2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අනාවරණයක් ඇතුළත් විශේෂ වාර්තා වැඩ සටහනක් අද (05) රාත්‍රී විකාශය කිරීමට බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව සූදානම් වේ.


බ්‍රිතාන්‍යයේ 'ද ටයිම්ස්' පුවත්පත ඊයේ වාර්තා කළේ, චැනල් ෆෝ නාලිකාව විශේෂ තොරතුරු හෙළි කරන්නන් උපුටා දක්වමින් පාස්කු ඉරිදා ප්‍රහාරයට රාජපක්ෂ පවුලේ සම්බන්ධයක් ඇතැයි, අනාවරණය කිරීමට සූදානම් වන බවයි.

වත්මන් රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ගේ මාධ්‍ය ප්‍රකාශක හා මූල්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ මේ වනවිට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ අපේක්ෂා කරන හන්සීර් අසාද් මව්ලානා නැමැති පුද්ගලයාගේ ප්‍රකාශ පදනම්කර ගනිමින් චැනල් ෆෝ වාර්තාව මෙම අනාවරණය සිදුකර ඇතැයි ද, ටයිම්ස් පුවත්පතේ සඳහන් වේ.

එහි සඳහන් වන්නේ රාජපක්ෂවරුන්ට සමීප, පිල්ලෙයාන් දේශපාලන විරුද්ධවාදියෙකු ඝාතනය කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරයේ සිටියදී පාස්කු ප්‍රහාරය එල්ල කළ කණ්ඩායම මුනගැසී ඇති බව හන්සීර් අසාද් මවුලානා නැමැත්තා හෙළිකර ඇති බවයි.

මරණය පමණක් බලාපොරොත්තුවෙන් සිටින මෙම අන්තවාදීන්ගෙන් ප්‍රයෝජනයක් ගත හැකි බවට පිල්ලෙයාන් එම අවස්ථාවේ හඳුනාගෙන ඇතැයි, මව්ලානා හෙළිකර තිබේ.

ඔහු චැනල් ෆෝ වෙත අනාවරණය කර ඇත්තේ, පිල්ලෙයාන් සහ හමුදා බුද්ධි අංශ ප්‍රධානියෙකුවූ සුරේෂ් සලේ විසින් එම බෝම්බකරුවන් නිදහස්කර ගැනීමට කටයුතු කර ඇති අතර පසුව බෝම්බකරුවන් හා සලේ අතර හමුවක්ද තමන් සූදානම් කළ බවයි.


ද ටයිම්ස් පුවත්පතේ උපුටා ගැනීම

- ඉතා ඉහළ නිලයක් හොඹවන තොරතුරු සපයන්නෙකු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ විකාශය කිරීමට නියමිත ඩිස්පැචර්ස් වැඩ සටහනට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියා ඇත්තේ 2018 වසරේදී ඉහළ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වන සුරේෂ් සලේ සහ අයි.එස් සංවිධානයට අනුබද්ධිත බෝම්බකරුවන් සමග ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමට සහ රාජපක්ෂවරුන් නැවත බලයට ගෙන ඒමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස්කිරීමේ අරමුණින් හමුවක් සංවිධානය කළ බවයි. මෙම තොරතුරු මූලාශ්‍රයට අනුව සුරේෂ් සලේ විසින් ඔහුට පවසා ඇත්තේ රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකාවේ අනාරක්ෂිත තත්ත්වයක් අවශ්‍ය අතර ගෝඨාභයට ජනාධිපති ධුරයට පත්වීමට ඇති එකම මාර්ගය එය බවයි. හන්සීර් අසාද් මවුලානා නැමැති තොරතුරු හෙළිකරන්නාට අනුව මෙය දවසින් දෙකකින් සැලසුම් කළ එකක් නොවන අතර එය වසර දෙක තුනක් සැලසුම් කළ ප්‍රහාරයක්. මවුලානා පසුගිය වසරේ ශ්‍රී ලංකාවෙන් පලාගිය අතර ඔහුගේ ප්‍රකාශ එක්සත් ජාතින්ගේ සංවිධානයට හා යුරෝපා බුද්ධි අංශවලට ලබාදී තිබෙනවා. එම ආයතන ඔහුගේ ප්‍රකාශයන් විශ්වාසනීය ලෙස සලකා විමර්ශන ආරම්භකර තිබෙනවා.

