The Leader News
BREAKING
ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ජාත්‍යන්තර සැලසුමක්●තරුණ විරැකියාව ආර්ථික පුනරුදයට බරපතළ අභියෝගයක්●එයාර් බස් නඩුවේ නාමල් 27 තෙක් යළි රිමාන්ඩ්  ●ජොන්ස්ටන්ගේ හිටපු ලේකම් රක්ෂිත බන්ධනාගාරයට  ●ශිරන්තිට විවෘත හදවත් සැත්කමක්? අධිකරණයෙන් වහාම වාර්තාවක් කැඳවයි●රග්බි පරිපාලනයට එරෙහිව ෆසිල් මරීජාගෙන් නීතිමය අනතුරු ඇඟවීමක්●දීපචෙල්වම් ගේ කෘති සියල්ල නිදහස් කළ යුතුයි; ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කරයි●කථානායකට එරෙහි විශ්වාසභංගය: මාලිමාවේ තීරණය මෙන්න●සජබ - එජාප එකමුතුවක් නැති නිසා අශෝක් අබේසිංහ තනතුරු අත්හරියි●මාලිගාවට බෝම්බ ගැසුවේ කවුද? මල්වතු මහනාහිමිගෙන් සජබයට පැහැදිලි කිරීමක්●
Top Ad
පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්ත්තිකයින් 163 කට උසස් ඩිප්ලෝමා උපාධි

T

The Leader Desk

August 21, 2025 • 4:32 PM

පරිපූරක වෛද්‍ය වෘත්ත්තිකයින් 163 කට උසස් ඩිප්ලෝමා උපාධි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උපාධිධාරීන් සෘජුව ම සෞඛ්‍ය අමාත්‍යාංශයට යට සඳහන් කළ වෘත්තීන් සඳහා වසර දෙකක පූර්ණ කාලීන පුහුණු වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු සහ පර්යේෂණ (ET&R) ඒකකයේ පුහුණු අංශය යටතේ පවත්වනු ලැබේ.
  • සෞඛ්‍ය සේවාවන් පැය 24 පුරා අඛණ්ඩව මහජනතාවට සේවා සැපයිය යුතු සේවාවක් බවත්, මේ වනවිට මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳ සමහර කණ්ඩායම්වල ක්‍රියාකළාපයන් හේතුවෙන් ජනතාව තුළ පැහැදීමක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
  • සී සමරකෝන්, අධ්‍යක්ෂ (පුහුණු) වෛද්‍ය ජී.එස්.පී රණසිංහ, උපදේශකයින්, ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශ නිලධාරීන්, පුහුණු පාසල්වල විදුහල්පතිවරුන් සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු උපාධිධාරී උසස් ඩිප්ලෝමාධාරීන් එක්ව සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

පරිපූරක වෛද්‍ය විද්‍යාලවල (Paramedical schools attached to the National Hospital) පුහුණු පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් වෙත උසස් ඩිප්ලෝමා උපාධි ප්‍රදානෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී  ඊයේ (20) පැවැත්විණි.

උපාධිධාරීන් 163ක්

මෙහි දී මෙරට පරිපූරක වෛද්‍ය වෘත්තීන්හි උපාධිධාරීන්ගේ වෘත්තීය ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හෘද රෝග විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව (Higher Diploma in Cardiography), විද්‍යුත් ස්නායු රෝග විනිශ්චය තාක්ෂණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව (Higher Diploma in Electronurodiagnostic Technology), වෘත්තීය චිකිත්සාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව (Higher Diploma in Occupational Therapy), විකිරණවේදය පිළිබඳ උසස් ඩිප්ලෝමාව (Higher Diploma in Radiography) යන පාඨමාලා මෙම වසරේ සාර්ථකව නිම කළ උපාධිධාරීන් 163 දෙනෙකුට උසස් ඩිප්ලෝමා උපාධි ප්‍රදානය කෙරුණි.

උපාධිධාරීන් සෘජුව ම සෞඛ්‍ය අමාත්‍යාංශයට

යට සඳහන් කළ වෘත්තීන් සඳහා වසර දෙකක පූර්ණ කාලීන පුහුණු වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු සහ පර්යේෂණ (ET&R) ඒකකයේ පුහුණු අංශය යටතේ පවත්වනු ලැබේ. එම පුහුණු වැඩසටහන් සාර්ථකව නිම කිරීමෙන් පසු, උපාධිධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයට සෘජුව ම අන්තර්ග්‍රහණය කිරීමට නියමිත ය.

