The Leader News
BREAKING
හෝටල් සේවිකාවට අතවර චෝදනා: ඉන්දීය පිහිනුම් ශූරයාට ජීවිතාන්ත තහනම් අවදානමක්●සෙම්මනි වාර්තාවේ නිගමනවලට එරෙහිව අධිකරණය හමුවේ විරෝධයක්●ආසියා-පැසිෆික් සුව සමුළුවේදී ශ්‍රී ලංකාවට උප සභාපති ධුරයක්●දේශීය ඖෂධවලට ලෝකය දිනන අලුත් වෙළඳපොළක්●Ballon d’Or සම්මානය : විසිපස් වසරකට පසු එංගලන්ත නායක හැරී කේන් හිමිකරගනී!●ශ්‍රී ලාංකේය පාපන්දුවට නව යුගයක්!: ක්‍රීඩා ඇමති හා FIFA ප්‍රධානීන් අතර සාකච්ඡාවක්!●රසල් බ්‍රෑන්ඩ්ගේ නඩු විභාගයේදී හිටපු සහයිකාවගෙන් හෙළිදරව්වක්●කොළඹ වරාය ඩිජිටල්කරණයට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 17ක්●කෘත්‍රිම බුද්ධි ගායිකාවකගේ 'ගැබ්ගැනීම' නිසා චීනයේ ඇවිළුණු අර්බුදය●උඩරට දුම්රිය මාර්ගය: පීලි හැදුවත් පොළොව ෂුවර්ද●
Top Ad
ක්‍රීඩා

Ballon d’Or සම්මානය : විසිපස් වසරකට පසු එංගලන්ත නායක හැරී කේන් හිමිකරගනී!

ලෝකයේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස ‘බැලන් ඩෝ’ - Ballon d’Or - සම්මානය මෙවර දිනා ගත්තේ එංගලන්තයේ පාපන්දු නායක හැරී කේන්.

Pasan

Pasan

October 28, 2026 • 7:00 PM

Ballon d’Or සම්මානය : විසිපස් වසරකට පසු එංගලන්ත නායක හැරී කේන් හිමිකරගනී!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එංගලන්තය සහ ටොට්නම් හොට්ස්පර් හා බායන් මියුනික් යන පාපන්දු සමාජ කණ්ඩායම් නියෝජනය කිරීමේදී තමාගේ පාමුල වාර්තා ඇද වැටෙනු දුටු මේ 33 හැවිරිදි ක්‍රීඩකයාට සඳුදා එංගලන්තයේ ලන්ඩන් පලේඩියම් රංගශාලාවේදී ලැබුණේ ඔහුට ඉතාමත් සුදුසු කීර්තියක්.
  • ඒ සමග ඔහු 2001 වසරේ මයිකල් ඔවන්ගෙන් පසුව ‘බැලන් ඩෝ’ කිරුළ පැලඳූ පළමු එංගලන්ත ක්‍රීඩකයා බවට පත්වුණා.
  • ස්ටැන්ලි මැතිව්ස් (1956), බොබී චාල්ටන් (1966) සහ කෙවින් කීගන් (1978 හා 1979) සෙසු ක්‍රීඩකයෝ යි.
  • ස්කොට්ලන්තයේ ඩෙනිස් ලෝ (1964) සහ උතුරු අයර්ලන්තයේ ජෝර්ජ් බෙස්ට් (1968) මේ සම්මානය දිනා ගත් එක්සත් රාජධානියේ ක්‍රීඩකයින් වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

එංගලන්තය සහ ටොට්නම් හොට්ස්පර් හා බායන් මියුනික් යන පාපන්දු සමාජ කණ්ඩායම් නියෝජනය කිරීමේදී තමාගේ පාමුල වාර්තා ඇද වැටෙනු දුටු මේ 33 හැවිරිදි ක්‍රීඩකයාට සඳුදා එංගලන්තයේ ලන්ඩන් පලේඩියම් රංගශාලාවේදී ලැබුණේ ඔහුට ඉතාමත් සුදුසු කීර්තියක්. ඒ සමග ඔහු 2001 වසරේ මයිකල් ඔවන්ගෙන් පසුව ‘බැලන් ඩෝ’ කිරුළ පැලඳූ පළමු එංගලන්ත ක්‍රීඩකයා බවට පත්වුණා.

