The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

1750ක දෛනික වැටුප් ඉල්ලීම දිනා දීමට මෙම වසර තුළ කටයුතු කරනවා - ජනපති වතු ජනතාවට පොරොන්දු වෙයි

T

The Leader Desk

October 12, 2025 • 4:28 PM

1750ක දෛනික වැටුප් ඉල්ලීම දිනා දීමට මෙම වසර තුළ කටයුතු කරනවා - ජනපති වතු ජනතාවට පොරොන්දු වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
  • ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (12) බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණයේ මලෛයගම් ජනතාවට නිවාස හිමිකම්පත් ලබා දීමේ අවස්ථාවට වෙමිනි.
  • වසර 202කට ආසන්න කාලයක් මහ පොළොව සමග පොරබදමින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය සපයන මලෛයගම් ජන ප්‍රජාවගේ ආර්ථික මෙන්ම සමාජයීය අයිතිවාසිකම්ද තහවුරු කිරීමේ වගකීම ඉටු කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
  • ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව කෙරෙහි දක්වන ළෙන්ගතුබවේ සංකේතයක් ''ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන දිගුකාලීන ඓතිහාසික සබඳතාවේත්, ඉන්දියාවත්, ඉන්දියානු ජනතාවත්, ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව කෙරෙහි දක්වන ළෙන්ගතුබවේත් සංකේතයක් ලෙස මෙම නිවාස ව්‍යාපෘතිය හැඳින්විය හැකියි.
අකුරු ප්‍රමාණය (Font Size):

කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (12) බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණයේ මලෛයගම් ජනතාවට නිවාස හිමිකම්පත් ලබා දීමේ අවස්ථාවට වෙමිනි.

වසර 202කට ආසන්න කාලයක් මහ පොළොව සමග පොරබදමින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය සපයන මලෛයගම් ජන ප්‍රජාවගේ ආර්ථික මෙන්ම සමාජයීය අයිතිවාසිකම්ද තහවුරු කිරීමේ වගකීම ඉටු  කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙම නිවාස ව්‍යාපෘතියට අදාළව සම්පාදනය කෙරුණු ග්‍රන්ථ කට්ටලයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

එම උත්සවයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා...

vgjr677
ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව කෙරෙහි දක්වන ළෙන්ගතුබවේ සංකේතයක්

''ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන දිගුකාලීන ඓතිහාසික සබඳතාවේත්, ඉන්දියාවත්, ඉන්දියානු ජනතාවත්, ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව කෙරෙහි දක්වන ළෙන්ගතුබවේත් සංකේතයක් ලෙස මෙම නිවාස ව්‍යාපෘතිය හැඳින්විය හැකියි. අපි දන්නවා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සබඳතාවක් තිබෙනවා. විශේෂයෙන් පසුගිය ආර්ථික බිඳ වැටීම හමුවේ ඉන්දියාව අපිට විශාල ලෙස සහාය ලබා දුන්නා. ඒ වගේම ආර්ථික අර්බුදයෙන් නිදහස් වීමේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටනේ දී ද ඉන්දියාව අපිට ශක්තිමත් සහායක් ලබා දුන්නා.

 ඒ වගේම අපේ රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම සහ ආර්ථිකය ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් විශාල මූල්‍ය සහායක් අපිට ලබා දෙනවා. ආගමික ස්ථාන සඳහා සූර්ය බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් කිරි ආශ්‍රිත කර්මාන්ත සඳහා සහාය ලබා දීම ආදිය වගේම මලෛයගම් ජනතාව සඳහා නිවාස ඉදිකර ගැනීම සඳහාත් අපිට සහාය ලබා දෙනවා.

