The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ජනපතිගේ සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159 දෙනාගේ පඩි විස්තර අරන් ගම්මන්පිල අල්ලස් කොමිසමිට යයි!

T

The Leader Desk

September 29, 2025 • 6:17 AM

ජනපතිගේ සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159 දෙනාගේ පඩි විස්තර අරන් ගම්මන්පිල අල්ලස් කොමිසමිට යයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් ලබා ගන්නා ලද මාසික වැටුප පක්ෂ අරමුදලට යොමු කිරීමෙන් දේශපාලන කටයුතු සිදු කිරීම සම්බන්ධවය.
  • මහජන අරමුදල් දේශපාලනික අරමුණු වෙනුවෙන් යෙදවීමෙන් ජාතික ජන බලවේගය සිදු කරන දූෂණයට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත එම පැමිණිල්ල යොමුකර ඇත.
  • උදය ගම්මන්පිල ඉදිරිපත් කර ඇති මෙම ලිපියට අනුව මහජන සේවයකට වැය කිරීමට ලබා දෙන අරමුදල් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයකට යෙදවීම මහජන මුදල් අවභාවිතා කිරීමකි; දූෂණයකි.
  • එබැවින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 159 දෙනා ද ජනාධිපතිවරයා ද මෙම දූෂණය නමැති වරද සිදුකර ඇති බැවින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පිවිතුරු හෙළ උරුමය පක්ෂය ලෙස ඔවුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් ලබා ගන්නා ලද මාසික වැටුප පක්ෂ අරමුදලට යොමු කිරීමෙන් දේශපාලන කටයුතු සිදු කිරීම සම්බන්ධවය.

මහජන අරමුදල් දේශපාලනික අරමුණු වෙනුවෙන් යෙදවීමෙන් ජාතික ජන බලවේගය සිදු කරන දූෂණයට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත එම පැමිණිල්ල යොමුකර ඇත.

උදය ගම්මන්පිල ඉදිරිපත් කර ඇති මෙම ලිපියට අනුව මහජන සේවයකට වැය කිරීමට ලබා දෙන අරමුදල් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයකට යෙදවීම මහජන මුදල් අවභාවිතා කිරීමකි; දූෂණයකි.  එබැවින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 159 දෙනා ද ජනාධිපතිවරයා ද මෙම දූෂණය නමැති වරද සිදුකර ඇති බැවින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පිවිතුරු හෙළ උරුමය පක්ෂය ලෙස ඔවුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා ඇත.

 

අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදය ගම්මන්පිල පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන මාසික දීමනාව තමන්ට අවැසි ආකාරයට වියදම් කළ නොහැකි බවය.

 

ඒ අනුව මාසිකව කෝටි 3කට වඩා වැඩි මුදලක් ආණ්ඩුවේ මන්ත්‍රීවරු 159 දෙනා විසින් ලබා ගනිමින් එය පක්ෂ අරමුදල වෙත බැර කර දේශපාලන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම මහජන මුදල් අවභාවිත කිරීමක් වන බවත් ඒ අනුව මේ සම්බන්ධව විමර්ශනය කරන ලෙස ඉල්ලා තමන් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කළ බවත් ඔහු පැවසීය.

දේවානන්ද සුරවීර මන්ත්‍රීවරයා ගේ ප්‍රකාශයකට අනුව සෑම මන්ත්‍රිවරයෙකුට ම ජාතික ජන බලවේගය විසින් මාසික දීමනාවක් ලබා දුන්න ද කිසිම මන්ත්‍රිවරයෙකු තමන්ගේ ආදායමක් ලෙස එකී දීමනාව සිය වත්කම් ප්‍රකාශනයේ සඳහන් කර නැතැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල,

"මේ මුදල් දුරකතන බිල් ගෙවන්න, ඉන්ධන, සහ කාර්යාල නඩත්තු කරන්න යොදන මුදල් පක්ෂ අරමුදලට යවලා දේශපාලන කටයුතුවලට යොදා ගැනීම මහජන මුදල් අවභාවිතා කිරීමක්. මාසෙකට කෝටි 3කට වඩා වැඩි මුදලක් සියලුම මන්ත්‍රීවරු 159 දෙනාගෙත් ජනාධිපතිවරයා ඇතුළු 160 දෙනාගේත් මහජන මුදල් අවභාවිතා කිරීමේ දූෂණය සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා මේ 160 දෙනාටම නීතිය ක්‍රියාත්මක කරන්න කියලායි අපි අද අල්ලස් කොමිසමට ආවේ."



ගම්මන්පිලගේ පැමිණිල්ල මෙන්න :

මතු පළ වන්නේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය යි.
මහජන අරමුදල් දේශපාලනික අරමුණු වෙනුවෙන් යෙදවීමෙන් ජාතික ජන බලවේගය සිදු කරන දූෂණයට නීතිය ක page 0001මහජන අරමුදල් දේශපාලනික අරමුණු වෙනුවෙන් යෙදවීමෙන් ජාතික ජන බලවේගය සිදු කරන දූෂණයට නීතිය ක page 0002

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...