The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

අගවිනිසුරු රහස් මෙහෙයුමක : විනිසුරුවරුන් 15කට අධික පිරිසක් තනතුරුවලින් දොට්ට

T

The Leader Desk

September 7, 2025 • 5:19 AM

අගවිනිසුරු රහස් මෙහෙයුමක : විනිසුරුවරුන් 15කට අධික පිරිසක් තනතුරුවලින් දොට්ට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නඩු කටයුතුවලට පෙනී සිටින අය ලෙස හඟවා අධිකරණ ශාලාව තුළට ගොස් වාඩිවී සිටිමින් කළ නිරීක්‍ෂණ අනුව එදින පෙරවරු 10.00 පසුවනතුරුත් මහෙස්ත්‍රාත්වරිය අධිකරණයට නොපැමිණි බව තහවුරු කර ගැනීමට එම නිලධාරීන්ට හැකිවී තිබිණි.
  • අධිකරණ කාර්ය මණ්ඩලයේ අදාළ නිලධෘරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අදාළ මහෙස්ත්‍රාත්වරිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත කැඳවා සිදුකළ වැඩිදුර විමර්ශනවලදී තමන් අතින් සිදුවූ වැරදි පිළිගෙන ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට මහෙස්ත්‍රාත්වරිය පියවර ගෙන තිබිණි.
  • ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ සමයේදී අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කළ ප්‍රීති පද්මන් සූරසේන, නව අගවිනිසුරුවරයා ලෙස පත්වීමෙන් අනතුරුව නිල බලයෙන්ම අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත්වී තිබිණි.
  • අධිකරණ සේවය වඩාත් කාර්යක්ෂම කර මහජන හිතකාමී හා මහජන විශ්වාසය වඩ වඩාත් තහවුරු කරනා සේවාවක් බවට පත් කිරීමේ අරමුණින් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් මෙන්ම යෝජනා සම්බන්ධයෙන් ද දැඩි අවධානය යොමු කරන ලෙස ද අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට ඔහු විසින් උපදෙස් ලබාදී තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


මතුගම මහෙස්ත්‍රාත්වරිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකර සුදුසු පියවර ගන්නා ලෙසට අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන කළ නියෝගයක් අනුව එම කොමිෂන් සභාවේ ලේකම්වරයා හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා මීට දින කීපයකට පෙර පෞද්ගලිකව එම අධිකරණය වෙත ගොස් ඒ සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කර තිබේ.

 

නඩු කටයුතුවලට පෙනී සිටින අය ලෙස හඟවා අධිකරණ ශාලාව තුළට ගොස් වාඩිවී සිටිමින් කළ නිරීක්‍ෂණ අනුව එදින පෙරවරු 10.00 පසුවනතුරුත් මහෙස්ත්‍රාත්වරිය අධිකරණයට නොපැමිණි බව තහවුරු කර ගැනීමට එම නිලධාරීන්ට හැකිවී තිබිණි. තමන් කවුරුන් දැයි හෙළිකර තිබූ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් ඇතුළු නිලධාරීන් දෙදෙනාම පෙරකී චෝදනාවලට අමතරව අධිකරණයට ලැබී තිබූ ඇතැම් ලිපි දීර්ඝ කාලයක් තිස්සේ විවෘත කිරීමක් හෝ සිදුකර නොමැති බවත් මහෙස්ත්‍රාත්වරිය ලබාගත් නිවාඩු 2024 වසරේ සිටම අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් අනුමත කර ගැනීමක් සිදු කර නොමැති බවත් තහවුරු කර ගැනීමට හැකිවී තිබිණි.

 

අධිකරණ කාර්ය මණ්ඩලයේ අදාළ නිලධෘරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අදාළ මහෙස්ත්‍රාත්වරිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත කැඳවා සිදුකළ වැඩිදුර විමර්ශනවලදී තමන් අතින් සිදුවූ වැරදි පිළිගෙන ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට මහෙස්ත්‍රාත්වරිය පියවර ගෙන තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ සමයේදී අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කළ ප්‍රීති පද්මන් සූරසේන, නව අගවිනිසුරුවරයා ලෙස පත්වීමෙන් අනතුරුව නිල බලයෙන්ම අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත්වී තිබිණි. අධිකරණ සේවය වඩාත් කාර්යක්ෂම කර මහජන හිතකාමී හා මහජන විශ්වාසය වඩ වඩාත් තහවුරු කරනා සේවාවක් බවට පත් කිරීමේ අරමුණින් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් මෙන්ම යෝජනා සම්බන්ධයෙන් ද දැඩි අවධානය යොමු කරන ලෙස ද අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට ඔහු විසින් උපදෙස් ලබාදී තිබිණි.

එකී උපදෙස් අනුව ලැබී තිබූ සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම වාර්තා සිදුකර චෝදනා එල්ල වූ මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් (විනිසුරුවරුන්) 15 කට අධික පිරිසක් ඔවුන් දැරූ තනතුරුවලින් පහ කිරීමට හා ඔවුන්ගේ සේවය අත්හිටුවීමට පසුගිය සති කිහිපය තුළදී අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබිණි.

 

මීගමුව මහෙස්ත්‍රාත්වරිය ලෙස සේවය කරමින් සිටියදී එල්ල වූ චෝදනාවලට වරදකාරිය කළ මෑතක් වනතුරුම කොළඹ අංක අට මහෙස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ පසුව මාතර අතිරේක දිසා විනිසුරුවරිය ලෙස මාරුකර යවනු ලැබූ මහෙස්ත්‍රාත්වරිය ද වහාම සේවයෙන් ඉවත් කිරීමේ ලිපිය පසුගිය සිකුරාදා නිකුත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබිණි.

 

ඇයගේ ක්‍රියා කලාපය අනුව ඇය තවදුරටත් අධිකරණ සේවයේ තබා ගැනීමට නුසුදුසු බවට නිගමනය කළ අධිකරණ සේවා කොමිෂන් සභාව ඇය සේවයෙන් ඉවත් කර තිබේ.

මේ අතර විවිධ චෝදනා එල්ල වූ මේ වනවිට තාවකාලිකව සේවය අත්හිටුවා ඇති මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ විනිසුරුවරුන් කිහිපදෙනකු පිළිබඳව සිදුකරන විමර්ශන ද නුදුරේදීම ආරම්භ කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

( divaina | ඒ. ජේ. ඒ. අබේනායක)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...