The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

නැගෙනහිරින් අතුරුදහන් කළ 150ක් වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි

T

The Leader Desk

September 5, 2025 • 4:51 PM

නැගෙනහිරින් අතුරුදහන් කළ 150ක් වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලැබූ එකසිය පනහකට වැඩි පිරිසක් වෙනුවෙන් රට තුල කිසිදු යුක්තියක් අපේක්ෂා කළ නොහැකි බව පවසන වින්දිත පවුල් වල ඥාතීන් සහ ආගමික නායකයන් සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා සිටිති.
  • පසුගිය වසර 35 තුළ ජාතික යාන්ත්‍රණය හෝ ශ්‍රී ලංකා ආණ්ඩුව හරහා ලබා නොදුන් යුක්තිය තවමත් ලැබෙන්නේ නැහැ.
  • බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින පිරිස මලින් පහනින් අනුස්මරණය කළ මඩකලපුව දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කළ අයගේ ඥාතීන් අනතුරුව සිය සමීපතමයන්ය යුක්තිය ඉල්ලා විරෝධතාවයක් දියත් කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
  • OMP කාර්යාලයට ලැබී ඇති 17000 කට ආසන්න පැමිණිලි අතුරින් ඉතිරිවී ඇති දසදහසකට අධික අතුරුදහන් වීම් අවුරුදු දෙකකින් විසඳීම සඳහා වන යෝජනාවකට මේ සතියේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලැබූ එකසිය පනහකට වැඩි පිරිසක් වෙනුවෙන් රට තුල කිසිදු යුක්තියක් අපේක්ෂා කළ නොහැකි බව පවසන වින්දිත පවුල් වල ඥාතීන් සහ ආගමික නායකයන් සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා සිටිති.

"මෙය ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් නැගෙනහිර පළාතේ සැලසුම් සහගතව කළ පළමු වර්ග සංහාරයයි. අපි පාරේ ඉන්නවා. යුක්තියේ දෙවඟනට ඇස් නැහැනේ. ඒ වගේම තමයි මේ ප්‍රශ්නයත් යටපත් කරලා තියෙන්නේ. පසුගිය වසර 35 තුළ ජාතික යාන්ත්‍රණය හෝ ශ්‍රී ලංකා ආණ්ඩුව හරහා ලබා නොදුන් යුක්තිය තවමත් ලැබෙන්නේ නැහැ. ඒ නිසායි අපි ජාත්‍යන්තර යුක්තිය යාන්ත්‍රණයක්  හරහා විසඳුමක් ඉල්ලන්නේ."

මඩකලපුව දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති අමලරාජ් අමලනායකී මාතාව ඒ බව සදහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ පාලන සමයේ  තිස් පස් වසරකට ඉහතදී රජයේ ආරක්ෂක අංශ විසින්  බලහත්කාරයෙන් අතුරුදහන් කළ  පිරිසට යුක්තිය ඉල්ලා 2025 සැප්තැම්බර් 5 වැනිදා  නැගෙනහිර විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී දියත් කළ විරෝධතාවයකට එක්වෙමිනි.

බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින පිරිස මලින් පහනින් අනුස්මරණය කළ මඩකලපුව දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කළ අයගේ ඥාතීන්   අනතුරුව සිය සමීපතමයන්ය යුක්තිය ඉල්ලා විරෝධතාවයක් දියත් කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.  

2000 වසරට පෙර උතුරේ සහ දකුණේ වාර්තා වූ බලහත්කාර අතුරුදහන් කිරීම් පිළිබඳ පැමිණිලි 10,000 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් විමර්ශන නැවත ආරම්භ කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) විසින් අරලියගහ මන්දිරයේදී සංවිධානය කළ වැඩසටහනක් අමතා ඉකුත්දා පවසා තිබුණි.


OMP කාර්යාලයට ලැබී ඇති 17000 කට ආසන්න පැමිණිලි අතුරින් ඉතිරිවී ඇති දසදහසකට අධික අතුරුදහන් වීම් අවුරුදු දෙකකින් විසඳීම සඳහා වන යෝජනාවකට මේ සතියේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණි.


“අගතියට පත් පාර්ශ්වයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා 2027 වර්ෂය අවසන් වන විට පරීක්ෂණ සහ අදාළ රාජකාරි නිම කිරීම පිණිස විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, අදාළ කාර්යය සඳහා විශ්‍රාමික විනිසුරුවරුන්, ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරින්, නීතිඥයින් ඇතුළු සුදුසුකම් සහිත පුද්ගලයින් 75දෙනෙකුගෙන් සමන්විත අනුමණ්ඩල 25ක් පත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී,” යි කැබිනට් කාර්යාලය ප්‍රකාශ කරයි.

දශක තුන හමාරක් තිස්සේ සිය පුතු වෙනුවෙන් යුක්තිය ඉල්ලා සටන් වදින මවකට අද අත්ව ඇති ඉරණම මඩකලපුව දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති අමලරාජ් අමලනායකී මාතාව පළාත් බද මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කර තිබුනේ පහත අයුරිනි.

"පහුගිය අවුරුද්දේ අනුස්මරණයට ආපු අම්මට මේ පාර අනුස්මරණයට එන්න බැරිවෙලා තියෙන්නේ. ඇය ඇඳේ වැතිරී තම පුතා වෙනුවෙන් කඳුළු සලමින් ඉන්නවා. අම්මා කෙනකුට තම පුතා වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටීමට බැරිවෙලයි තියෙන්නේ."

