The Leader News
BREAKING
කොළඹට බැවේරියානු රස රැගෙන එන ඔක්ටෝබර්ෆෙස්ට් සැණකෙළිය●විදේශිකයින්ට බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමේ වීසා මාර්ග අවහිර වෙයි●ලංකා ලේඛක සංගමයේ 'රසික පර්ෂදය' හමුව●තේ අපනයන ඩොලර් ආදායම පහළට: වෙළඳපොළ අර්බුදයක පෙරනිමිති●නොරොච්චෝලේ දින ගණනකට ඇනහිටියි: විදුලි අර්බුදයක් මතුවේද?●කථානායකට එරෙහි විශ්වාසභංගය: තාක්ෂණික ගැටලු මැද විවාදය කල්යයි●අපේක්ෂා රෝහලේ පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර ප්‍රසම්පාදනය ගැන විමර්ශනයක්●උතුරු නැගෙනහිර අක්කර දෙලක්ෂයක් මුදා හැරීමට 'කඩිනමින්' කැබිනට් පත්‍රිකාවක්●වරාය ලොජිස්ටික්ස් ව්‍යාපෘතිය බිඳවැටෙයි: බදු මුදලින් ඩොලර් මිලියන 22ක් වන්දි●මිහින්තලා පුදබිමේදී රනිල් හෙළි කළ ථෙරවාද ආර්ථික දැක්ම●
Top Ad
පුවත්

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ නඩුවේ සාක්ෂි විභාගයේදී අද සිදුවුයේ කුමක් ද?

T

The Leader Desk

October 10, 2023 • 4:11 PM

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ නඩුවේ සාක්ෂි විභාගයේදී අද සිදුවුයේ කුමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන්ට යුක්තිය ඉටු කිරීම සිය අරමුණ බව නීතිපතිවරයා අද (ඔක්තොම්බර් 10 වැනිදා) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ප්‍රකාශ කළේය.
  • නඩුව කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විත්තිකරුවන් 24 දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
  • එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ 2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ස්ථාන අටකදී එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විත්තිකරුවන් 25 දෙනකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කිරීමට පියවර ගත් බවයි.
  • මෙරට ඉතිහාසයේ වැඩිම චෝදනා සංඛ්‍යාවක් ඇතුළත් නඩුව නඩුවේ 17 වන විත්තිකරු මිය ගොස් ඇති අතර ඒ අනුව විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වෙන බවත් මෙම නඩුව මෙරට වැඩිම චෝදනා සංඛ්‍යාවක් ඇතුළත් නඩුව වශයෙන් වාර්තා ගත වන බවත් ඇය සඳහන් කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):

සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන්ට යුක්තිය ඉටු කිරීම සිය අරමුණ බව නීතිපතිවරයා අද (ඔක්තොම්බර් 10 වැනිදා) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ප්‍රකාශ කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීමට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23270 යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මේ බව කියා සිටියාය.

නඩුව කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විත්තිකරුවන් 24 දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

නඩු විභාගය ආරම්භ කිරීමට පෙර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර අධිකරණය හමුවේ දේශනයක් ඉදිරිපත් කළාය.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ 2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ස්ථාන අටකදී එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විත්තිකරුවන් 25 දෙනකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කිරීමට පියවර ගත් බවයි.



මෙරට ඉතිහාසයේ වැඩිම චෝදනා සංඛ්‍යාවක් ඇතුළත් නඩුව

xcfgeryt5

නඩුවේ 17 වන විත්තිකරු මිය ගොස් ඇති අතර ඒ අනුව විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වෙන බවත් මෙම නඩුව මෙරට වැඩිම චෝදනා සංඛ්‍යාවක් ඇතුළත් නඩුව වශයෙන් වාර්තා ගත වන බවත් ඇය සඳහන් කළාය.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූවන්ට යුක්තිය ඉටු කිරීම අපගේ අරමුණ බවත් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය, මෙම නඩුව තුළින් ඉස්ලාමීය අන්තවාදය ව්‍යාප්ත වී ඇති ආකාරය, කණ්ඩායම් වශයෙන් එම කටයුතු සංවිධානය වූ ආකාරය සහ පුපුරණ ද්‍රව්‍ය රැස් කළ ආකාරය ඇතුළු සිද්ධි සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව පැවසුවාය.

මෙම චෝදනා ඔප්පු කිරීම සඳහා සීසීටීවී දර්ශන ඇතුළු පරිවේශනීය සාක්ෂි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය කියා සිටියාය.

sdft345

ඉන් අනතුරුව අදාළ බෝම්බ ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේ ආහාරපාන අංශයේ සේවය කළ අසංකා හංසමාලි නැමැති නිලධාරිනියක සාක්ෂි ලබා දුන්නාය. ඇය ප්‍රකාශ කළේ පිපිරීම සිදු වූ දා පෙරවරු 6ට පමණ තමා ෂැංග්‍රිලා හෝටලයේ ඇති අවන්හලට සේවයට වාර්තා කළ බවයි.

එදින "ඊස්ටර් බ්‍රන්ච්" යනුවෙන් විදේශිකයින් සඳහා විශේෂ ආහාර වේලක් සංවිධානය කර තිබූ බවත් ඇය සාක්ෂි දෙමින් කියා සිටියාය. තමා අමුත්තන් කැඳවාගෙන ගොස් අදාළ ස්ථානවල වාඩි කරන අවස්ථාවේදී අවන්හලේ සී සහ ඩී කොටස් අතර පළමුවන බෝම්බ පිපිරීම සිදු වූ බවත් ඇය පැවසුවාය.

එම පිපිරීම සිදු වූ අවස්ථාවේ අවන්හල තුළ දැඩි අන්ධකාර ස්වභාවයක් හට ගත් බවත් ඉන් පසු තමා සී කොටස කරා ඇදී යද්දී දෙවන බෝම්බය පිපිරී ගිය බව ද ඇය කියා සිටියාය. පසුව එම ස්ථානයේ මස් කැබලි, අත් සහ පාදවල කැබලි විසිරී තිබෙන ආකාරයක් තමා දුටු බව ද ඇය සඳහන් කළාය. මෙම පිපිරීම් වලින් තම හිසට තුවාල වූ අතර තමා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ගත් බවත් ඇය පැවසුවාය.

ඉන්පසුව විමර්ශන නිලධාරීන් පැමිණ තමන්ගේ ප්‍රකාශයක් සටහන් කරගත් බවත් ඡායාරූප දෙකක් පෙන්වා ඔවුන්ගේ අනන්‍යතාවය පිළිබඳව ප්‍රශ්න කළ බව කී සාක්ෂිකාරිය එහි එක් පුද්ගලයෙකු සහරාන් බවත් කියා සිටියාය.

සහරාන් නැමැත්තා පිපිරීම සිදුවීමට පෙර තමා අසලින් ගමන් ගත් ආකාරය තමන් දුටු බවත් ඇය සදහන් කළාය.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විමසීම හෙට (11) දින තෙක් කල් තැබුණි.

cfher6ye5

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් යටතේ නවුෆර් මව්ලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන්,හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනු කරනු ලැබ තිබේ.

මෙම නඩුව 2021 වසරේ අගෝස්තු මස 10 දා ගොනු කෙරුණු අතර එහි සාක්ෂි විභාගය අද දින මෙලෙස ආරම්භ කෙරිණි.

(BBC සිංහල සේවය)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...