The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

‘රාජ්‍ය ආක්‍රමණයෙන්’ උතුරු නැගෙනහිර මුදාගැනීමේ ව්‍යාපාරයක් දියත් වේ

T

The Leader Desk

April 17, 2023 • 5:24 PM

‘රාජ්‍ය ආක්‍රමණයෙන්’ උතුරු නැගෙනහිර මුදාගැනීමේ ව්‍යාපාරයක් දියත් වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සියලුම ආක්‍රමණකාරී කටයුතු වහාම නතර කරන ලෙස රජයට බලකෙරෙන විරෝධතාවකට මුල පුරමින් යාපනයේ එක්දින උපවාසයක් පවත්වා තිබේ.
  • යාපනයේ නල්ලෙයි ආදීනම් ආශ්‍රමයේ සංස්කෘතික ශාලාව ඉදිරිපිට අප්‍රේල් 16 වැනි ඉරිදා උදෑසන නමයේ සිට පස්වරු හතර දක්වා එක්සත් දෙමළ සංවිධානයේ අනුග්‍රහයෙන් දියත් වු උපවාසයට හින්දු සහ කතෝලික පූජකවරුට අමතරව දේශපාලනඥයන්දඑක්ව සිටි බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
  • {gallery}Lingeshwar Kovil - Vavunia{/gallery} වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි ප්‍රදේශයේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදී ලිංගේස්වර කෝවිලට කිසියම් පිරිසක් හානිකර ඇත.
  • # මුලතිව්හි කුරුන්තුර්මලේ කන්ද සහ ත්‍රිකුණාමලයේ කන්නියා උණු දිය උල්පත හැකි ඉක්මනින් යළිත් වරක් හින්දුන්ගේ වන්දනා අයිතියට පත්කර බෞද්ධ ඉදිකිරීම් නවතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නව ගැසට් පත්‍ර අවලංගු කරන ලෙස බලකිරීම උපවාසයේ දෙවැනි ඉල්ලීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සියලුම ආක්‍රමණකාරී කටයුතු වහාම නතර කරන ලෙස රජයට බලකෙරෙන විරෝධතාවකට මුල පුරමින් යාපනයේ එක්දින උපවාසයක් පවත්වා තිබේ.

යාපනයේ නල්ලෙයි ආදීනම් ආශ්‍රමයේ සංස්කෘතික ශාලාව ඉදිරිපිට අප්‍රේල් 16 වැනි ඉරිදා උදෑසන නමයේ සිට පස්වරු හතර දක්වා එක්සත් දෙමළ සංවිධානයේ අනුග්‍රහයෙන් දියත් වු උපවාසයට හින්දු සහ කතෝලික පූජකවරුට අමතරව දේශපාලනඥයන්දඑක්ව සිටි බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

# "දෙමළ උරුමය සුරකිමු" යන්න තේමා කරගනිමින් ඉල්ලීම් පහක් මුලික කරගෙන දියත් කළ උපවාසයයේදී ඔවුන් ප්‍රධාන වශයෙන් ඉල්ලා තිබුනේ මේ වන විට විනාශයට පත් කර තිබෙන වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදි ලිංගේස්වර කෝවිලේ ශිව ලිංගය සහ දේව පිළිම වහා ප්‍රතිසංස්කරණය කොට සාධාරණ නඩු විභාගයක් පවත්වා වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවයි.

{gallery}Lingeshwar Kovil - Vavunia{/gallery}
වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි ප්‍රදේශයේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදී ලිංගේස්වර කෝවිලට කිසියම් පිරිසක් හානිකර ඇත.



පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින වව්නියාව වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදී ලිංගේස්වර කෝවිලට හානි සිදු කළ පිරිස කඳු මුදුනේ තැන්පත් කර තිබූ ආදිලිංගේශ්වරර් ප්‍රතිමාව ගලවා ලඳු කැලෑවට දමා එම ස්ථානයේ තිබු ගණදෙවි, අම්මන්  සහ බහිරව යන ප්‍රතිමා ත්‍රිත්වයත් අතුරුදහන් කර ඇති බව කෝවිලේ පාලනාධිකාරිය පසුගිය මාර්තු මාසයේදී අනාවරණය කර තිබුනි.

# මුලතිව්හි කුරුන්තුර්මලේ කන්ද සහ ත්‍රිකුණාමලයේ කන්නියා උණු දිය උල්පත හැකි ඉක්මනින් යළිත් වරක් හින්දුන්ගේ වන්දනා අයිතියට පත්කර බෞද්ධ  ඉදිකිරීම් නවතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නව ගැසට් පත්‍ර අවලංගු කරන ලෙස බලකිරීම උපවාසයේ දෙවැනි ඉල්ලීමයි.