වසර 202 පුරා මිය යමින් ජීවත් වෙන මිනිස්සු
ණය ආධාරයක් ලෙස ලැබී තිබූ අනුරාධපුර දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආධාරයක් බවට පත් කිරීමට ඉන්දියානු අග්‍රාමාත්‍යතුමා මගේ ඉන්දියානු සංචාරයේ දී එකඟතාව පළ කළා. ඒ නිසා අපේ රටේ ජනතාවගේ  ආර්ථිකයත්, සමාජ ජීවිතයත් උසස් කර ගැනීම සඳහා ඉන්දියානු රජය දක්වන සහාය වෙනුවෙන් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාටත්, ඉන්දියානු ජනතාවටත්, එම කාර්යය ශ්‍රී ලංකාව තුළ මෙහෙය වන ඉන්දියානු මහකොමසාරිස්තුමාටත් අපි ස්තූතිවන්ත වෙනවා.


අපේ රට තුළ මලෛයගම් ජන ප්‍රජාව සුවිශේෂ ජන කොටසක්. අපේ ආර්ථිකයේ ප්‍රබල වැඩකොටසක් මෙම ජනතාව විසින් ඉටු කරනවා. වසර 202කට ආසන්න කාලයක් මේ මහපොළොව සමඟ පොරබදමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඔවුන් සුවිශේෂ මෙහෙයක් ඉටු කරනවා. මීට වසර 202කට පෙර මෙම ජනතාව ශ්‍රී ලංකාවට එන ගමනේදීත් විශාල පිරිසක් තැනින් තැන විවිධ උපද්‍රව හේතු කර ගෙන මිය ගියා.  සත්‍ය තත්ත්වය නම්, මේ වසර 202 පුරා ඔවුන් මිය යමින් ජීවත් වෙනවා. ඒ නිසා එම ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කර දෙමින් සැපවත් ජිවිතයක් ලබා දීමට ආණ්ඩුවක් ලෙස අපිට විශාල වගකීමක් පැවරී තිබෙනවා. එහිදි අපි ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. මේ රටේ කිසිදු බිම් අඟලක් හිමි නැති  ජන ප්‍රජාවක් අපි අතර ජීවත් වෙනවා. එම ජනතාවට ඉඩමක සහ නිවසක හිමිකම ලබා දීම රජයක වගකීමක්. අපි එම කාර්යය ඉටු කිරීම සඳහා වූ වැඩපිළිවෙළක නිරතව සිටිනවා.


ඉදිරි වසර කිහිපය ඇතුළත පිරිසිදු පානීය ජලය ලබා දෙනවා

ඒ වගේම, තමන්ගේ ජිවිතය පවත්වාගෙන යෑම වෙනුවෙන් සාධාරණ වැටුපක් ලබා දිය යුතුයි. දිගුකාලයක් පුරා රුපියල් 1750ක වැටුපක් මෙම ජනතාව ඉල්ලමින් සිටිනවා. අප කුමන ආකාරයකින් හෝ මෙම වසර ඇතුළත එම හිමිකම ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම අපේ රටේ මන්දපෝෂණය, සෞඛ්‍ය අනාරක්ෂිතභාවය වැඩිම මලෛයගම් ජන ප්‍රජාව තුළයි. ඒ නිසා සෞඛ්‍ය ගැටලු කෙරෙහි අපි විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

වතු ආශ්‍රිත රෝහල් රජයට පවරා ගැනීම, අවශ්‍ය වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩල යොමු කිරීම මෙන්ම ඖෂධ ලබා දීම කෙරෙහි අපි අවධානය යොමු කර තිබෙනවා. ඒ නිසා ඔබේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමේ රජයේ වගකීම ඉටු කරන බවට අපි ඔබට සහතික වෙනවා. ඒ වගේම පුරවැසියන්ට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ අයිතිය අපි තහවුරු කළ යුතුයි. වර්තමාන රජය ඉදිරි වසර කිහිපයෙහි ප්‍රමුඛතාව ලබා දෙන්නේ පුරවැසියන් වෙත පිරිසිදු පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘති සඳහායි. ඒ වෙනුවෙන් එළැඹෙන අයවැයෙන් වැඩි මුදලක් වෙන් කිරීමට අපි අපේක්ෂා කරනවා.
 

