The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

අමරකීර්ති මන්ත්‍රීට කළ ‘හොඳ වැඩේ’ අතුරුදහන් කළවුන්ටත් කරන්න

T

The Leader Desk

December 5, 2022 • 4:49 PM

අමරකීර්ති මන්ත්‍රීට කළ ‘හොඳ වැඩේ’ අතුරුදහන් කළවුන්ටත් කරන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුපියල් කෝටියකට වැඩි මුදලක් ලබා දීම රජය ගත් පියවර ‘ඒවා හොඳ වැඩ’ ලෙසින් යුක්ති සහගත කරන දිවයිනේ ප්‍රමුඛතම මානව හිමිකම් ක්‍රියාධරයෙක්, ඒ ආකාරයෙන්ම අතුරුදහන්වුවන්ගේ පවුල් වෙනුවෙන්ද වන්දි මුදල් ගෙවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.
  • අතුරුදහන් කළවුන් වෙනුවෙන් වන්දි ගෙවීම මුල්වරට අනුමත කළ යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා අද ජනාධිපති වශයෙන් ඒ ගැන සොයා බලන්නට පොරොන්දු වූ බව රටේ දෙවැනියට ලොකුම සමූහ මිනීවල හමුවූ දිස්ත්‍රික්කය නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරියක් පවසයි.
  • ඒ වගේම පාර්ලිමේන්තුව එකතු කරලා දෙනවා ලක්ෂ 80 ක්.
  • හැබැයි එහෙනම් මේ 89 ඉදලා මානසිකව දිගින් දිගටම දුක් විදින, සත්‍ය, ඒ කියන්නේ වෙච්ච දේ මොකක්ද, තමුන්ට යුක්තියක් නැති අය ගැන ආණ්ඩුව මේ සමානවම, අමරකීර්ති මහත්තයාට උදව් කරා වගේ, ඒ පවුලට උදව් කරා වගේ, උදව් කළ යුතුයි කියන පනිවිඩය තමයි අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හරහා අපි යවන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

රුපියල් කෝටියකට වැඩි මුදලක් ලබා දීම රජය ගත් පියවර ‘ඒවා හොඳ වැඩ’ ලෙසින් යුක්ති සහගත කරන දිවයිනේ ප්‍රමුඛතම මානව හිමිකම් ක්‍රියාධරයෙක්, ඒ ආකාරයෙන්ම අතුරුදහන්වුවන්ගේ පවුල් වෙනුවෙන්ද  වන්දි මුදල් ගෙවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.

අතුරුදහන් කළවුන් වෙනුවෙන් වන්දි ගෙවීම මුල්වරට අනුමත කළ යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා අද ජනාධිපති වශයෙන් ඒ ගැන සොයා බලන්නට පොරොන්දු වූ බව රටේ දෙවැනියට ලොකුම සමූහ මිනීවල හමුවූ දිස්ත්‍රික්කය නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරියක් පවසයි.

"අපි දැක්කා ඝාතනය වෙච්ච අමරකීර්ති මන්ත්‍රීතුමාට දෙනවා කෝටියක් පාර්ලිමේන්තුවෙන්. ඒ වගේම පාර්ලිමේන්තුව එකතු කරලා දෙනවා ලක්ෂ 80 ක්.  ඒවා හොද වැඩ. මොකද ගෙදර ගෘහමුලිකයා, හම්බ කරන මනුස්සයා ඉවර වෙච්චහම පවුලකට නඩත්තු වෙන්න කෝටියක්වත් අවශ්‍යයි කියලා මේ ආණ්ඩුව පිළිගත්තු එක හොද දෙයක්. ගෙවපු එක හොදයි. හැබැයි එහෙනම් මේ 89 ඉදලා මානසිකව දිගින් දිගටම දුක් විදින, සත්‍ය, ඒ කියන්නේ වෙච්ච දේ මොකක්ද, තමුන්ට යුක්තියක් නැති අය ගැන ආණ්ඩුව මේ සමානවම, අමරකීර්ති මහත්තයාට උදව් කරා වගේ, ඒ පවුලට උදව් කරා වගේ, උදව් කළ යුතුයි කියන පනිවිඩය තමයි අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හරහා අපි යවන්නේ. "

 



අධිකරණ අමාත්‍යාංශයේ වැය ශිර්ෂය සාකච්ඡාවට ලක් කල දෙසැම්බර් 5 වැනි සදුදා උදෑසන දියත උයන අසලින් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේදී  නිහඩ විරෝධයක් දියත් කරමින් අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මාධ්‍යවේදීන් සමග වැඩි දුරටත් සදහන් කළේ පැවැති ආණ්ඩු අවස්ථා කිහිපයකදීම අතුරුදහන් වුවන් වෙනුවෙන් ගෙවීමට මුදල් වෙන් කළත්ඒ වා නිසි ආකාරයෙන් ගෙවීමේ කටයුතු  සිදු නොවු බවයි.

