The Leader News
BREAKING
ආසියා-පැසිෆික් සුව සමුළුවේදී ශ්‍රී ලංකාවට උප සභාපති ධුරයක්●දේශීය ඖෂධවලට ලෝකය දිනන අලුත් වෙළඳපොළක්●Ballon d’Or සම්මානය : විසිපස් වසරකට පසු එංගලන්ත නායක හැරී කේන් හිමිකරගනී!●ශ්‍රී ලාංකේය පාපන්දුවට නව යුගයක්!: ක්‍රීඩා ඇමති හා FIFA ප්‍රධානීන් අතර සාකච්ඡාවක්!●රසල් බ්‍රෑන්ඩ්ගේ නඩු විභාගයේදී හිටපු සහයිකාවගෙන් හෙළිදරව්වක්●කොළඹ වරාය ඩිජිටල්කරණයට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 17ක්●කෘත්‍රිම බුද්ධි ගායිකාවකගේ 'ගැබ්ගැනීම' නිසා චීනයේ ඇවිළුණු අර්බුදය●උඩරට දුම්රිය මාර්ගය: පීලි හැදුවත් පොළොව ෂුවර්ද●ඩේවිඩ් බෝවීගේ අඩ සියවසක සැඟවුණු ප්‍රසංගය යළි කරළියට●කොස්ටාරිකාවෙන් සංවිධානාත්මක අපරාධ මැඩලීමට දැවැන්ත මෙගා බන්ධනාගාරයක්●
Top Ad
පුවත්

කොමිෂන් පත් කිරීම කල් යන ලකුණු!

T

The Leader Desk

March 4, 2023 • 5:01 PM

කොමිෂන් පත් කිරීම කල් යන ලකුණු!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම පත් කිරීම් තවත් සති කීපයක් පමා වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
  • ස්වාධීන කොමිෂන් සභාවල සාමාජික පුරප්පාඩු සඳහා අයදුම්පත් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබීම නිසා සුදුස්සන් තෝරා ගැනීම සංකීර්ණවී ඇති හෙයින් මෙම ප්‍රමාදය ඇතිවී තිබෙන බව ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.
  • මේ අතර සමහර අපේක්ෂකයන් කොමිෂන් සභා හතර පහකට අයදුම්පත් යොමු කිරීම නිසාද සුදුස්සන් තේරීම සංකීර්ණවී ඇතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව පවසයි.
  • තවද සුදුසුකම් නැති පිරිසක්ද කොමිෂන් සභා සඳහා අයදුම්පත් යොමු කර ඇති අතර ඒ අය වෙනම ලැයිස්තුවකට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

එම පත් කිරීම් තවත් සති කීපයක් පමා වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ස්වාධීන කොමිෂන් සභාවල සාමාජික පුරප්පාඩු සඳහා අයදුම්පත් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබීම නිසා සුදුස්සන් තෝරා ගැනීම සංකීර්ණවී ඇති හෙයින් මෙම ප්‍රමාදය ඇතිවී තිබෙන බව ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර සමහර අපේක්ෂකයන් කොමිෂන් සභා හතර පහකට අයදුම්පත් යොමු කිරීම නිසාද සුදුස්සන් තේරීම සංකීර්ණවී ඇතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව පවසයි.

තවද සුදුසුකම් නැති පිරිසක්ද කොමිෂන් සභා සඳහා අයදුම්පත් යොමු කර ඇති අතර ඒ අය වෙනම ලැයිස්තුවකට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

සුදුසුකම් සහිත අයදුම්පත් යොමු නොකළ බාහිර පුද්ගලයන් කොමිෂන් සභාවලට පත් කිරීමට හැකියාව ඇත්දැයි යන්න සම්බන්ධයෙන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ අවධානය යොමුවී ඇත.


(lankadeepa.lk)

 
JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...