මේ ජනතාවට හිමි ආර්ථික ජිවිතයත්, සමාජ ජීවිතය ලබා දෙනවා

මේ ජන ප්‍රජාව මුහුණ දී තිබෙන චක්‍රීය දුගීභාවය පිළිබඳ ප්‍රශ්නයෙන් ගොඩ ඒමේ දී අධ්‍යාපනය එක් ප්‍රධාන මෙවලමක් වෙනවා. අධ්‍යාපනය සහ දුප්පත්භාවය අතර විශාල සබඳතාවක් තිබෙනවා. ඒ නිසා ජනතාව දුගීභාවයෙන් මුදා ගැනිමේ දී අධ්‍යාපනය වැදගත් සාධකයක් වෙනවා. ඒ නිසා වතු ආශ්‍රිත පාසල්වල ඇති වී තිබෙන බිඳ වැටීම් අපි අධ්‍යයනය කර තිබෙනවා. සෑම දරුවෙකුටම තමන්ගේ භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීමේ අයිතිය අපි තහවුරු කළ යුතුයි.


ඒ වගේම මානසික නිදහස ඉතා වැදගත් වෙනවා. ජීවත්වීමට නිවසක්, ආදායම් මාර්ගයක්, හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්, දරුවන්ට අධ්‍යාපනය, මානසික සුවය ඕනෑම පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම් වෙනවා. ඒ වෙනුවෙන් අපි වැඩ කරමින් සිටිනවා. අපේ රටේ මලෛයගම් ප්‍රජාවට සංස්කෘතිකමය සහ සමාජයීය වශයෙන් ඔවුන්ට හිමි ගරුත්වය සහ පිළිගැනීම අඩු මට්ටමක පවතිනවා. ඒ නිසා සෑම ජනතාවකගේම සංස්කෘතික අයිතිවාසිකම්වලට හිමි විය යුතු ගෞරවය, අනන්‍යතාව සහ වටිනාකම ලබා දෙන සමාජයක් නිර්මාණය කිරීමට අපේ රජය දැඩි අවධානයකින් කටයුතු කරනවා.

සෑම සංස්කෘතියකටම හිමි අනන්‍යතාවට ගරු කරන සහ එම අනන්‍යතාව සතුරුභාවයේ සංකේතයක් නොවන නව සමාජයක් අපි නිර්මාණය කළ යුතුයි. ඒ නිසා මෙම ප්‍රජාවට ලබා දිය යුතු ආර්ථික ජිවිතය ලබා දීමත්, ඔවුන්ට හිමි සමාජ ජීවිතය ලබා දීමත් යන අරමුණු දෙක වෙනුවෙන්ම අපි කටයුතු කරමින් සිටිනවා.
 

විශ්වාසය බිඳකින්වත් බිඳ වැටීමට ඉඩ නොතබමි

මලෛයගම් ප්‍රජාව දශක ගණනාවක් පුරා තෝරා ගත් දේශපාලන ව්‍යාපාර තිබුණා. පරම්පරා ගණනාවක් පුරා දේශපාලන කඳවුරු කිහිපයක් සමග කටයුතු කළා. එහෙත් පළමු වතාවට පසුගිය මහ මැතිවරණයේ දී එම පැරණි දේශපාලන කඳවුරු ප්‍රතික්ෂේප කර නව ගමනක් කෙරෙහි විශ්වාසය තබමින් නව අපේක්ෂා සහිතව අපේ රජය බලයට පත් කර ගැනීමට විශාල වෙහෙසක් දරමින් කටයුතු කළා.

