ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
එහිදී කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම් ද ආරම්භ කෙරෙනු ඇති බව සඳහන් වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.6ක මුදලක් රජය විසින් වෙන්කර තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස අවසන් කොට ඇති අතර පසුගිය කාලයේ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමග කඩවත-මීරිගම මාර්ගය සඳහා වෙන්කර තිබූ ණය පහසුකම් අත්හිටුවීම නිසා මෙම කොටසේ ඉදිකිරීම් 2022 වසරේ මැද භාගයේදී අත්හිටුවනු ලැබිය.
ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා චීනයේ අපනයන-ආනයන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය මුදලක් අනුමත වී ඇති බව සඳහන් වේ.
මෙම ව්‍යාපෘතිය 2028 වසරේ මැද භාගය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ ය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත අන්තර් හුවමාරුවේ සිට මීරිගම දක්වා වන කිලෝමීටර් 37 වූ කොටසෙහි ස්ථාන කිහිපයකදී කිලෝමීටර් 15ක දුරක් කුලුනු මතින් ඉදිකෙරෙන අතර ගම්පහ, වේයන්ගොඩ සහ මීරිගම නගර ආශ්‍රිතව අන්තර් හුවමාරු ස්ථාන තුනකින් සමන්විතය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම ඉදිකිරීම් අද (17) යළි ඇරඹේ
T
The Leader Desk
September 17, 2025 • 4:37 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
- එහිදී කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම් ද ආරම්භ කෙරෙනු ඇති බව සඳහන් වේ.
- මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.6ක මුදලක් රජය විසින් වෙන්කර තිබේ.
- මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස අවසන් කොට ඇති අතර පසුගිය කාලයේ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමග කඩවත-මීරිගම මාර්ගය සඳහා වෙන්කර තිබූ ණය පහසුකම් අත්හිටුවීම නිසා මෙම කොටසේ ඉදිකිරීම් 2022 වසරේ මැද භාගයේදී අත්හිටුවනු ලැබිය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