උතුරේ ජනයා විසින් හින්දු පුද බිමක් ලෙස සලකන කුරුන්තූර්මලේ කන්දේ ශිව දේවාලය පිහිටා තිබු  පුජා භුමියේ අලුත් ඉදි කිරීම් තහනම් කරමින් අට මාසයකට ඉහත දී ඇති අධිකරණ නියෝගයක් නොතකා යුද හමුදාවේ පුර්ණ අනුග්‍රහයෙන් මේ වන විට චෛත්‍යයක් ඉදිකරතිබෙන අතර කින්නියා උණු දිය උල්පත පිහිටි භුමිය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගෙන එය බෞද්ධ උරුමයන් හා සම්බන්ධ කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

# නල්ලෙයි ආදීනම් සංස්කෘතික ශාලාව ඉදිරිපිට දියත් කළ උපවාසයේ තෙවැනි ඉල්ලීම වී තිබුනේ දෙමළ මාතෘභූමියේ පුරාවස්තු හා උරුමයන් වෙනස් කරමින් වාර්ගික හා ආගමික සංහිඳියාවට බාධා පමුණුවන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සියලුම ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නතර කරන ලෙසයි.

# මඩකලපුව, මයිලත්තමඩු තෘණ භුමි වලට සිංහල ජනතාව විසින් සිදු කරන ආක්‍රමණ නවතා දෙමළ ගොවීන්ට සිය පාරම්පරික තෘණ භූමිය ජීවිකාව සඳහා යොදාගැනීමේ අයිතිය තහවුරු කරන ලෙස බල කිරීම ඔවුන්ගේ උපවාසයේ සිව්වැනි ඉල්ලීමයි.



දෙමළ කිරි ගොවීන් වසර ගණනාවක සිට සිය ගවයන්ට තණකොළ කැවීම සඳහා භාවිත කළ මඩකලපුව, මයිලත්තමඩු, මාදවනෙයි ප්‍රදේශයේ පිහිටි තෘණ භුමිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැගෙනහිර ආණ්ඩුකාරධුරය සඳහා පත් කරන ලද වියත් මග ක්‍රියාකාරිණි අනුරාධා යහම්පත් විසින් මෑතකාලීනව පදිංචි කළ සිංහල පවුල්වලට බඩ ඉරිඟු ඇතුළු බෝග වගා කිරීම සඳහා පවරා දීමත් සමග පාරම්පරිකව ගවයන් පාලනය කරන්නන් සහ ගොවීන් අතර ගැටුම් වලට තුඩුදී තිබෙන බව පළාත් බද වාර්තාකරුවන් පසුගිය සමයේ දිගින් දිගටම වාර්තා කර තිබුනි.



නල්ලෙයි ආදීනම් සංස්කෘතික ශාලාව ඉදිරිපිට උපවාසය දියත් කළ පිරිස වැඩි දුරටත් රජයට බල කර තිබුනේ යුද්ධයෙන් පසු වාර්ගික හා ආගමික උරුමයන් වෙනස් කරන සැලසුම් සහගත මහා පරිමාන සංක්‍රමණ ඇතුළු සියලුම ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතු බවයි.

ආරක්ෂක අමාත්‍යංශය, මහවැලි අධිකාරිය, සංචාරක මණ්ඩලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ හා  වනජීවි දෙපාර්තමේන්තුව උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ වටිනාකමකින් යුත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගන්නා බවට දිගින් දිගටම චෝදනාවට ලක්ව සිටී.

නල්ලෙයි ආදීනම්  ආශ්‍රමයේ සභාපති සෝමසුන්දර පරමාචාර්ය ස්වාමි, තෙන්කයිලෙයි ආදීනම්  ආශ්‍රමයේ සභාපති සිවතිරු අගතියර් අදිකාලර්, යාපනය නල්ලුර් ශිව ගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමි, යාපනය මීසම භාර පී ජෝසප්දාස් ජෙබරත්නම් පියතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.වී විග්නේෂ්වරන්, ශිවඥානම් ශ්‍රීධරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් එක්ව සිටි උපවාසය සදහා සමස්ත ශ්‍රී ලංකා ශෛව මහා සභාව, ද්‍රවිඩ ශෛව සභාව මෙන්ම ක්‍රිස්තියානි සහ කතෝලික ආගමික නායකයන්ද එක්ව තිබේ.

උපවාසයට සමගාමීව දෙමළ නිජබිම  දිනාගැනීම වෙනුවෙන් උතුරු නැගෙනහිර දෙපළාතේ අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක්ද ආරම්භ කළ බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
 

 

සබැඳි පුවත් :

පුරා විද්‍යාව භාරයේ තිබෙන හින්දු කෝවිලකට බරපතල හානි

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

‘රාජ්‍ය ආක්‍රමණයෙන්’ උතුරු නැගෙනහිර මුදාගැනීමේ ව්‍යාපාරයක් දියත් වේ | The Leader