1200 x 80 DMirror

අරගලයේ සක්‍රිය ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් අද (28) පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට බාරවූ අවස්ථාවේදී අත් අඩංගුවට ගෙන තිබේ.


ඔහු ඉකුත් 18 වෙනි දින කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබූ නමුත් අසනීප තත්ත්වයකින් පෙළෙන බව පවසමින් නීතිඥවරයකු මාර්ගයෙන් ලිපියක් ඉදිරිපත් කර තිබූ බව පොලිසිය පවසයි.

පැතුම් කරනර් නැමැත්තා බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ තැන තැන රැඳී සිටිමින් ජනතාවට එම ස්ථානයට පැමිනෙන ලෙස විවිධ ක්‍රම ඔස්සේ දැනුම් දෙමින් එහි සිටි පිරිස සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා යොදා තිබූ මාර්ග බාධක බිඳ හෙළීමට මෙහෙයවමින් කටයුතු කර ඇතැයි පොලිසිය කියයි.

එහිදී විරෝධතාකරුවන් පාලනය කිරීමට උත්සාහ දැරූ ආරක්ෂක හමුදා කණ්ඩායම් අතර සිටි යුධ හමුදා සෙබලූන් දෙදෙනකුට පහරදී ඔවුන් සතුව තිබූ ටී 56 ගිනි අවි සහ ජීව උණ්ඩ අඩංගු මැගසින් ද අරගලකරුවන් පැහැරගෙන ගොස් තිබිණි. පසුගියදා එම ගිනි අවිය සොයාගෙන තිබිණ.

මීගහවත්ත ප්‍රදේශයේ පදිංචි බව කියන පැතුම් කර්නර්ට එරෙහිව අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් ද ඉකුත්(17) ලබාගත් බවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසීය

පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය ගොස් බාර වීමට ‌මොහොතකට පෙර සජීවීව ෆේස්බුක් හරහා සම්බන්ධ වූ වීඩියෝවක් පහත පළවේ.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය