The Leader News
BREAKING
දීපචෙල්වම් ගේ කෘති සියල්ල නිදහස් කළ යුතුයි; ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කරයි●කථානායකට එරෙහි විශ්වාසභංගය: මාලිමාවේ තීරණය මෙන්න●සජබ - එජාප එකමුතුවක් නැති නිසා අශෝක් අබේසිංහ තනතුරු අත්හරියි●මාලිගාවට බෝම්බ ගැසුවේ කවුද? මල්වතු මහනාහිමිගෙන් සජබයට පැහැදිලි කිරීමක්●ඉන්ධන වෙළඳපොළට රජයේ නව මැදිහත්වීමක්: CPC පිරවුම්හල් 75ක් අලුතින්● ඥානසාර හිමියන්ගේ නඩු තීන්දුව ගැන සරත් එන්. සිල්වාගෙන් ප්‍රකාශයක්  ● ඉන්දීය හමුදාවේ පළමු සමුහ ඝාතනයට ගොදුරු වූවන් මලින් පහනින් සැමරේ● මැදපෙරදිග අර්බුදය උග්‍ර වෙයි: රියාද් ගුවන් ගමන් අත්හිටුවයි●සිවුර ගැලවීම නීති විරෝධියි: ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි අනතුරු ඇඟවීමක්●මහින්ද පෞද්ගලික රෝහලකට; ශිරන්ති ජාතික රෝහලට: හේතුව මෙන්න●
Top Ad
පුවත්

මාලිගාවට බෝම්බ ගැසුවේ කවුද? මල්වතු මහනාහිමිගෙන් සජබයට පැහැදිලි කිරීමක්

Awara

Awara

October 13, 2026 • 10:26 AM

මාලිගාවට බෝම්බ ගැසුවේ කවුද? මල්වතු මහනාහිමිගෙන් සජබයට පැහැදිලි කිරීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු පිරිසක් ඊයේ මහනුවර මල්වතු මහා විහාරයට පැමිණියේ වත්මන් දේශපාලන හා ආගමික වාතාවරණය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමටය.
  • මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් ඉදිරියේ අදහස් දැක්වූ විපක්ෂ නියෝජිතයන් සහ උන්වහන්සේ අතර ඇතිවූ සංවාදය මෙරට දේශපාලන වේදිකාවේ බොහෝ දෙනාගේ දැඩි අවධානයට ලක්ව තිබේ.
  • දළදා මාලිගා ප්‍රහාරය: ඉතිහාසය සහ යථාර්ථය සාකච්ඡාව අතරතුර සජබ මහලේකම්වරයා සඳහන් කළේ අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ දළදා මාලිගාවට බෝම්බ ගැසූ බවයි.
  • එම ප්‍රකාශය වහා නිවැරදි කළ මල්වතු මහනාහිමියෝ, ඉතිහාසයේ සත්‍ය සිදුවීම සිහිපත් කළහ: "මේ අය බෝම්බ ගැසුවා කියලා කොහොමද කියන්නේ?
අකුරු ප්‍රමාණය (Font Size):

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු පිරිසක් ඊයේ මහනුවර මල්වතු මහා විහාරයට පැමිණියේ වත්මන් දේශපාලන හා ආගමික වාතාවරණය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමටය.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් ඉදිරියේ අදහස් දැක්වූ විපක්ෂ නියෝජිතයන් සහ උන්වහන්සේ අතර ඇතිවූ සංවාදය මෙරට දේශපාලන වේදිකාවේ බොහෝ දෙනාගේ දැඩි අවධානයට ලක්ව තිබේ.

දළදා මාලිගා ප්‍රහාරය: ඉතිහාසය සහ යථාර්ථය

සාකච්ඡාව අතරතුර සජබ මහලේකම්වරයා සඳහන් කළේ අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ දළදා මාලිගාවට බෝම්බ ගැසූ බවයි.

එම ප්‍රකාශය වහා නිවැරදි කළ මල්වතු මහනාහිමියෝ, ඉතිහාසයේ සත්‍ය සිදුවීම සිහිපත් කළහ:

"මේ අය බෝම්බ ගැසුවා කියලා කොහොමද කියන්නේ? අපි දන්නවනේ ඇත්ත. එල්.ටී.ටී.ඊ. කාරයෝ වගේ බෝම්බ ගැහුවේ නැහැ. තුවක්කු නම් උදුර ගත්තා. උපන් දිනය සමරන්න කේක් කවලා මාලිගාවේ මුරට ඉන්න පොලිස් නිලධාරීන්ගේ තුවක්කු උදුර ගත්තා."

1998 ජනවාරි මාසයේදී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දැවැන්ත විනාශයක් සිදුකළේ එල්.ටී.ටී.ඊ. සංවිධානය බව මෙහිදී උන්වහන්සේ පැහැදිලි කළහ. 1989 භීෂණ සමයේ ජවිපෙ සන්නද්ධ සාමාජිකයන් ආරක්ෂක මුරපොළේ ගිනිඅවි පැහැරගැනීමක් සිදුකළ ද බෝම්බ පිපිරවීමක් නොකළ බව මහනාහිමියන්ගේ අදහස විය.

නිරාගමික රාජ්‍යයක් සහ ආගමික උත්සව

වත්මන් පාලනය යටතේ රට නිරාගමික රාජ්‍යයක් කරා ගෙනයන බවට විපක්ෂ නියෝජිතයන් චෝදනා කළ අවස්ථාවේදී ද මහානායක හිමියන් දැක්වූයේ උපේක්ෂා සහගත ප්‍රතිචාරයකි.

"මේ අය බලයට ආවොත් පෙරහර නතර කරනවා කිව්වා. කෝ නතර වුණේ නැහැනේ. ඔය කරගෙන යන්නේ. වෙනත් ආගමික උත්සවවලටත් එතුමන්ලා සහභාගි වෙනවා," යනුවෙන් උන්වහන්සේ සඳහන් කළහ.

පාලකයන්ගේ ක්‍රියාකලාපය දෙස බලා තීන්දු ගත යුතු මිස, පදනමක් නැති බියවීම් සමාජගත කිරීම ඵලදායී නොවන බව උන්වහන්සේගේ වදන්වල යටිපෙළ විය.

සමාජ මාධ්‍ය අපහාස සහ ආණ්ඩු ආකල්ප

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මහා සංඝරත්නයට සිදුකෙරෙන අපහාස පිටුපස ආණ්ඩුවේ මඩ බලකායක් ක්‍රියාත්මක වන බවට විපක්ෂය කළ චෝදනාවට ද මල්වතු නාහිමියෝ සෘජු නිරීක්ෂණයක් ඉදිරිපත් කළහ:

"මේවා කරන්නේ ආණ්ඩුවමයි කියලා අපිට කියන්න බැහැ. සමාජයේ නොයෙකුත් අය ඉන්නවා. පක්ෂවලට සම්බන්ධ නැති අයත් ඉන්නවා. ජනාධිපතිතුමාටත් සිවුරක් අන්දලා තියෙනවා මම දැක්කා."

සමාජ මාධ්‍ය අවකාශයේ පාලනයකින් තොරව සිදුවන මඩ ප්‍රහාර කිසියම් එක් දේශපාලන කණ්ඩායමකට පමණක් සීමා නොවන බවත්, එය සමස්ත සමාජයේම පිරිහීමක් බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

ඥානසාර හිමියන්ගේ චීවරය සහ නීතියේ ආධිපත්‍යය

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බන්ධනාගාරගතව සිටියදී සාමාන්‍ය වස්ත්‍ර ඇඳීමට සිදුවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

නව නීති සම්පාදනය වනතුරු විධායක බලතල යොදා ඥානසාර හිමියන්ට සිවුර පිටින්ම අධිකරණයට පැමිණීමට ඉඩ ලබාදිය යුතුව තිබූ බව ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය. ඊට පිළිතුරු දෙමින් මහනාහිමියන් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා ඊට අදාළ නීතිමය සංශෝධන සති දෙකකින් ගෙන ඒමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර ඇති නමුත්, විධායක නියෝග මඟින් එවැනි දේ කිරීමට ජනාධිපතිවරයා මැලි වන බව පෙනෙන බවයි.

අධිකරණ නියෝග සහ බන්ධනාගාර ආඥාපනත ක්‍රියාත්මක වන පරිසරයක, විධායකය මැදිහත් වීම නීතියේ ස්වාධීනත්වයට එල්ල වන අභියෝගයක් බව නීති විශාරදයන්ගේ ද පොදු මතයයි.

දළදා කරඬුව ගැන අසත්‍ය ප්‍රචාර

හිටපු දියවඩන නිලමේවරයෙකු විසින් දළදා වහන්සේ වැඩසිටින රන් කරඬුව සම්බන්ධයෙන් මතුකර ඇති මතභේදය ද මහනාහිමියන් තරයේ බැහැර කළහ.


පුරාණ කරඬුව කිසිදු හානියක් නොවී මාලිගාවේ සුරක්ෂිතව තැන්පත් කර ඇති බවත්, අලුතින් රනින් නිමවූ කරඬුවක් පූජා කර ඇත්තේ ඊට ගෞරවයක් ලෙස බවත් උන්වහන්සේ පැහැදිලි කළහ. කියන්න දෙයක් නැතිවූ විට ජනතාව කුලප්පු කිරීමට මෙවැනි ව්‍යාජ චෝදනා මතු කරන බව පෙන්වා දුන් උන්වහන්සේ, යහපත් දෙයක් සිදුවූ විට එය අගය කිරීමේ වැදගත්කම ද සිහිපත් කළහ.
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#SJB#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...