13වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරමින් උතුරු නැගෙනහිර ප්‍රදේශ සඳහා

පොලිස් සහ ඉඩම් බලතල ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට ජාතිවාදීන් විශාල ප්‍රමාණයක් සිය විරෝධය ප්‍රකාශ කරමින් සිටී.

මෙම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා සංඝරත්නය ප්‍රකාශ කරන්නේ තමන්ට හැකි සියලුම ක්‍රියාමාර්ග යොදා මෙම සංශෝධනය බලාත්මක කිරීම නවත්වන බවයි.

නමුත් රජය විසින් කළ යුත්තේ ජාතිවාදීන් කියන දේ ඇසීම නොව උතුරු නැගෙනහිර ජනතාවට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දීමයි. මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් ඇති වීමෙන් දෙමළ ජනතාව විශාල ප්‍රමාණයක් ජීවිත පුදා ඇති අතර තවත් එවැනි ලේ වැගිරීමක් ඇති නොකිරීමට නම් ආණ්ඩුව කළ යුත්තේ 13වැනි සංශෝධනය බලාත්මක කොට උතුරු නැගෙනහිර පළාත් සඳහා පොලිස් බලතල හා ඉඩම් බලතල ලබා දීමයි.



ජාතිවාදීන්ට මේ රට තවදුරටත් යුද්ධයකින් තොරව, සාමයකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන අතර කෙසේ හෝ ජාතිවාදී මුහුණුවරකින් උතුරු නැගෙනහිර ජනයාට වධ දීමට උත්සාහ ගනිමින් සිටී. රජයක් වශයෙන් කළ යුත්තේ මෙම උත්සාහයන් සියල්ලම ව්‍යාර්ත කොට 13වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කොට උතුරු නැගෙනහිර ජනතාවට නිදහස ලබා දීමයි. එය මෙරට ජාතික ගැටලුව විසඳීමට ගන්නා සාධනීය පියවරක් වශයෙන් දැක්විය හැක.


හාමුදුරුවරු කල යුත්තේ රටේ ජාතිවාදය ඇවිස්සීම නොව මිනිසුන් සසරෙන් එතෙර කිරීමට බණ කිවීමයි. තමන් තමන්ගේ රාජකාරි නිසි පරිදි ඉටු නොකර තමන්ට අදාළ නැති ක්ෂේත්‍ර ගැන කතා කිරීම යහපත් නොවේ.

එහෙයින් රජය විසින් කොන්ද පණ ඇතුව 13වන සංශෝධනය බලාත්මක කල යුතුය. ඒ සඳහා එරෙහි වන්නන් ට හිස නොනමා සිය වගකීම ඉටු කල යුතුය. ඒ සඳහා දෙමළ දේශපාලන පක්ෂ වල සහය ඇතුව හෝ නැතිව ආණ්ඩුව එය සිදු කල යුතුය.

( carbonnews.lk)

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්