පළමු වතාවට මලෛයගම් ප්‍රජාව නියෝජනය කරමින් සහෝදර, සහෝදරියන් ගණනාවක් ජාතික දේශපාලන ව්‍යාපාරයට පත් කර එව්වා; පළමු වතාවට ඔබගේ ඥාතියා, අසල්වැසියා පාර්ලිමේන්තුවට එව්වා. එය ලංකා දේශපාලනයේ විශාල පරිවර්තනයක්. ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය බිඳකින්වත් බිඳ වැටීමට ඉඩ නොදී එම විශ්වාසය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අපි ඉටු කරනවා.


ඒ වගේම මේ ප්‍රදේශවල මත්ද්‍රව්‍ය උවදුර අවසන් කරමින් අපේ දරුවන් මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීමට අපි එක්ව කටයුතු කරමු. අපි එම ව්‍යසනය අවසන් කළ යුතුයි. අපි ඒ සඳහා තැබූ පියවර කිසිසේත් පසුපසට තබන්නේ නැහැ.


අල්ලසට සහ දූෂණයට එරෙහිව යන දේශපාලනය අනතුරුදායක යි

අල්ලස සහ දූෂණය අවසන් කිරීමට අපි ඉතා ශක්තිමත් පියවර රැසක් ගෙන තිබෙනවා. මෙම ක්‍රියාමාර්ගවලට එරෙහිව යන දේශපාලනය අනතුරුදායක යි. මේ කෙරෙහි අවබෝධයෙන් අපි කටයුතු කරමු. ඒ වගේම ආර්ථිකයේ ඉදිරි පිම්මක් ගැනීම වෙනුවෙන් අපි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම ආර්ථික ජයග්‍රහණ සාමාන්‍ය ජනතාව අතරට ද ගලා යා යුතුයි. ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙළ ද අපි ක්‍රියාත්මක කරනවා.

අපි  ඔබට එකඟ වූ බොහෝ කරුණු තිබෙනවා. එම එකඟතා ඉටු කිරීමේ බර අපේ දෙවුර මත පවරාගෙන අපි වැඩ කරනවා. අපිට විශාල විශ්වාසයක් තිබෙනවා අපේ රට තිබුණු තත්ත්වයෙන් ඉතා සාර්ථක ලෙස ඉදිරියට ගෙන ආ හැකියි කියලා. ඒ වගේම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කළ හැකියි කියලා.  ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එක්ව වැඩ කරමු කියා මම ඔබට ආරාධනා කරනවා.''

gyu67567| වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න
නිවාස හිමි අයට තමන්ටම කියා පර්චස් 10ක ඉඩමක්

මලෛයගම් ජනතාව මේ රටේ ආර්ථිකයට විශාල ශක්තියක් ලබා දුන්නා. ඔවුන් අපේ රටට ඩොලර් උපයා දුන්නා. අපේ රටේ තේ කර්මාන්තය ගතහොත්, මෙයට රබර්ද එක් විය යුතුයි. සාමාන්‍යයෙන් වසරකට, මේ වන විටත් තේ සහ රබර්වලින් ඩොලර් බිලියන දෙකක් පමණ ජාතික ආර්ථිකයට එක් කෙරෙනවා. ඒ අන්දමින් උපයාගත් ඩොලර්වලින් මේ රටේ යම් යම් ප්‍රශ්න විසඳුවත් මේ ක්ෂේත්‍රයේ නිරත පිරිසගේ ප්‍රශ්න විසඳී නැහැ. ඒ අනුව මේ වන විට ඉතිහාසයේ වැඩිම නිවාස ප්‍රමාණයක් එක් වසරක් තුළ ආරම්භ කරන්නේ මේ 2025 වසරේ දී යි.

