ඒ අනුව මාලදිවයිනේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම, එරට මාධ්‍යවේදින්ගේ වෘත්තීය අයිතිය හා නිදහස තහවුරු කිරීමත් ඊට මර්දනය කැඳවන යෝජිත පනතට කළාපීය රටක පුරවැසියන් ලෙස සංකේතාත්මකව විරෝධතාව දැක්වීමත් වෙනුවෙන් කෙරෙන විරෝධතාවක් ලෙස එය සංවිධානය වෙමින් තිබේ.
කිසිදු සංවිධානයක් විසින් සංවිධානය නොකරන ලද ස්වේච්ඡා විරෝධතාවක් ලෙස සැලකෙන මෙය, 17 (අද) පස්වරු 3.00ට ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය.
මාලදිවයින් ආණ්ඩුව ගෙන ඒමට යෝජිත මෙම පනත කලාපයේ මාධ්‍ය නිදහසට එල්ල වන බරපතළ තර්ජනයක් ලෙස මේ සඳහා එක්වෙමින් සිටින ස්වේච්ඡා පුරවැසියන්ගේ මතය වී තිබේ.









