leader s

පාතාල ලෝකයේ නායකයකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැකකෙරෙන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා සහ තවත් පාතාල නායකයකු බව කියන සලිදු මල්ශිත ඇතුළු පාතාල

ක්‍රියාකාරකයන් පස්දෙනකු ව්‍යාජ විදේශ ගමන් බලපත් හරහා මැඩගස්කරයට පැමිණ සිටිය දී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

එරට වෙබ් අඩවියක් විසින් වාර්තා කර ඇති පරිදි, මෙම පස් දෙනා සමඟ හරක්කටාගේ අනියම් බිරිඳ බවට පැවසෙන මැලේසියානු ජාතික කාන්තාවක් සහ ඇගේ පියා ද එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්වූ පත්වූ මැලේසියානු ජාතික කාන්තාව ලඟ මිලියන 38ක මුදල් තොගයක් ද තිබී එරට පොලීසිය බාරයට ගෙන ඇති බව එම වෙබ් අඩවිය තව දුරටත් වාර්තා කර ඇත.

මොවුන් පෞද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට පැමිණ හෝටලයක නවාතැන් ගෙන සිට පසුව වාහන දෙකකින් ගමන් කරමින් සිටියදී පොලීසියට කොටු වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනයක් නිකුත්කර තිබු මෙම පිරිස අත්අඩංගුවට ගත් මොහොතේදීම ඔවුන් සම්බන්ධයෙන් මැඩගස්කර පොලිසිය විසින් මෙරට බුද්ධි අංශ වෙත දැනුම්දී තිබුබව ද ඒ අනුව මේවනවිටත් අවශ්‍ය පියවර ක්‍රියාත්මක කර තිබෙන බවද නිල නොවන ආරංචිමාර්ගවලින් වාර්තාවේ.

කෙසේවුවද උසස් පොලිස් නිලධාරියෙකු 'ලංකාදීපය'ට පවසා ඇත්තේ, මෙම පාතාලයන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ හි සත්‍යතාවය ගැන තහවුරු කර ගැනීමට මෙරට බුද්ධි අංශ සහ පාතාල මර්ධන කටයුතු මර්දන කටයුතුවල නිරතව සිටින විශේෂ පොලිස් කණ්ඩායම් තොරතුරු සොයා බලා ගෙන යන බවයි.


මුලාශ්‍ර මැඩගස්කාර් පුවත් වාර්තාව :

TRAFIC – Un baron de la drogue sri-lankais arrêté à Ivato

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්