සුදු කොඩි

මඩකලපුව, වන්දාරමුලෙයි  නැගෙනහිර විශ්ව විද්‍යාලයේ රැඳී සිටි උන් හිටි තැන් අහිමිවූ  පිරිසක් කොම්මාතුරෙයි හමුදා කඳවුරින් පැමිණ බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇත්තේ එක්සත් ජාතික පක්ෂ පාලනයක් පැවති 1990 සැප්තැම්බර් මස 5 වැනි දිනය.


විශ්ව විද්‍යාලයේ රැකවරණ සොයාගොස් සිටියේ සෝදිසි කර විනාශ කිරීමේ මෙහෙයුමක යෙදී සිටි  වාලච්චීනෙයි හමුදා කඳවුරේ භට සේනා කඩාවැදුණු වන්දාරමුලෙයි, සංගන්කර්නි සහ කෞරවක්කර්නි ගම්මානවලින් පලාවිත් දිවිගලවා ගත්තවුන්ය. ආරක්ෂාව සැලසූ සරසවි ඇදුරන් විසින් විශ්ව විද්‍යාලය ඉදිරිපිට සුදු කොඩි ඔසවා තිබුණි.


විශ්ව විද්‍යාලීය පරිපාලන සාමාජිකයන් මෙන්ම අතුරුදහන්වුවන්ගේ ඥාතීන්ද විසින් ජනාධිපති කොමිසමකට දෙන ලද සාක්ෂි අනුව එදින පෙරවරු 9 ට පමණ පැමිණි හමුදාව විසින් සියළු රැඳවියන් පෙළගස්සවා එයින් තෝරාගත් තරුණ පිරිසක් බස් රථ දෙකක නග්ගවාගෙන පිටතට රැගෙන ගොස් තිබේ.

එදිනම මඩකලපුවේ සත්තුරුකොන්ඩාන්, පනිච්චෙයියාඩි, කොකුවිල් සහ පිල්ලෙයියාරඩි ගම්වලට කඩා වැදුණු යුද හමුදාව තවත් ගම්වාසීන් පැහැරගෙන ගොස් තිබේ.මේ කිසිවකුත් ආපසු පැමිණ නැත.

කැප්ටන් මුනාස් සහ කපිතාන් රිචඩ් ඩයස්

රැඳවියන් එසේ රැගෙන යාමට පැමිණ ඇත්තේ කැප්ටන් මුනාස් නමින් හඳුන්වනු ලැබු හමුදා නිළධාරියකු ඇතුළු පිරිසක් විසිනි. කැප්ටන් මුනාස්  යනුවෙන්  හැඳින්වෙන්නේ කපිතාන් රිචඩ් ඩයස් යැයි මඩකලපු පුරවැසි කමිටුවේ හැරී මිලර් පියතුමා 1993 දී ‘හිරු’ පුවත් පතට පවසා තිබුණි.

කෙසේ නමුත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පළමු පාලන සමයේදි ඇය විසින් පත්කරනු ලැබු ‘පුද්ගල පැහැරගෙන යාම් සහ අතුරුදහන් කිරීම් පිළිබඳ පරික්ෂණ කොමිසම්’ ත්‍රිත්වයෙන්  එකක් වන උතුරු නැගෙනහිර කොමිසම විසින් වන්දාරමුලෙයි සමුහ ඝාතනය පිළිබඳව තොරතුරු වාර්තා කොට තිබේ.

ක්‍රිෂ්ණ පිල්ලෙයි පාලකිඩ්නර් ප්‍රමුඛ ත්‍රිපුද්ගල කමිටුවක් ප්‍රධානත්වය දැරූ එම කොමිසමේ අවසන් වාර්තාවෙහි මෙම සිදුවිමෙන් අතුරුදහන්වුණු පුද්ලයන්ගේ නම් මෙන්ම එයට වගකිව යුතු හමුදා නිළධාරින් ලෙසින් කැප්ටන් මුනාස්, කැප්ටන් පාලිත හා  කැප්ටන් ගුණරත්නගේ නම් සඳහන් කොට තිබේ.

මේජර් මජීඩ් සහ මේජර් මොහාන් යන අතුරු සන්නද්ධ කල්ලි නායකයන් දෙදෙනකුද එම පැහැර ගැනීමට හවුල් වී තිබෙන බවට සාක්ෂි කොමිසම විසින් සටහන් කරගෙන තිබේ.


හිටපු හමුදාපති
සාක්ෂි කරුවන් විසින් කොමිසමට කියා ඇති පරිදි, සැප්තැම්බර් 8දා කඳවුරට පැමිණි එවක හමුදාපති ජෙරී ද සිල්වා දැනුම් දී ඇත්තේ රැගෙන ගිය සැම දෙනාම වරදකරුවන් ලෙසින් ඔප්පු වී තිබෙන බවය.

ඒ ‘වරදකරුවන්’ සම්බන්ධයෙන් ගන්නා ලද පියවර කවරේදැයි හිටපු හමුදාපතිවරයා කියා නැත.
 
කෙසේ වෙතත්,  පුද්ගල පැහැරගෙනයාම් සහ ඝාතන සම්බන්ධයෙන් අදාළ කොමිසම් විසින් හඳුනාගනු ලැබු කිසිදු හමුදා හෝ පොලිස් භටයකුට එරෙහිව වැඩිදුර නීති විමර්ශන සිදුනොකරන ලෙසට ඉහළම දේශපාලන බලාධිකාරිත්වය විසින් නියෝග කරනු ලැබුවේ යැයි අදාළ කොමිසම්වල ලේකම්වරයකු ලෙස කටයුතු කළ එම්.සී.එම් ඉක්බාල් පසු කලෙක කියා සිටියේය.
 

 urtyrtt

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...