The Leader News
BREAKING
සාෆ් කුසලාන පාපන්දු: ශ්‍රී ලංකා - භූතාන තරගය ගෝල 2 -2කින් සමව අවසන් වෙයි●පුනරුද පොරොන්දුව සහ කොළඹ කානු: සජිත්ගෙන් ප්‍රශ්න කිරීමක්●අපනයනකරුවන්ට බදු සහන: බිම් මට්ටමේ ගැටලුවලට උත්තර කෝ?●වසර 33ක බලාපොරොත්තුව: ඩිජිටල් වෙළෙඳ දොරටුව විවෘත වෙයි●මිලියන 104ක සංචාරක අනුග්‍රහයේ විනිවිදභාවය ගැන ප්‍රශ්නයක්●කොළඹ ජලයෙන් යටවීම: වැස්සට එහා ගිය නඩත්තු අර්බුදයක්●ඉන්ධන සහන පිටුපස බදු බර: නාමල්ගෙන් ප්‍රශ්නාවලියක්●පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර භාවිතයට නොගෙන කාමර තුළ●මැදිවාර තීන්දුවෙන් ධන බලය පරදා ජන බලය නැගිටියි | ඉම්තියාස් බාකීර් මාකාර්●සජිත්ගේ දේශපාලන සතිය | ආණ්ඩුවට නොතේරෙන ප්‍රජාතන්ත්‍රවාදය●
Top Ad
පුවත්

අරගලකරුවන් මර්දනය සහ හදිසි නීතිය නිසා GSP+ අවදානමේ

T

The Leader Desk

August 4, 2022 • 5:12 AM

අරගලකරුවන් මර්දනය සහ හදිසි නීතිය නිසා GSP+ අවදානමේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙන GSP+සහනය ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් පවතින බවට කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පිරිසක් අනතුරු අගවා සිටි.
  • මේක ඉතාමත්ම බරපතල ලෙස GSP+බදු සහනය අහිමිවීමට බලපාලා තියනවා.
  • " ප්‍රජාතන්ත්‍රික අරගලයන් සදහා වන ස්ත්‍රී එකතුවේ සාමාජිකා චමිලා තුෂාරි එම අනතුරු ඇගවීම සිදු කළේ අගෝස්තු 02 වැනි අගහරුවාදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
  • රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක එයට පිළියම් සොයනවා වෙනුවට සාමකාමී අරගලයේ යෙදී සිටින පුද්ගලයන්ව දඩයම් කිරීම මෙන්ම අනීතිකව අත්අඩංගුවට ගැනීම නීති විරෝධි තත්වයක් බව පවසන ඇය වැඩි දුරටත් අවධාරණය කරන්නේ සාමකාමී අරගලයේ යෙදුන කම්කරුවන් මර්දනය කිරීම ද තරයේ හෙලා දකින බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙන GSP+සහනය ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් පවතින බවට කාන්තා අයිතිවාසිකම්  ක්‍රියාකාරීන් පිරිසක් අනතුරු අගවා සිටි.

"හදිසි නීතිය පැනවීම තුලම සංගමයේ නිදහස, ඒකරාශි වීමේ නිදහසට වැට බදිනවා. මේක ඉතාමත්ම බරපතල ලෙස GSP+බදු සහනය අහිමිවීමට බලපාලා තියනවා. "

ප්‍රජාතන්ත්‍රික අරගලයන් සදහා වන ස්ත්‍රී එකතුවේ සාමාජිකා චමිලා තුෂාරි එම අනතුරු ඇගවීම සිදු කළේ අගෝස්තු 02 වැනි අගහරුවාදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක එයට පිළියම් සොයනවා වෙනුවට සාමකාමී අරගලයේ යෙදී සිටින පුද්ගලයන්ව දඩයම් කිරීම මෙන්ම   අනීතිකව අත්අඩංගුවට ගැනීම නීති විරෝධි තත්වයක් බව පවසන ඇය වැඩි දුරටත් අවධාරණය කරන්නේ සාමකාමී  අරගලයේ යෙදුන කම්කරුවන් මර්දනය කිරීම ද තරයේ හෙලා දකින බවයි.