ද ටයිම්ස් පුවත්පතේ උපුටා ගැනීම අවසන්


බෝම්බ ප්‍රහාරය එල්ලවූ දිනයේ සිදුවීමක්ද හන්සීර් අසාද් මව්ලානා අනාවරණය කර ඇතැයි, ද ටයිම්ස් වාර්තාවේ සඳහන් වේ.

190421200057 26 sri lanka blasts 04212019
ද ටයිම්ස් පුවත්පතේ උපුටා ගැනීම

- බෝම්බ ප්‍රහාරය සිදුවූ දින උදෑසන සලේ විසින් මව්ලානාට දුරකතන ඇමතුමක් ලබාදී ඇති අතර ඔහුගෙන් ඉල්ලා තිබෙන්නේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයට ගොස් බෝම්බකරුවෙකු රැගෙන එන ලෙසයි. නමුත් ඔහුට එය සිදු කිරීමට හැකියාවක් තිබුනේ නැහැ. සීසීටීවී දර්ශනවලට අනුව ඉන්දියාවට සම්බන්ධ මෙම හෝටලය ඇතුළත සිටි බෝම්බකරුට දුරකතන ඇමතුමක් ලැබෙන ආකාරයත් පසුව ඔහු හදිසියේ පිටව යන ආකාරයත් දර්ශනය වනවා. පැය කිහිපයකට පසුව කොළඹ පිහිටි තවත් කුඩා හෝටලයක් තුළදී ඔහු බෝම්බය පුපුරුවා ගනු ලබනවා.

ද ටයිම්ස් පුවත්පතේ උපුටා ගැනීම අවසන්

Screenshot 2023 09 05 at 8.57.51 AM                                                  හන්සීර් අසාද් මවුලානා

තවත් වැදගත් තොරතුරු හෙලිදරව් කරන්නෙකු යොදා ගනිමින් චැනල් ෆෝ සිය වාර්තා වැඩ සටහනින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව කරුණු අනාවරණය කරන බව ද ටයිම්ස් පුවත්පත පවසයි.

ද ටයිම්ස් පුවත්පතේ උපුටා ගැනීම

''නිර්නාමික ඉහළ රාජ්‍ය නිලධාරියෙකු වන දෙවන තොරතුරු හෙලිදරව් කරන්නා මව්ලානාගේ ප්‍රකාශ සනාථ කරන අතර හමුදා බුද්ධි අංශ විසින් ප්‍රහාර එල්ල කිරීමට පෙර සහ ඉන් පසුව පොලීසිය සිදුකල විමර්ශනවලට දිගින් දිගටම බාධා එල්ලකල බව ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ 2019 දී බලයට පත්වීමෙන් පසුව මෙම විමර්ශනයට සම්බන්ධ සියලුම නිලධාරීන් මාරුකර යැවූ අතර ඒ හරහා සම්පූර්ණ විමර්ශනය කඩාකප්පල්වූ බවයි.''


ද ටයිම්ස් පුවත්පතේ උපුටා ගැනීම

මෙම බෝම්බ ප්‍රහාරයට පෙර පොලීසිය කළ විමර්ශන කටයුතුවලදී සහරාන් ඇතුලු කණ්ඩායම වෙත අවධානය යොමුවීම වැළැක්වීම සඳහා හමුදා බුද්ධි අංශ වැරදි තොරතුරු ලබාදුන් බවට ලිපි ලේඛන චැනල් ෆෝ සතුව ඇතැයි ද, ටයිම්ස් පුවත්පත පවසයි.