නිවාස 2056ක් මේ ප්‍රතිලාභීන්ට ලබා දීමේ වැඩසටහන අපි අද ආරම්භ කරනවා. ඒ වගේම මේ නිවාස හිමි අයට පර්චස් 10ක තමන්ටම කියලා ඉඩමක හිමිකම අපි ලබා දෙනවා. මට මතකයි, 2014 වසරේදී හල්දුම්මුල්ල ප්‍රදේශයේ ලයිමක් නාය ගොස් ජීවිත 36ක් අහිමි වුණා. ඒ වගේම 2023 වසරේ පුනාගල, කබරගල පවුල් 50ක් අනාථ වෙලා තවමත් වහලා දාපු තේ කර්මාන්ත ශාලාවක අනාථ කඳවුරක ජීවත් වෙනවා. ඒ පවුල් 50 වෙනුවෙන් ජනතා බදු මුදලෙන් ඉදිකරන ගෙවල් 50ක ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතිනවා.
 

cghr5745| ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා
සංස්කෘතිකමය වශයෙන් නිවුන් සහෝදරයින්

මෙම විශේෂ අවස්ථාවට සහභාගි වීමට ලැබීම පිළිබඳ සතුටු වෙනවා. මෙම අවස්ථාව ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවල දීර්ඝකාලීන මිත්‍රත්වය සංකේතවත් කරන වැදගත් අවස්ථාවක්. ඒ වගේම මෙය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර බිඳ දැමිය නොහැකි බැඳීම්වල සංකේතයක්. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සංස්කෘතිකමය වශයෙන් නිවුන් සහෝදරයන් වෙනවා. අපි අපේ අතීතයට වඩා දීප්තිමන් අනාගතයක් වෙනුවෙන් එක්ව පිය නගනවා.

සහෝදර ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන තතත්වය උසස් කිරීම වෙනුවෙන් අපි සෑමවිටම සහාය ලබා දෙනවා. එහි දී නිවාස, අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය, සෞඛ්‍ය සේවා සහ ප්‍රජා සංවර්ධනය වැනි ක්ෂේත්‍රවල මනා සහයෝගයකින් කටයුතු කරනවා. එහිදී කදුකරයේ ජනතාව වෙනුවෙන් ඉදිකළ මෙම නිවාස ව්‍යාපෘතිය ඉතා වැදගත් අවස්ථාවක්.
 
දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් නිවාස 65,000ක්

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් නිවාස 65,000කට වැඩි ප්‍රමාණයක් ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා අපි දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම වතුකරයේ රෝහලක් ඉදිකිරීමට, මාතලේ මහත්මා ගාන්ධි ජාත්‍යන්තර මධ්‍යස්ථානය ඉදිකිරීමට දායකත්වය ලබා දුන්නා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා. මේවා වතුකරයේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතිවල සුළු කොටසක් පමණයි.


පසුගිය වසරේ, අපි STEM ගුරු පුහුණු වැඩසටහනක් සාර්ථකව අවසන් කළා. අපි මෙම වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. එමෙන්ම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සීතාරාමන් මාළිගාවේ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කරන පරිදි ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහාය වීම පවුලේ සාමාජිකයෙකුට දැනෙන වගකීමක් ලෙස අපිට දැනෙනවා. අපි ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් කැප වී කටයුතු කරනවා.
 
නෑදෑයකුගේ නොවෙනස් වන ආදරය

මහා කවියෙකු වන තිරුවල්ලුවර් (Tiruvalluvar) විසින් රචිත Virupparaach chutram iyaiyin arupparaa aakkam palavum tharum යන කූරල් (Kural) හි අර්ථය අනුව "නෑදෑයෙකුගේ නොවෙනස් වන ආදරය” අසීමිත වර්ධනයක මූලාශ්‍රයක් වන බවද සිහිපත් කරමින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපැවැත්ම, ප්‍රගතිය සහ සමෘද්ධිය සඳහා ඉන්දියාවේ කැපවීම නැවත තහවුරු කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.


වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති යන අය ද මෙහි දී අදහස් දැක්වූහ.
 
ධීවර, ජලජ සහ සාගර සම්පත් ආමත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න යන අයඇතුළු මහජන නියෝජිතයෝ ද, රාජ්‍ය නිලධාරිහූ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
(සටහන - ජයසිරි අලවත්ත)

  fjtury5

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...