The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

බලවත් සමිති 13ක් ජනාධිපතිට අයවැය යෝජනා මාලාවක් බාර දෙයි

T

The Leader Desk

October 20, 2025 • 11:14 AM

බලවත් සමිති 13ක් ජනාධිපතිට අයවැය යෝජනා මාලාවක් බාර දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති 13 ක් මේ බව අවධාරණය කර ඇත්තේ 2026 අයවැයට අදාලව සිය යෝජනා ඉදිරිපත් කරමින්.
  • මෙම රාජ්‍ය ආයතන වල පසුගිය කාලයේදී සිදුව ඇති අක්‍රමිකතා ගැන වෝහාරික විගණනයක් කර අවශ්‍ය තීන්දු ගනිමින් රාජ්‍ය ව්‍යවසාය යටතේ තවදුරටත් පවත්වාගෙන යන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
  • සනීපාරක්ෂක තුවා ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවා ඇති බදු අවම මට්ටමට සංශෝධනය කරමින් ධනවත් පුද්ගලයන්ට උපයන ධනය මත බදු පැනවීමත්, නීති විරෝධී ලෙස මුල්‍ය සම්පත් පිටතට යාම වැලැක්වීමට ශක්තිමත් යාන්ත්‍රණයක් පිහිටුවන ලෙසත් ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති එකතුව යෝජනා කරයි.
  • මේ අතර පසුගිය ආණ්ඩු විසින් හාම්පුතුන්ගේ අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් කම්කරු දෙපාර්තමේන්තුවට ප්‍රතිපාදන වෙන්කර නොමැති බව ද වෘත්තීය සමිතිවලින් එල්ල වන චෝදනාවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති 13 ක් මේ බව අවධාරණය කර ඇත්තේ 2026 අයවැයට අදාලව සිය යෝජනා ඉදිරිපත් කරමින්. මෙම රාජ්‍ය ආයතන වල පසුගිය කාලයේදී සිදුව ඇති අක්‍රමිකතා ගැන වෝහාරික විගණනයක් කර අවශ්‍ය තීන්දු ගනිමින් රාජ්‍ය ව්‍යවසාය යටතේ තවදුරටත් පවත්වාගෙන යන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දුවක් වූ කම්කරු ප්‍රඥාප්තිය වෘත්තීය සමිති ඇතුළු සියලු පාර්ශවයන්ගේ අදහස් හා සහභාගිත්වය ඇතිව සකස් කිරීමත්, සේවකයාගේ අයිතීන් රැකෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමත්, කම්කරු නීති දෙයාකාරයකින් නොව එකම නීතියක් ලෙස පවත්වා ගෙන යා යුතුයැයි ද මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ දැක්වේ.

වසර තුනකට වරක් වෝහාරික විගණනයක් 

ඉදිරියේදී සිදුවිය හැකි සේවක අර්ථ සාධක අරමුදලේ වැරදි කළමනාකරණ වැලැක්වීම සඳහා වසර තුනකට වරක් එහි ගනුදෙනු ගැන වෝහාරික විගණනයක් පැවැත්වීම, සියළුම යෙදවුම් පාදක ප්‍රවාහන හා බෙදාහැරීම්, රැකවරණ, අවිධිමත් ආර්ථික සේවා, සංක්‍රමණික සහ ගෘහ සේවකයන්ට සමාජ ආරක්ෂණ ක්‍රමයක් හදුන්වාදීම, නිදහස් වෙළෙඳ කලාප තුල පිහිටුවා ඇති දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට ප්‍රතිපාදන වැඩිකිරීම හා ඒවායේ උසස් ප්‍රමිතියක් පවත්වා ගෙන යාමත්, නිදහස් වෙළෙඳ කලාප හා කර්මාන්ත පුරවල සංක්‍රමණික කම්කරුවන්ගේ දරුවන් පාසැල්වලට ඇතුලත් කිරීමේදී මතුවන ගැටළු වලට විසදුම් හා දෙමළ සංක්‍රමණික කම්කරුවන්ට දෙමළ වීම නිසා මුහුණ දෙන ගැටළු නිරාකරණයට අවශ්‍ය පියවර අයවැය යෝජනා තුලින් ඉදිරිපත් කරන ලෙස වෘත්තීය සමිති ඉල්ලා තිබේ.

