැක්වීමට ඔවුන් කටයුතු කර තිබේ.



බෝම්බ මාලාවක්


1995 ජූලි මාසයේ දී යාපනයේ නවාලි හි ශාන්ත පීතර සහ පාවුලු කතෝලික දේවස්ථානය යුද්ධයෙන් රැකවරණය හා ආරක්ෂාව පතා රැඳී සිටි දෙමළ ජනයාගෙන් පිරී තිබු මොහොතක ගුවන් හමුදා ප්‍රහාර මාලාව සිදුව තිබුනි.

ජනයා එම වන්දනා ස්ථාන වලට ගොස් ඇත්තේ ආරක්ෂාව සඳහා පොදු ස්ථාන කරා යන ලෙස රජයේ ආරක්ෂක අංශ විසින් ප්‍රසිද්ධියේ කරන ලද නිවේදනයකට අනුගත වෙමිනි.

ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ දිවි ගලවා ගත් පිරිස් පවසන පරිදි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලනය පැවති 1995 වසරේ ජූලි 09 වන දින සවස 4.30 -5.00 ට පමණ “පුකාරා” ගුවන් යානයක් මඟින් නවාලි පල්ලිය, කතරගම මුරුගන් හින්දු කෝවිල සහ නේවාසික ප්‍රදේශවලට ඉහළින් බෝම්බ 8-13 ක් හෙලා ඇත්තේ මිනිසුන් සිය ගණනක් ඝාතනය කරමින් සහ තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු කරමිනි.

උතුරු නැගෙනහිර මානව හිමිකම් සඳහා වන කාර්යාංශය විසින් වාර්තා කර ඇති පරිදි ප්‍රහාරයෙන් අනතුරුව හමුවූ මල සිරුරු ගණන 155 කි.

ඝාතනයට ලක්වූවන් අතර අවුරුදු 4 දරුවකු සහ 68 හැවිරිදි වියේ පසුවූවන් දෙදෙනකුද ද වේ.

ඝාතනයට ලක්වූවන්ගෙන් 45 ක් පමණ නවාලි පදිංචි කරුවන් යැයි ගණන් බලා වැඩි දෙනෙක් යුද්ධයෙන් උන්හිටිතැන් අහිමිවී වෙනත් ප්‍රදේශ වලින් පලා ආ අයයි.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් කතෝලික දේවස්ථානයට, හින්දු කෝවිලට සහ නිවාස 30 කට පමණ දැඩි හානි සිදුවී ඇත.

“ගුවනින්  බෝම්බ හෙලීම නිසා ඇති වූ තුවාලවලින් මරණය සිදුවීම” ලෙස දැක්වෙන මරණ සහතික රජය විසින් නිකුත් කිරීම මගින් බෝම්බ ප්‍රහාරය එල්ල  කළේ  ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට ප්‍රදේශවාසීන් කරන චෝදනා තහවුරු වේ.

.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...