The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

තමිල්නාඩුවෙන් ආ දෙමළ යුද අනාථයන් නැවත පදිචි කිරීමේ සැලසුම්

T

The Leader Desk

October 11, 2022 • 3:09 AM

තමිල්නාඩුවෙන් ආ දෙමළ යුද අනාථයන් නැවත පදිචි කිරීමේ සැලසුම්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුලතිව් දිස්ත්‍රික් ලේකම් කේ.විමලනාදන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්කයේ සෙසු පරිපාලන නිලධාරින් සමග මේ ගැන විශේෂ කතා බහක් ඉකුත් සතියේ සුම් ඔස්සේ පැවැත්විණි.
  • එහිදී අනාවරණය වුයේ යුද්ධය නිසා උන්හිටි තැන් අහිමිව ඉන්දියාවට පළා ගොස් නැවත පැමිණ මුලතිව් හි පදිංචි වී සිටින පවුල් ගැන අධිකරණ, බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය මගින් තොරතුරු රැස් කරන බවයි.
  • වසරේ සිට 2022 දක්වා මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 405කට අයත් පුද්ගලයින් 878 දෙනකු ඉන්දියාවේ සිට පැමිණ නැවත පදිංචි වී තිබේ.
  • නැවත පදිංචි කළ මෙම ජනයාගේ ගැටළු හඳුනාගෙන දිස්ත්‍රික් මට්ටමින් විසඳාගත නොහැකි ගැටලු කොළඹට යොමු කරන බව මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී අනාවරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මුලතිව් දිස්ත්‍රික් ලේකම් කේ.විමලනාදන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්කයේ සෙසු පරිපාලන නිලධාරින් සමග මේ ගැන විශේෂ කතා බහක් ඉකුත් සතියේ සුම් ඔස්සේ පැවැත්විණි.


එහිදී අනාවරණය වුයේ යුද්ධය නිසා උන්හිටි තැන් අහිමිව ඉන්දියාවට පළා ගොස් නැවත පැමිණ මුලතිව් හි පදිංචි වී සිටින පවුල් ගැන අධිකරණ, බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය මගින් තොරතුරු රැස් කරන බවයි.

2009 වසරේ සිට 2022 දක්වා මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 405කට අයත් පුද්ගලයින් 878 දෙනකු ඉන්දියාවේ සිට පැමිණ නැවත පදිංචි වී තිබේ.
නැවත පදිංචි කළ මෙම ජනයාගේ ගැටළු හඳුනාගෙන දිස්ත්‍රික් මට්ටමින් විසඳාගත නොහැකි ගැටලු කොළඹට යොමු කරන බව මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී අනාවරණය කළේය.


22 633bfdfced9be
එක්රැස් කරන ලද දත්ත මත පදනම්ව, උප්පැන්න සහතික, මරණ සහතික, පුරවැසිභාවය, ජාතික හැඳුනුම්පත, ළමුන් පාසල්වලට ඇතුළත් කිරීම, ඉඩම්, උපාධිය, ජීවනෝපාය සහ නීතිමය ගැටළු හඳුනා ගෙන ඒවාට ඉක්මන් විසදුම් ලබා දීමට ද නියමිතය.

තිස් වසරක් පුරා පැවති යුද ගැටුම් වලින් දිවි ගළවා ගැනීමට ඉන්දියාවට පළා ගිය ලක්ෂ ගණනක් උතුරු නැගෙනහිර දෙමළ ජනයා අතරින් 92,000 කට වැඩි පිරිසක් තවමත් එරටය. ඇතැම් දෙනා වරින් වර නැවත පදිංචියට පැමිණ ඇත.

2021 වනවිට තමිල්නාඩුවේ අනාථ කඳවුරු 108ක ලාංකිකයන් 58,843 ක් ඉන්නා බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේඛණ වල දැක්වෙයි. ඊට අමතරව  34,135 ක් රජයේ ලියාපදිංචි වී කඳවුරුවලින් පිටත දිවි ගෙවති.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේද බොහෝ පිරිස් ඉන්දියාවට පළා යන බවට පුවත් දිනෙන් දින වාර්තාවේ.

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...