The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය 15වැනිදා

T

The Leader Desk

October 4, 2025 • 4:13 AM

විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය 15වැනිදා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව වන ක්‍රියාවලියේ මහජන අදහස් විමසීම මේ වන විට ක්‍රියාත්මක වන බවත් එහි අවසන් සැසිය වන බස්නාහිර පළාත් රැස්වීම මෙම මස 8 වැනිදා පැවැත්වීමෙන් පසුව ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තිරණය ගන්නා බවත් එම නිලධාරියා සඳහන් කළේය.
  • මෙම ගාස්තු සංශෝධනයේදී විදුලිබල පනතට සහ විදුලි ගාස්තු මිල සූත්‍රයට අනුව කටයුතු කරන බව කී එම නිලධාරියා ඒ අනුව විදුලිබල මණ්ඩලය අවසන් වශයෙන් කළ යෝජනාවේ වියදම් ඇස්තමේන්තු කීපයක් පිළිබඳව දැඩි අවදානය යොමු වී ඇති බව ද සඳහන් කළේය.
  • විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරී ඉංජිනේරු වසන්ත එදිරිසූරිය මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර යෝජනාවලියෙන් මෙම මස (ඔක්තෝබර්) සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ඇස්තමේන්තු කර ඇති හිඟය මඟ හැරීම සඳහා බව පවසමින් මෙලෙස ගාස්තු වැඩි වීමක් ඉල්ලා තිබේ.
  • මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ රුපියල් මිලියන 17,694 ක් හෙවත් රුපියල් කෝටි 1,769 ක පමණ හිඟයක් ඇස්තමේන්තු කර ඇති අතර එය පියවාගැනීමට සියයට 6.8 ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් අවශ්‍ය යැයි ඇස්තමේන්තු කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එම විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව වන ක්‍රියාවලියේ මහජන අදහස් විමසීම මේ වන විට ක්‍රියාත්මක වන බවත් එහි අවසන් සැසිය වන බස්නාහිර පළාත් රැස්වීම මෙම මස 8 වැනිදා පැවැත්වීමෙන් පසුව ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තිරණය ගන්නා බවත් එම නිලධාරියා සඳහන් කළේය.

මෙම ගාස්තු සංශෝධනයේදී විදුලිබල පනතට සහ විදුලි ගාස්තු මිල සූත්‍රයට අනුව කටයුතු කරන බව කී එම නිලධාරියා ඒ අනුව විදුලිබල මණ්ඩලය අවසන් වශයෙන් කළ යෝජනාවේ වියදම් ඇස්තමේන්තු කීපයක් පිළිබඳව දැඩි අවදානය යොමු වී ඇති බව ද සඳහන් කළේය.

මහජන උපයෝගිතා කොමිසම එම යෝජනාව කරුණු 8 ක් යටතේ මේ වන විට අධ්‍යනය කරමින් සිටින අතර එහිදී විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කර ඇති විදුලි ජනන වියදම, ඉන්ධන බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ වියදම, බෙදාහැරීමේ වියදම සහ ණය ගෙවීමට විදුලි ගාස්තුවලින් අරමුදල් සපයාගැනීම යන කරුණු පිළිබඳව අවදානය යොමුකර ඇති බවත් එහිදී ඉන්ධන බලාගාරවලින් විදුලි වැඩිවශයෙන් මිලදීගැනීමට සහ පැරණි ණය ගෙවීමට විදුලි ගාස්තුව ඉහළ දැමීමට කර ඇති යෝජනා සම්බන්ධයෙන් දැඩි අවදානය යොමු වී ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරී ඉංජිනේරු වසන්ත එදිරිසූරිය මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර යෝජනාවලියෙන් මෙම මස (ඔක්තෝබර්) සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ඇස්තමේන්තු කර ඇති හිඟය මඟ හැරීම සඳහා බව පවසමින් මෙලෙස ගාස්තු වැඩි වීමක් ඉල්ලා තිබේ.

මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ රුපියල් මිලියන 17,694 ක් හෙවත් රුපියල් කෝටි 1,769 ක පමණ හිඟයක් ඇස්තමේන්තු කර ඇති අතර එය පියවාගැනීමට සියයට 6.8 ක විදුලි ගාස්තු ඉහළ දැමීමක්  අවශ්‍ය යැයි ඇස්තමේන්තු කර තිබේ.


(lankadeepa | යොහාන් භාසුර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...