The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් (ICC) තහනමක් අභියස!

T

The Leader Desk

February 2, 2023 • 5:15 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් (ICC) තහනමක් අභියස!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා අනවශ්‍ය ලෙස දිගින් දිගටම
  • ඊට ආසන්නතම ප්‍රධාන හේතුව වී ඇත්තේ නව ක්‍රීඩා නීති සකස් කිරීමේදී ඇමතිවරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුව හරහා ඇපීල් උසාවි වෙත ලබාදුන් එකඟතාව කඩ කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය වෙත වාර්තා වීමත් සමගය.
  • එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී ද ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ මාර්ගෝපදේශ සම්බන්ධයෙන් එහි උපදෙස් ලබාගැනීමට කටයුතු කරන බව ද සඳහන් වේ.
  • මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් නව ක්‍රීඩා රෙගුලාසි හා අනෙකුත් අනිසි බලපෑම් වලට අදාලව ලිඛිතව කරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාගෙන ඇති බව ද වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එල්ල වන දේශපාලනික අතපෙවීම් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය (ICC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසාදුගත කිරීම හෝ අත්හිටුවීම සඳහා සලකා බලමින් සිටින බව ජාත්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරයි.

ඊට ආසන්නතම ප්‍රධාන හේතුව වී ඇත්තේ නව ක්‍රීඩා නීති සකස් කිරීමේදී ඇමතිවරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුව හරහා ඇපීල් උසාවි වෙත ලබාදුන් එකඟතාව කඩ කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය වෙත වාර්තා වීමත් සමගය.

මීට අදාලව ඇපීල් උසාවියේ ගොනු කර ඇති 460/2020 නඩුවට අදාලව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් 2022.08.30 වන දින නීතිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත්තේ ක්‍රීඩා නීතිය වෙනස් කරන අවස්ථාවකදී ක්‍රිකට් වලට අදාල වන කාරණා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ උපදේශකත්වය ලබාගැනීමට කටයුතු කරන බවය. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී ද ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ මාර්ගෝපදේශ සම්බන්ධයෙන් එහි උපදෙස් ලබාගැනීමට කටයුතු කරන බව ද සඳහන් වේ.

dfgsdtf

කෙසේවෙතත් මේ වනතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් වන දේශපාලනික අතපෙවීම් වලදී ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය දැනුවත් කිරීමට හෝ ඔවුන්ගේ උපදෙස් ලබාගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු නොකිරීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් නව ක්‍රීඩා රෙගුලාසි හා අනෙකුත් අනිසි බලපෑම් වලට අදාලව ලිඛිතව කරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාගෙන ඇති බව ද වාර්තා වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් සිදුකරන ඉහත පරීක්ෂණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සම්බන්ධයෙන් අනිසි දේශපාලන බලපෑම් එල්ල වන බව සනාථ වන පසුබිමක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් කුමන හෝ ආකාරයේ තහනමක් නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි ඉඩකඩක් ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.


සබැඳි පුවත් :
ශ්‍රී ලංකා ක්‍රිකට් : ක්‍රීඩා ඇමති ගෙන් අධිකරණයට ප්‍රතිඥාවක්

 


JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...