එම පුවත්පත පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මාස 6 ක් ඉක්මගිය පසුව සුරේෂ් සලේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස පත්කළ බවයි.


image 44189afab9                                         බුද්ධි ප්‍රධානි මේජර් ජෙනරල් සුරේස් සලේ


මේ අතර වත්මන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන මේජර් ජෙනරල් සුරේස් සලේ චැනල් ෆෝ වෙත ලිපි ගොනු ඉදිරිපත් කරමින් තමන් මෙම කාලසීමාවේ ශ්‍රී ලංකාවේ රැදී නොසිටි බව දැනුම්දී ඇතැයි ශ්‍රී ලංකාවේ ඩේලි මිරර් පුවත්පත ඊයේ (04) වාර්තා කළේ ය.

එම වාර්තාවේ සඳහන් වූයේ ඔහුගේ මෙම ප්‍රතිචාරයෙන් පසුව චැනල් ෆෝ නාලිකාව මෙම වාර්තා වැඩසටහනේ නම වෙනස්කර අද (05) විකාශය කිරීමට සූදානම් වන බවයි.

මේ අතර චැනල් ෆෝ නාලිකාව මෙම චෝදනා පිළිබදව රජපක්ෂ පවුලෙන් සහ පිල්ලෙයාන්ගෙන් විමසීමක් කර ඇතත් තවමත් ඊට ප්‍රතිචාර ලැබී නැතැයි ද, ටයිම්ස් පුවත්පත වාර්තාකර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර විදේශිකයින් 43 දෙනෙකු සිටි අතර ඩෙන්මාර්ක් ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ඇන්ඩර්ස් හොල්ක් පෝල්සන්ගේ දරුවන් සිව් දෙනාගෙන් තිදෙනෙකුද ඒ අතර විය.

ඒසොස් නමැති ජාත්‍යන්තර ඇඟලුම් ව්‍යාපාර ජාලයේ විශාලතම කොටස්හිමියා වන ඔහු බ්‍රිතාන්‍යයේ විශාලතම පුද්ගලික ඉඩම් හිමිකරුවායි.


"චැනල් ෆෝ"


බ්‍රිතාන්‍යයේ "චැනල් ෆෝ" නාළිකාව මෙරට තුළ ප්‍රසිද්ධියට පත්වූයේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බව අනාවරණය කරමින් මතභේදාත්මක වීඩියෝ පට කිහිපයක් විකාශය කිරීමත් සමඟය.

යුද්ධය නිමාකළ පසුව චැනල් ෆෝ" නාළිකාව නිර්මාණය කළ ''ශ්‍රී ලංකාස් කිලින් ෆීල්ඩ්ස්''  නම් මතභේදකාරී වීඩියෝපටයේ ඇතුළත් කරුණු එවක රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය.

 නමුත්, ජීවිතාරක්ෂාව පතා ශ්‍රී ලංකාවෙන් පළාගොස් විදෙස් රටවල දේශපාලන රැකවරණ පැතු පුද්ගලයන් උපුටා දක්වන වීඩියෝ පට කිහිපයක්ම විකාශය කරමින් මෙරට යුධ අපරාධ සිදුව ඇතැයි චැනල් ෆෝ නාලිකාව අනාවරණය කළේය.

යළිත් වරක් බ්‍රිතාන්‍යයේ "චැනල් ෆෝ" නාළිකාව කරළියට පිවිසනේනේ ශ්‍රී ලංකාව පිළිබඳ තවත් මතභේදකාරී වීඩියෝපටයක් අද දිනයේ විකාශය කරන බව නිවේදනය කිරීමත් සමඟ ය.


Rajapaksa officials ‘linked to Easter Sunday Sri Lanka bombs’


සබැඳි පුවත් :


ආයේ ආයෙත් මුණගැසෙන රහස්....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

'තමන්ටත් දරුවන්ටත් විශාල තර්ජනයක්' - බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ

රාජපක්ෂගේ නිලධාරීන් ‘පාස්කු ඉරිදා බෝම්බවලට සම්බන්ධයි’ - එංගලන්තයේ 'ද ටයිම්ස්'


පාස්කු බෝම්බයේ සැඟවූ රහස් : කවුද මේ අබුහින්ද්, පොඩි සහරාන්, සහ ජමීල් - (පළමු කොටස) 

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය: චැනල් 4 ආන්දෝලනාත්මක වීඩියෝව සැප්. 5 එලියට !

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image