මේ සම්මානය දිනා ගත් පස්වැනි ඉංග්‍රීසි ජාතිකයා වන්නේ කේන්. ස්ටැන්ලි මැතිව්ස් (1956), බොබී චාල්ටන් (1966) සහ කෙවින් කීගන් (1978 හා 1979) සෙසු ක්‍රීඩකයෝ යි.

ස්කොට්ලන්තයේ ඩෙනිස් ලෝ (1964) සහ උතුරු අයර්ලන්තයේ ජෝර්ජ් බෙස්ට් (1968) මේ සම්මානය දිනා ගත් එක්සත් රාජධානියේ ක්‍රීඩකයින් වනවා.
 

එංගලන්තයේ වැඩිම ගෝල්ලාභියා

ගෝල 91ක් ලබා ගෙන සිටින කේන් එංගලන්තයේ වැඩිම ගෝල්ලාභියා වනවා. ඔහු එංගලන්තය වෙනුවෙන් තරග 125කට ක්‍රීඩා කර තිබෙන්නේ සිය රට වෙනුවෙන් වැඩිම තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කළ පුරාවෘත්ත ගෝල් රකින්නා වන පීටර් ෂෙල්ඩන් හා සම වෙමින්.

හොට්ස්පර් නියෝජනය කරමින් තරග 435කින් ගෝල 280ක් ලබා ගෙන ඔවුන්ගේ වාර්තාගත ගෝල ලබා ගන්නා බවට පත්ව සිටින කේන් 2025-26 තරග වාරයේදී එංගලන්තය හා බායන් මියුනික් වෙනුවෙන් තරග 65කදී සිත්ගන්නා අයුරින් ගෝල 73ක් වාර්තා කර තිබෙනවා.

මෙයින් ගෝල 61ක් බායන් මියුනික් නියෝජනය කරමින් වන අතර අනෙක් ගෝල 12 එංගලන්තය වෙනුවෙනුයි. මෙය බායන් මියුනික් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් එක් තරග වාරයකදී ලබා ගත් වැඩිම ගෝල ප්‍රමාණය වනවා.


ආක්‍රමණශීලී ම්බප්පේ, යමාල් පැරදවූ හැරී කේන්

පාපන්දු ක්‍රීඩාවේ ලොකුම පෞද්ගලික කීර්තිය කරා යාමේදී ප්‍රංශ හා රේආල් මෙඩ්රිඩ් සමාජ ක්‍රීඩක කිලියන් ම්බප්පේ මෙන්ම ස්පඤ්ඤය හා බාසිලෝනා සමාජයීය නව යොවුන් ක්‍රීඩක ලැමින් යමාල් ද පරාජය කළ එංගලන්ත හා ‘බායන් මියුනික්’ ලෝක පූජිත ආක්‍රමණශීලී ක්‍රීඩක හැරී කේන්ගේ මෑත කාලයේ සුවිශේෂී පලදාවයි මේ.

1981 වසරේ කාල්-හයින්ස් රූමනිගගෙන් පසුව ‘බැලන් ඩෝ’ සම්මානය හිමි කරගත් පළමු බායන් මියුනික් ක්‍රීඩකයා බවට ද කේන් පත්වනවා.

බායන් මියුනික් කණ්ඩායම වෙනුවෙන් සියලු පාපන්දු තරගාවලියන් හි කේන් ගෝල 61ක් වාර්තා කර තිබෙන අතර මෙය යුරෝපයේ ඉහළම ලීග පහේදී වෙනත් ඔ්නෑම ක්‍රීඩකයෙකුට ලබා ගැනීමට හැකිවූ ගෝල සංඛ්‍යාවට වඩා 19කින් වැඩි වනවා. ඇත්ත වශයෙන්ම මෙය ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ද මීට වසර 11කට පෙර ‘රේආල් මෙඩ්රිඩ්’ සමාජය වෙනුවෙන් ගෝල 61ක් වාර්තා කිරීමෙන් පසුව ක්‍රීඩකයෙක් වාර්තා කළ වැඩිම ගෝල ප්‍රමාණය යි.

‘බැලන් ඩෝ’ වසර 70ක ඉතිහාසයේ එම ප්‍රදානෝත්සවය ලන්ඩනයේ පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙය වනවා.

- වර්නන් ගුණසේකර (ක්‍රීඩා සංස්කාරක)

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...