අතුරුදහන්වු අයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ඔක්තෝබර් 10 වැනි දින කළ යෝජනාව ක්‍රියාවට නැවීමට නම් මෙවර අය වැය යෝජනාව මගින් ඊට මුදල් වෙන් කළ යුතු බව පෙන්වා දෙන මානව හිමිකම් ක්‍රියාධරයා සදහන් කළේ, අද දිනයේ පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් අවධානයට ලක් කිරීම විරෝධතාවයේ අරමුණ  බවයි.

අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු නොවැම්බර් 30 වැනිදා අමාත්‍ය විජේදාස රාජපක්ෂ වෙත "අතුරුදහන් වු අයගේ පවුල් වලට වන්දි ලබා දීම" ශිර්ෂය සහිතව යොමු කළ ලිපියක් මගින්ද ඉල්ලා තිබුනේ ඝාතනයට ලක් වු අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයා වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමට සාධාරණ, යුක්ති සහගත තිරණයක් ගත් වර්තමාන අමාත්‍ය මණ්ඩලය 1971, 1989 දකුනේ කැරලි සහ උතුරේ යුද්ධය නිසා ඝාතනය වු හෝ අතුරුදහන් වු අයගේ පවුල් පිළිබදව, මෙවැනි වු සානුකම්පිත අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය සහ යුක්ති සහගත බව තමන්ගේ අදහස බවයි.

 

 {gallery}Families of the Disappeared{/gallery}


පාර්ලිමේන්තුව කරා යමින් සිටි සමගි ජන බලවේගයේ මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න නිහඩ විරෝධතාවය පැවැති ස්ථානයේ නතර වී අතුරුදහන්වුවන්ගේ පවුල් වල සාමාජිකයන් සමග කතා බස් කළ අතර එහිදී ඇය පොරොන්දු වී තිබුනේ ඔවුන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

 

" මං අද බලාපොරොත්තු වෙනවා මේගොල්ලන්ගේ ඉල්ලීම අධිකරණ ඇමැතිතුමාට ලබා දෙන්නට" ඇය මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළාය.

අතුරුදහන් කළ’වුන්ගේ ඥාතීන්ට අවරුදු දෙකක කාලයක් සඳහා මාසයකට රුපියල් 6000 බැගින් වූ දීමනාවක් ගෙවීමට මුලින්ම සම්මත කරගන්නා ලද්දේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති වී සිටි යහපාලන ආණ්ඩුවයි.

“ඇත්තටම ජනාධිපති තුමා සමගත් මම සාකච්ඡා කළා මේ ගැන දැනුවත් උනහම. එතුමා කිව්වා ඒ පිළිබඳව හොයලා බලලා යමක් කරන්න පුළුවන්කම තියෙනවා නම්, ඒ ගැන සාකච්ඡාවක් කරන්න ලෑස්තියි කියලා,” යි රෝහිණි විජේරත්න මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසුවාය.

88-90 දෙවසරක කාලය තුල 700 කට අධික තරුණ තරුණියන් අතුරුදහන් කරනු ලැබූ මාතලේ දිස්ත්‍රික්කය ඒ සමයේ නියෝජනය කළේ එවක ආණ්ඩුවේ සංස්කෘතික කටයුතු භාර අමාත්‍ය විජේරත්න මන්ත්‍රීවරියගේ මාමණ්ඩිය පුංචි බණ්ඩා කවිරත්නයි. ඇගේ පක්ෂ නායකයාගේ පියා එම ආණ්ඩුවේ ප්‍රධානියායි. වර්තමාන ජනාධිපතිවරයා එම ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් දැරුවෙකි.

එම අතුරුදහන් කිරීම් වැඩි හරියක් වාර්තා වන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදා සෙන්පතියකු ලෙසින් මාතලේ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ නිලධාරියා වී සිටියදීය. 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...