leader s

පොලිසිය විසින් අද (29) දිනය තුළ දෙවරක් ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මූලස්ථානය සෝදිසි කිරීමට ලක් කර තිබේ.



අද උදෑසන 7.30ට පමණ නිල ඇඳුම් ඇඳගත් එක් පොලිස් නිලධාරියෙකු සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු දස දෙනකු පමණ නාදුනන පිරිසක් හදිසියේම නුගේගොඩ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුල්ව ඇති අතර වරෙන්තුකරුවකු සොයන බව පැවසුවත් වරෙන්තුකරු කවුද, තමන් කවර පොලිසියකට අයත්ද යන්න සඟවමින් හැසුරුන බව එම පක්ෂයේ ක්‍රියාකාරිකයකු පැවසිය.

කිසිදු සෝදිසි වරෙන්තුවක් නොමැතිව පැමිණි මෙම පිරිස ත්‍රස්තවාදියෙකු සොයන ආකාරයට පක්ෂ කාර්යාලය පුරා සෝදිසි කළ බව ද ඔහු පැවසීය.



එම පිරිස පිටව ගිය වහාම මිරිහාන පොලිසියේ නිලධාරීන් විශාල පිරිසක් පැමිණි අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සෙවීමට පැමිණි බව සඳහන් කර තිබේ.

ඊට අදාල අධිකරණ වරෙන්තුවද එම නිලධාරීන් විසින් පෙන්වා ඇත.

අනතුරුව එම පොලිස් නිලධාරින්ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මූලස්ථානය සෝදිසි කිරීමකට ලක්කර තිබේ.

 
{gallery}FLSP{/gallery}

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්