The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් : ක්‍රීඩා ඇමති ගෙන් අධිකරණයට ප්‍රතිඥාවක්

T

The Leader Desk

February 1, 2023 • 9:41 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් : ක්‍රීඩා ඇමති ගෙන් අධිකරණයට ප්‍රතිඥාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විගණකාධිපතිවරයාගේ වාර්තාව ලැබෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බව ක්‍රීඩා ඇමතිවරයා අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නේය.
  • නීතිපතිවරයාගේ නිර්දේශය 2022 ලෝක කුසලානයේදී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරය පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ කුසලා සරෝජිනී කමිටු වාර්තාව විගණකාධිපතිවරයා වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා නිර්දේශ කර තිබිණ.
  • එම වාර්තාව වෝහාරික විගණනයක් සඳහා විගණකාධිපතිවරයා වෙත යොමු කරන ලෙස ද නීතිපතිවරයා නිර්දේශ කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලු අවස්ථාවේදී ඔහු එම ප්‍රතිඥාව ලබාදීම සිදුකළේය.

හිටපු මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන ගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අවලංගු කිරීම වළක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබුණි.


නීතිපතිවරයාගේ නිර්දේශය


2022 ලෝක කුසලානයේදී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරය පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ කුසලා සරෝජිනී කමිටු වාර්තාව විගණකාධිපතිවරයා වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා නිර්දේශ කර තිබිණ.

එම වාර්තාව වෝහාරික විගණනයක් සඳහා විගණකාධිපතිවරයා වෙත යොමු කරන ලෙස ද නීතිපතිවරයා නිර්දේශ කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.

පසුගිය වසරේ අගභාගයේදී ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී ක්‍රීඩකයින්, නිලධාරීන් සහ හිතවතුන් අතර සිදු වූ බව කියන වැරදි රැසක් විමර්ශනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද පංච පුද්ගල කමිටුව, ලබාදී ඇති නිර්දේශ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය නීතිපති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව නීතිපතිවරයා සිය නියෝගය නිකුත් කර තිබිණි.



සබැඳි පුවත් :
ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමේ සුදානමක් !


JW
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...