''බොරු හදිසි නීතියක් මවා පාමින් සාමකාමී හිංසනයෙන් තොර අරගලයේ යෙදුන මේ සේවකයන් මර්දනය කිරීම අපි තරයේ හෙළා දකිනවා.'' ඇය වැඩි දුරටත් සදහන් කළාය.

 

ශ්‍රී ලංකාව එකඟ වී ඇති මානව හිමිකම් පිලිබඳ වගකීම් ඉටු නොකරන බව  ඔප්පු වුවහොත්, දැනට ලබාදී ඇති GSP+ සහනය හෙවත් වරණීය බදු ක්‍රමය යටත් ලබාදී ඇති සහන අත්හිටුවීමේ අවදානමට මුහුණ දීමට ශ්‍රී ලංකාවට ඉදිරි කාලයේ  සිදුවනු ඇත.

 

GSP+ සහනය නැවත සලකා බැලෙන සෑම අවස්ථාවකදීම යුරෝපා හවුල විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තා දැඩි ලෙස විමර්ශනය කරන අතර, එහිදී සුළු ජාතීන්ගේත්, කම්කරුවන්ගේත් අයිතිවාසිකම් රැකීම ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් ක්‍රියාවට නංවා ඇති ආකාරයද සැලකිල්ලට ගනි.

මානව හා කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය සුරැකීම සඳහා වන ජාත්‍යන්තර සම්මුති මහින්ද රාජපක්ෂ පාලනය විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා 2010 පෙබරවාරියේදී අත් හිටුවන ලද වරණීය බදු සහනය (GSP+) 2017 මැයි මාසයේදී නැවත ප්‍රදානය කෙරුනේ යහපාලන රජය විසින්  පොරොන්දු වූ පරිදි මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති 27ක් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරනු ඇතැයි යන  විශ්වාසයෙනි.

 

කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රජාතන්ත්‍රික අරගලයන් සදහා වන ස්ත්‍රී එකතුව වැඩි දුරටත් අවධාරණය කළේ වත්මන් රජය විසින් හදිසි නීතිය ප්‍රකාශ කිරීම සහ විරෝධතකරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන්, ෆැසිස්ට්වාදීන්, ත්‍රස්තවාදීන්, අන්තවාදීන් යනාදී ලෙස නිරූපනය කරමින් ඔවුන් මර්දනය කිරීම තරයේ හෙළා දකින අතර විරෝධතාකරුවන් දඩයම් කිරීම සහ බොරු චෝදනා මත අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම නතර කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.

 

මෙම මර්දන උපක්‍රම උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාත්මක වු ආකාරයත් ඔවුන් විසින් සිහිපත් කරන ලදී.

''විශේෂයෙන්ම මෙම උපක්‍රම උතුරු සහ නැගෙනහිර ප්‍රජාතන්ත්‍රවාදී සහ සාමකාමී විරෝධතා මැඩලීමේ දීර්ඝ ඉතිහාසයක් ශ්‍රී ලංකා රාජ්‍යට ඇත.උතුරු නැගෙනහිර දෙමළ ජනතාව රාජ්‍යයේ මර්දන යන්ත්‍රය දිගු කලක් අත්විදීමට සිදුව ඇති අතර, එය දිගටම කරගෙන යමින් සිටිති.නිදසුනක් වශයෙන් අතුරුදහන්වුවන්ගේ පවුල් වල සාමාජිකයන් සත්‍යය සහ යුක්තිය සදහා ඔවුන් විසින් කරන ලද අරගලය හේතුවෙන් අඛණ්ඩව හිරිහැරවලට සහ නිරීක්ෂණයට ලක් වේ. ''

මැයි 9 වැනි දින කොලඹදී සාමකාමී විරෝධතාකරුවන්ට සහ ඔවුන්ගේ කුඩාරම්වලට පහර දීම සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට අඩුවම් පමුණුවන ලෙස ඉල්ලා සිටින 'ප්‍රජාතන්ත්‍රික අරගලයන් සදහා වන ස්ත්‍රී එකතුව' වැඩි දුරටත් අවධාරණය කරන්නේ එම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් වීඩියෝ සාක්ෂිද පවතින බවයි.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...