සනීපාරක්ෂක තුවා ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවා ඇති බදු අවම මට්ටමට සංශෝධනය කරමින් ධනවත් පුද්ගලයන්ට උපයන ධනය මත බදු පැනවීමත්, නීති විරෝධී ලෙස මුල්‍ය සම්පත් පිටතට යාම වැලැක්වීමට ශක්තිමත් යාන්ත්‍රණයක් පිහිටුවන ලෙසත් ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති එකතුව යෝජනා කරයි.

විශ්‍රාම වැටුප් අරමුදලක් 

වැඩබිමේ ප්‍රචණ්ඩත්වය හා හිරිහැර පිටුදකින C 190 වැනි ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ සම්මුති බලාත්මක කරමින්, ඒවා අධීක්ෂණය කිරීමට මධ්‍යස්ථාන පිහිටුවීම, පෞද්ගලික අංශයේ රැකියා අහිමිව දරිද්‍රතාවට පත් සේවකයන් වෙනුවෙන් ජාතික දායකත්ව විරැකියා ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමත්,  රජයේ අධීක්ෂණය යටතේ පෞද්ගලික අංශ සේවකයන්ට ආයතන මට්ටමින් විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබා දීමත්, රජය මැදිහත්ව ඔවුන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් අරමුදලක් ගොඩනගමින් එය අධීක්ෂණය කිරීමත්, මිලියන හයක් වූ පෞද්ගලික අංශ සේවකයන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වීමට කම්කරු දෙපාර්තමේන්තුවට ප්‍රති පාදන වෙන් කිරීමත්, මෙවර අයවැයෙන් අපේක්‍ෂා කරන බව එම යෝජනා තුල අවධාරණය කෙරේ.

මේ අතර පසුගිය ආණ්ඩු විසින් හාම්පුතුන්ගේ අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් කම්කරු දෙපාර්තමේන්තුවට ප්‍රතිපාදන වෙන්කර නොමැති බව ද වෘත්තීය සමිතිවලින් එල්ල වන චෝදනාවකි.

මැතිවරණ සමයේ පොරොන්දු


වතු කම්කරුවන් වෙනුවෙන් ඔවුන් අවධාරණය  කරන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම වැනි රජය යටතේ පවතින වතුවල සේවකයන්ට විශ්‍රාම යාමේදී හෝ සේවයෙන් ඉවත්වීමේදී සේවක අර්ථ සාධක හා සේවක භාරකාර අරමුදල් 2019 වසරේ සිට ලබා දී නොමැති බවය. ඊට අමතරව වතු කාර්ය මණ්ඩල වල සේවක අර්ථ සාධක මුදල්  ද ඇතුළුව  සියලු හිඟ මුදල් ලබා දීමට 2026 අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන කරන ලෙසට වෘත්තීය සමිති විසින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. ඊට අමතරව වතු ක්ෂේත්‍රයේ OUT GROWER ක්‍රමය අහෝසි කරමින්,සේවකයන් වෙනුවෙන් නීති පද්ධතියක් සකස් කරන ලෙසත්, වතු කම්කරුවන්ට සහ වතු කාර්ය මණ්ඩල සේවකයන්ට  පර්චස් 10 ක ඉඩම් අයිතියක් සහතික කරන ලෙසත්, මැතිවරණ සමයේ පොරොන්දුවූ පරිදි වතු කම්කරු දිනක වැටුප රුපියල් 2,000 ක් ලබා දෙන ලෙසත් එම ලිපිය මගින් යෝජනා කර තිබේ.

ලංකා බැංකු සේවක සංගමය, නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමය, වැඩකරන ස්ත්‍රී මධ්‍යස්ථානය, ලංකා වතු සේවා සංගමය, ශ්‍රී ලංකා නාවික කටයුතු පිලිබඳ ජාතික සංගමය, නිමි භාණ්ඩ,ඇඟළුම් හා රෙදිපිළි සේවක සංගමය, දාබිඳු සාමුහිකය, ලංකා කම්කරු සම්මේලනය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමය, ලංකා ජාතික වතු කම්කරු සංගමය, ජාතික සේවක සංගමය හා ආණ්ඩුවට සම්බන්ධ අන්තර් සමාගම් සේවක සංගමය එක්ව සිය අයවැය යෝජනා ජනාධිපතිවරයාට යොමු කර ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...