මෙම උපාධි ප්‍රදානෝත්සවය උපාධිලාභියාගේ පුද්ගලික ජයග්‍රහණයකට වඩා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් බව මෙහිදී අවධාරණය කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, දක්ෂ, අවංක, වෘත්තීය වෙනුවෙන් කැපවූ සහ දයානුකම්පිත වෘත්තිකයන් ලෙස මෙම උසස් ඩිප්පෝමා උපාධිධාරී වෘත්තිකයින් ඉදිරියේ දී සෞඛ්‍ය සේවාවට සාදරයෙන් පිළිගන්නා බව  ද පැවසීය.

අභියෝග ජයගැනීමට මග පෙන්වන හොඳම සෞඛ්‍ය සේවාවක්

මෙරට සෞඛ්‍ය සේවාව විවිධ වෘත්තිකයන් සහ තාක්ෂණික විශේෂඥයින්ගෙන් යුක්ත වූ දැවැන්ත හා සංකීර්ණ එකතුවක් බවත්,  එහි ශක්තිය පවතින්නේ තනිව වැඩ කරන පුද්ගලයින් තුළ නොව, පොදු දැක්මක් සහ විශ්වාසයක් ඇතිව කණ්ඩායම් හැගීමෙන් යුතුව පොදු ජනතාවගේ සුවතාවය උදෙසා එක්ව වැඩ කරන පිරිස්‍ තුළින් බව පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යන සහ  අනාගතයේ අභියෝග ජයගැනීමට මග පෙන්වන හොඳම සෞඛ්‍ය සේවාවක් සපයන සෞඛ්‍ය සේවාවේ ප්‍රමුඛයින් කණ්ඩායමක් ලෙස මෙම පිරිස කටයුතු කරනු  ඇතැයි තමා විශ්වාස කරන බව ද පැවැසී ය.

සෞඛ්‍ය සේවාවන් පැය 24 පුරා අඛණ්ඩව මහජනතාවට සේවා සැපයිය යුතු සේවාවක්  බවත්, මේ වනවිට  මෙරට  සෞඛ්‍ය සේවාව පිළිබඳ  සමහර කණ්ඩායම්වල ක්‍රියාකළාපයන් හේතුවෙන් ජනතාව තුළ පැහැදීමක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ලෝක මට්ටමේ සෞඛ්‍ය සේවා පද්ධතියක්

පරිපූරක වෛද්‍ය පාසල් තවත් වසර කිහිපයක් පමණක් ක්‍රියාත්මක වන අතර, ඉන් පසුව උපාධිධාරීන් සෞඛ්‍ය පද්ධතියට සෘජුවම බඳවා ගනු ලබන බව ද මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා සියලුම සෞඛ්‍ය වෘත්තිකයන් ගෝලීය ප්‍රමිතීන්ට අනුගත කිරීම රජයේ දැක්ම බවත්, ඉදිරියටත් අඛණ්ඩව ඒ සඳහා කටයුතු කරන බව ද පැවසීය.

2025 වසරේ දී සෞඛ්‍ය සේවාව සඳහා  පෙර වසරට වඩා වැඩි මුදලක්  වෙන් කර ඇති බව ද  දකුණු ආසියාවේ අනෙකුත් රටවල් වලට සාපේක්ෂව මෙරට සෑම පුරවැසියෙකුටම ශක්තිමත්, විශ්වාසදායක සහ ලෝක මට්ටමේ සෞඛ්‍ය සේවා පද්ධතියක් ලබාදීම උදෙසා මහජන සෞඛ්‍ය සේවා සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබා දී රජය කටයුතු කරන බව ද පෙන්වා දුන්නේ ය.  

මෙම උපාධි ප්‍රධානොත්සවය  සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු සහ පර්යේෂණ (ET&R) ඒකකය විසින් හෘද රෝග විද්‍යා පාසල (School of Cardiography), විද්‍යුත්  ස්නායු රෝග විනිශ්ච්‍ය පාසල (School of Electroencephalography), භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක පාසල (School of Physiotherapy and Occupational Therapy) සහ විකිරණ විද්‍යා පාසල (School of Radiography) සමඟ එක්ව අඛණ්ඩව දෙවන වසරටත් සංවිධානය කරනු ලැබීය.  

මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පුහුණු හා පර්යේෂණ) එම්. ඒ. එස්. සී සමරකෝන්, අධ්‍යක්ෂ (පුහුණු) වෛද්‍ය ජී.එස්.පී රණසිංහ, උපදේශකයින්, ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශ නිලධාරීන්, පුහුණු පාසල්වල විදුහල්පතිවරුන් සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු උපාධිධාරී උසස් ඩිප්ලෝමාධාරීන් එක්ව සිටියහ.

(සටහන | දීප්ති විජේතුංග)
cghdfhff

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...