අධිකරණයේ ස්වාධීනත්වයට සිදු කරන අනිසි බලපෑම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ මහජන කථිකාවතක් සමගි ජනබලවේගයට අනුබද්ධිත සමගි නීතිඥ සම්මේලනය විසින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ජූලි 19 වන ඉරිදා, සවස 3.30 ට කොළඹ 07 පදනම් ආයතනයේදී පැවැත්වෙන මෙම කථිකාවතට සහභාගීවන ලෙස පුරවැසි ඔබට සමගි නීතිඥ සම්මේලනය ඇරයුම් කර සිටී.
මෙම කථිකාවත ඔවුන් නම් කර තිබෙන්නේ, “ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා පෙළගැසෙමු” ලෙසිනි.





